ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ වත්මන් නායකත්වය සමග එක්ව කටයුතු නොකරන්නේ විවිධ වංචා දූෂණ සම්බන්ධයෙන් චෝදනා ඇති අය බවත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා එවැනි අයට අවස්ථාව නොදෙන බව දන්නා නිසා ඔවුන් නායකත්වය සමග එක්නොවී සිටීමට උත්සාහ ගන්නා බවත් බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවප‍්‍රිය මහතා පැවසීය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට ඉතිහාසයේ සිටම විපක්‍ෂයේ සිටින අවස්ථාවල නිහඬව සිටීමේ හැකියාවක් නොතිබූ බව කී ප‍්‍රධාන අමාත්‍යවරයා ඔහු වර්තමානයේත් එලෙසින්ම කටයුතු කරන බවත් එය කිසිලෙසකින්වත් පක්‍ෂයට හානියක් නොවන බවත් කීවේය.
මේ වන විට ඉතා සුළු පිරිසක් හැර පක්‍ෂයේ බහුතරය වත්මන් නායකත්වය වටා පෙළ ගැසෙමින් සිටින බව ද කී ඉසුර දේවප‍්‍රිය මහතා පක්‍ෂය කැඞී වෙන්වීමේ අවදානමක් මේ වන විට නැතැයි ද කියා සිටියේය.
ඉසුර දේවප‍්‍රිය මහතා මේ බව පැවසුවේ කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (23) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
මෙහිදී අදහස් දැක් වූ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මනූෂ නානායක්කාර මහතා ද පැවසුවේ සන්ධානය තුළ වර්තමානයේ ඇති වී ඇති යම් යම් අර්බුද ඉක්මනින්ම විසඳෙනු ඇති බවයි.
මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්න හා ඒවාට ලැබුණු පිළිතුරු මෙසේය.
ප‍්‍රශ්නය
පක්‍ෂයේ නොවන රැස්වීම්වලට යාම විනය කැඞීමක් කියා තිබෙනවා. ඉතින් මේ ගිය අයට එරෙහි ක‍්‍රියාමාර්ග නොගන්නේ ඇයි?
ඉසුර දේවප‍්‍රිය මහතා
ගියේ දිගටම ගිය අයයි. අලූත් කණ්ඩායමක් එකතු වුණේ නැහැ.
ප‍්‍රශ්නය
ඒ අය පක්‍ෂයට ආදරේ නම් වෙනම කටයුතු කරන්නේ ඇයි?
ඉසුර දේවප‍්‍රිය මහතා
මහින්ද රාජපක්‍ෂ මහත්තයට එදා සිටම විපක්‍ෂයේ ඉද්දී නිකං ඉන්න බෑ. ඒ කාලයේත් මිනිස් දම්වැල්, ශබ්ද පූජා ආදිය කළා. අදත් එතුමා ක‍්‍රියාකාරී දේශපාලනයේ ඉන්නවා. එතුමා දීර්ඝ කාලයක් අනුගමනය කළ ක‍්‍රියා පිළිවෙල කරගෙන යනවා. ඒක අපේ පක්‍ෂයට හානියක් නෙවෙයි. එතුමා අපේ පක්‍ෂයේ අනුශාසකතුමා.
- ප‍්‍රශ්නය
එහෙනම් මේ කරන්නේ පක්‍ෂයේ ගේම් එකක්ද?
- ඉසුර දේවප‍්‍රිය මහතා
මේවා ජනාධිපතිතුමා හා හිටපු ජනාධිපතිතුමා කතා කරලා කරන දේවල් නෙවෙයි. ඒ මහින්ද මහත්තයාගේ හැටි.
- ප‍්‍රශ්නය
මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපතිතුමාගෙන් ආණ්ඩුවත් ඉල්ලූවා නේද?
- ඉසුර දේවප‍්‍රිය මහතා
දේශපාලනයේ එහෙම චූන් කතා තියෙනවා. ඒවා ගණන් ගන්න එපා.
- ප‍්‍රශ්නය
එක්සත් ජාතික පක්‍ෂයේ අය ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය විවේචනය කරන්නේ නැහැ. ඒත් ඔබතුමාලා එ.ජා.පය විවේචනය කරනවා. එය සදාචාරාත්මකද?
- ඉසුර දේවප‍්‍රිය මහතාෙ
දේශපාලනයේදී සදාචාරයක් මතුවෙන්න බැහැ.
