
(අංජුල මහික වීරරත්න)
ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරමින් "පුළුවන් ශ්‍රී ලංකා” සම්මුතියට පක්ෂ හා සන්ධාන 34ක් මීට සුළු මොහොතකට පෙර බත්තරමුල්ල වෝටස් එජ් හෝටලයේ දී අත්සන් තැබීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, සමගි ජන බලවේගය ඇතුළු පක්ෂ රැසක නියෝජිතයෝ මෙම ගිවිසුම් අත්සන් කිරීමට සහභාගී වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොන් ආතල් .සමහර පක්ෂ වලට ඉන්නෙ සභාපති ලේකම් භාණ්ඩාගාරික විතරයි. උදාහරනෙකට නිමල් සිරිපාල. පොහොට්ටුවෙත් ඉන්නවා ,පොදු ජන එක්සත් පෙරමුනෙත් ඉන්නවා, ශ්‍රීලංකා නිදහස් පක්ෂෙත් ඉන්නවා, එක්සත් ජනතා නිදහස් සන්ධානෙත් ඉන්නවා.
හොරු ඔක්කොම එකතුවෙලා ,ආතල් ගොඩයි .ඕකට කමක් නැහැ .මේ පාර අපි අනුරට .NPP ජයවේවා
හැබැයි ලබන පාර ඔයා npp නෙමෙයි කියලා මම කැට තියලා කියනවා.
පහුගිය අවුරුදු 20ක් විතර තිබුණු ආණ්ඩු හැම එකේම රාජිත, නිමල් සිරිපාල, බන්දුල, විජේදාස, අමරවීර, හකීම්, තොණ්ඩමන්ලා ඇමැතිවරු... මොවුන් එහෙට මෙහෙට පැනලා ගිවිසුම් ගැහුවාට ආයේ මේ රටේ මිනිස්සු රැවටෙන්නේ නෑ...!
හොරු සමග ඩීල් ගිවිසුම් ගහන කාටවත් මෙදා පාර මිනිස්සු ඡන්දේ දෙන්නේ නෑ...
මේ පොහොට්ටු, යූඇන්පී, සජබ යන මේ සකලවිධ එහාට මෙහාට පනින හොරුන්ගේ රට වනසන මහ සාපයෙන් මේ රට බේරාගැනීම වෙනුවෙන් මේ තීරාණාත්මක මොහොතේ ඇති පිළිගතහැකි විශ්වාසවන්ත එකම දේශපාලන ව්‍යාපාරය ජාතික ජනබලවේගයෙ බවට දිනෙන් දිනම තහවුරු වෙමින් තිබෙන බව සැකයක් නැතුවම ජනතාටව පෙනී යනවා නේද?
එකම පක්ෂයේ එවුන් ඇමැතිකමයි, රාජ්‍ය ඇමැතිකමයි අතර ගහමරා ගත්තා. මට හොඳ ඇමැතිකමක් ලැබුණේ නෑ කියලා මරාගන්නවා. බලය ගන්න බලාගෙන හවුල්වෙලා පහුවදා ඉඳලාම ගහ මරා ගන්න පටන් ගන්නේ රට ගොඩ ගන්න නොවෙයි. හොඳින් හම්බ කරගන්න පුළුවන් අමාත්‍යංශයක් ගන්න. කණ්ඩායම් 34 ක් ගහ මරා ගන්නකොට කොහේ හරි රටක් මේක අල්ලා ගන්නවා. ඔය හවුලේ කැඳ බෙදාගන්න ගියාම මහ කෙනා කරන්නේ තියෙන එව්වා විකුණලා තව තව ණය වෙලා එක එකා සතුටු කරන්න සල්ලි හොයන්න වෙනවා. එහෙම නොවුණොත් ආණ්ඩු කඩා වැටෙනවා. ඒ අතර අන්තවාදී, ජාතිවාදී කණ්ඩායම් මස් රාත්තලම ගන්නවා. නැවත අවුල් ජාලයක් වෙනවා. ඒ නිසා තමයි පැරැන්නෝ කිව්වේ හවුලේ කැඳත් එපා කියලා...
ගිවිසුමේ ඇපේ මහජන මුදල්...
ගොඩක් පක්ෂ ත්‍රිවීල් පක්ෂ...
සහාය රනිල්ට... මනාපේ මාළිමාවට. එහෙම නූනොත් ජනතාවගේ අවාසනාව... වසර 76 ක් පුරාවටම බලලෝභී, බඩගෝස්තරවාදී, දූශිත දේශපාලුවන් කෙරුවේ, ඔවුන්ගේ පැවැත්ම වෙනුවෙන් ජනතාව රවට්ටපු එකයි.
මේ පාරත් ලංකාවේ සෙට් එකක් තව ගෝඨා කෙනෙක් ගෙනෙයි වගේ...
මොවුන් ගිවිසුම් ගහන්නේ ඔවුන්ගේ වාසියට... අපි අද ජීවත් වෙන්නේ මොන අමාරුවෙන්ද? මේ අයට තවත් ඡන්දෙ දීලා බඩගින්නේ ඉන්නවද?