පක්ෂ මාරු කිරීම සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාට දතක් ගලවනවාට වඩා ලේසි වැඩක් යැයි ඩලස් අලහප්පෙරුම මහතා අද විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
දේශපාලනයට පැමිණිදා සිට අද වනතුරු ඔහු 9 වරක් පක්ෂ මාරු කර ඇතැයිද, ලංකා සම සමාජ පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, මහජන පක්ෂය, බහුජන නිදහස් පෙරමුණ යන පක්ෂ නියෝජනය කළ ඔහු නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත්, නැවත එක්සත් ජාතික පක්ෂයටත්, නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පැමිණ යළි එක්සත් ජාතික පක්ෂයට පැමිණ සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහරුන්ගේ නම් ගලවන්න දතකුත් නැහැනේ. (නි)
මහත්තයෝ වැදගත් වන්නේ පක්ෂයේ නෙවේ රට හා අරමුණයි (නදී)
ඒක එයාලා කරගනීවිනේ. අපිට මොකෝ? (නි)
ඔයා ගැන මේ සැරේ අපි තීරණයක් ගන්නම්කෝ (නි)
ඒක ඉතින් රාජිතගේ වැඩක්නේ! (නි)
අත්තෙන් අත්තට පනින කුරුල්ලා තෙමී නසී. (නි)
රාජිත විතරද මේ විදියට පක්ෂ මාරුකළ මෙරටේ එකම දේශපාලන චරිතය? ඩලස් අලහප්පෙරුමට ගණන් හදන්න හොඳට පුළුවන් වගෙයි.හැබැයි ඉතින් මේ විදියට අනුන්ගේ දත් ගැන කතාකරන අයගේ දත් වලට ළඟදීම මොනවා වේවිද කියන්න දැන් රාජකීය සාස්තරකරයෙක්වත් ළඟ පාතක නැහැනේ (නි)
ඔබතුමා හැමදාම ඔය පිලේම ඉන්න (නි)
දතක් ගැලෙව්වම ටික දවසක් යනකම් වේදනාවවත් තියෙනවා; ඒ වුනාට මෙයා නම් හැමදාම ගොඩ!(නදී)
ගිනස් වාර්තාවක් තියන්න වගෙයි යන්නේ (නි)
මේ සැරේ නම් වැරදි දතක් වගේ ගලවන්න යන්නේ. (නි)
දේශපාලනය හොදට දන්නා කෙනෙක්! (නදී)
කවුරුත් කටුස්සෝ වගේ තමයි මට නම් දැනෙන්නේ (නි)
ඔයාලා ඔක්කොම එකතුවෙලා ගළවන්නේ ජනතාවගේ දත්නේ! (නි)
දත් ගැලවීම කියන්නේ වැදගත් වෛද්‍ය වෘත්තියක්.එයට ගරහන්න එපා (නි)
හරියටම හරි කතාව! (නි)
බන්දුල මහත්තයා පිස්සු කතානේ කියන්නේ.දතක් ගලවන්න මොකටද දොස්තර කෙනෙක් වෙන්නේ?මමත් කීප දෙනෙක්ගේ දත් ගලවලා තියෙනවා. හැබැයි එකෙක් මගෙත් ගැලෙව්වා.කොහොම වුණත් රාජිත මහත්තයා අට වෙනිදා ගැලෙව්වේ වැරදි දතක්.ඒකෙ වේදනාව මිනිසුන්ට දැනේනේ දැන්.හිරි වැටිල්ල ගියාට පස්සේ.... (නි)