- ප‍්‍රශ්නය
එදා හදිසි මැතිවරණයකට ගිය නිසා නේද මේ දේ වුණේ?
- ඉසුර දේවප‍්‍රිය මහතා
ඔව්. නැත්නම් තවමත් අපේ බලය තිබෙනවා. ඒත් එය පක්‍ෂ නායකත්වය ගත් තීන්දුව. ඒත් එහෙම නොවුණා නම් මට මහ ඇමතිකම ලැබෙන්නේ නැහැ. පසුගිය කාලයේදී වෙලාව හොඳම මගේ සහ ජනාධිපතිතුමාගේයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රසන්න රණතුංග වගේ කොන්ද කෙලින් තියන් හිටපු නායකයෙක් හිටපු බස්නාහිර පළාතට දැන් ඉන්නෙ මහ විහිලු කාරයෙක්නෙ. ඒකත් හරි ඉතින් රටටම ඉන්න අනිත් නායකයන් දැක්කම...(අ)
ඉසුර දේවප‍්‍රිය මහත්තයෝ දේශපාලනයේදී සදාචාරයක් මතුවෙන්න බැහැ. ඔන්න මිනිස්සුන්ගේ තරම.
රැස්වීම් තිබ්බට කමක් නැහැ. උසාවිය තියෙන්නේ නඩුවලිදී ඇත්ත කියන්න (අ)
දැන් පක්ෂය විතරක් නොව්ය් අපේ පස්සත් කැඩිලා (අ)
බස්නාහිර පළාතේ අපිට ලැජ්ජයි. (බ)
ඔය කියන පක්ෂය දැන් තියෙන්නේ සිරිකොතේ බිම් මහලේ නේද. මොකද 1 වෙනි තට්ටුවේ තියෙන්නේ ඒ ජා ප ය.. පව් කියලත් හිතෙනවා ඔහෙලා ගැන මේවා ඇහුවම. (බ)
බස්නාහිර පලාතේ වෙලත් මමනම් මෙහෙම හාදයෙක් ඉන්නවා කියලා දැනගත්තෙත් මහ ඇමති වුනාට පස්සෙයි.. 17 රැලියෙන් පස්සෙ මෛත්‍රීවාදී පිලේ රැස් බැහැලා වගෙ.. ශ්‍රීලනිප පාක්ශිකයො වුනත් අපිට දැන් ශ්‍රීලනිපය අප්‍රියයි..(බ)
මේ කෙනා කවුද කියලා අපිනම් දන්නෑ. ඒත් මෛත්‍රීපාලට මොකද්ද කරන්න පුළුවන්. (බ)
""දේශපාලනයේදී සදාචාරයක් මතුවෙන්න බැහැ". ඔන්න ඕක තමයි සකලවිධ දේශපාලනඥයින්ගෙන් අපට ගන්න තියෙන පාඩම. තව අපි එකතු කරන්නම් හොඳටම ගැලපෙන කෑල්ලක්. ""දේශපාලනයේදී ලැජ්ජාවක් ඇත්තෙම නැහැ"" (කෞ)
කුඩු කාරයෝ එතනෝල් කාරයෝ රේස් බුකි කාරයෝ කොහෙද දැන් නැහැ දැන් ඉන්නේ?(කෞ)
නිල පක්ෂය හා ජනතාවගේ පක්ෂය අතර ගැටුමක් (බ)
මනූෂ නානායක්කාර ගාල්ලෙන් ඡන්දෙ ඉල්ලෙුවේ මහින්ද ලකුණ කියල, අනේද කියන්නේ (බ)
මහින්ද ලකුණෙන් ඇවිල්ලා මහින්ද ලකුණේ ඡන්ද වලින් ලැබෙන ලිස්ට් එකෙන් ඇවිල්ලා මෙතන සමහරු කතාකරන්නේ ජනතාවගේ හදවතට නොවේ. (නි)
සමහරු බලය රැකගන්න දඟලන දැඟලිල්ලක්! (නි)
කියන එක කතාවක් නම් ඇත්ත. පහුගිය කාලේ ජනතාවගේ තමයි වෙලාව නරක් වුණේ (නි)
බුරියට ඔච්චර බයනම් වෙන මොනවහරි දැක්කොත් මහා ඇමති කලන්තේ දාල වැටෙයි (බ)