පිවිතුරු යහපාල තාමත් හොඳ හෝටලේකින් කාලා නැහැ වගේ. ඔහේගේ දත් සෙට් එකම මේ පාර ගැළවෙන එක නම් හොඳටම විශ්වාසයි (නි)
දත් ගලවනකොට හිරි වට්ටනවා වගේ පක්ෂ මාරුකරනකොටත් ඇඟ හිරි වැටෙනවාද? (නි)
එංගලන්තයේ මිනිස්සු වියදම අධික නිසා දැන් තමන්ගේම දත් තමන්ම ගලවා ගන්නවලු. (නි)
දත් ගලවන එකත් ලෙහෙසි වැඩක් නෙමෙයි ඔය හිතන තරම් (නි)
බලාගෙන ඉන්න ඩලස් මහත්තයෝ, මේ සැරේ රටට බරක් වූ ප්‍රධාන දතකුත් සමඟ අනෙක් නරක වූ දත් ටිකත් අපි ගලවලා දානවා (නි)
එහෙම අය යන එක කාටත් හොඳයි (නි)
මෙවැනි දේශපාලන විකටයන් ගැන ජනතාව හොඳින් දන්නවා. තවත් රාජපක්ෂට කඩේ යන මෙවැනි නරුමයන්ව මැතිවරණයේදී ජනතාව එළවා දමනවා සිකුරුයි. මෙවැනි කවටයන්ගේ වැඩ පසුගිය අවුරුදු 10 පුරාවට අපි දැක්කා (නදී)
" ඇත්තටම කාටද දැන් අපි ඡන්දය දෙන්නේ " මේ මහජනතාවගේ හඬයි. ජනාදිපතිතුමනි, ඔබේ රට වැසියා, ඔබ කෙරේ තැබූ විශ්වාසය පලුදු නොකර, පින්සිදුවෙයි රට බේරා ගන්න. ඔබ හරියට හිටියොත් ලක්ෂ 62 ක් නොවේ ලක්ෂ 100 කට එහා සුවර්. (නදී)
රාජිත සේනාරත්නට කියන්නේ ජම්පින් කියලා (නදී)
එසේ කිරීම එක අතකට වරදක් නැත. අදාළ පක්ෂයේ තීරණ වලට එකඟ නැතිනම් ඉවත් වී වෙනත් පක්ෂයට එකතු වුවාට කම් නැත. එකම පක්ෂයක් තුළ වී හරි හා වැරදි හැම දේටම එහෙයි කියන එහෙයියෙක් වෙනවාට වඩා එය නම්බුකාරය.(ම)
ආගම මාරු කරලා රට පනින එක තරම් අමාරු නැහැ කියල මට හිතෙන්නේ .ලක්ස 40ක් අරන් රට පනින එක අමාරුද! (ස)
වැල යන පැත්තට මැස්ස ගහන්න දන්නව වගේ (ම)
දැන් අපිට බලන්න ඉතුරු වෙලා තියෙන්නේ මිනිස්සු මේ වැරදි දත ගලවපු දොස්තරගේ දත් ඇන්දම ගලවලා 17 වෙනිදට අතට දෙන එක විතරයි ..(ම)
බයවෙන්න එපා රාජිත දිනනවා (නදී)
ජනවාරි 8 වෙනිදා ලොක්කගේ දත් ගලවපු හැටි සමහරුන්ට නම් තාම අමතකවෙලා නැහැ වගේ. (නි)
අත්තෙන් අත්තට පනින කුරුල්ලා තෙමී නහී කිව්වා වගේ, සමහරුන්ගේ දේශපාලන ජීවිතේ මෙතනින් ඉවරවෙයි වගේ. (නි)
ඔබතුම බයවෙන්න එපා අපි ජනතාව සමග එක්වෙලා ගෙම්බන්ව පරද්දනවා. ජනතාව අපි එක්කයි (නදී)
රාජිතගේ පක්ෂ මාරුව ගැන කියන්න ඔබ ප්‍රමාද වැඩියි සහෝදරයා. මොකද රාජිත ඔය කරණම් ගගහා මහින්ද ළඟත් පිනුම ගහනකොට ඒකට අත්පුඩි ගහපු අය කව්ද කියලා ඔයාගේ හිත දන්නවනේ. (නි)