(නිමල කොඩිතුවක්කු)
21 වන ව්‍යවස්ථා සංශෝධනය ඉදිරියට ගෙනයාමට කටයුතු කිරිම සදහා වහාම පක්ෂ නායක රැස්වීමක් කැදවන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කතානායකවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ.
මෙම රැස්වීමට නීතිපතිතුමා ඇතුළු එම දෙපාර්තමේන්තුවේ අත්‍යාවශ්‍ය නිලධාරීන් මෙන්ම නීතිකෙටුම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරින් ද කැඳවීමට පියවර ගන්නා මෙන් කථානායකවරයා වෙත අද (25) දිනයේ ලිපියක් යොමුකරමින් ඔහු මේ බව සඳහන් කරයි.
වර්තමානයේ රටේ උද්ගතව ඇති අභියෝගකාරි තත්වයට ව්‍යවස්ථාදායකයේ ඍජු මැදිහත්වීම වහාම සිදුකල යුත්තක් බැවින් රටේ ජනතාව ඉල්ලා සිටින ප්‍රධාන ප්‍රතිසංස්කරණ සදහා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරිම වැදගත් වුවක් බවත් එම ලිපියෙන් සඳහන් කරයි.
එමෙන්ම රට තුළ යහපත් පාලනයක් සහ විනිවිද පෙනෙන ක්‍රමවේද සදහා ද ව්‍යවස්ථා සංශෝධනයක් අත්‍යාවශ්‍ය වන බවත් එහි සඳහන් වේ.
මහනායක මාහිමිපාණන් වහන්සේලා, ශ්‍රී ලංකා නීතිඥ සංගමය, විද්වත් වෘත්තිකයින් නව පරපුරේ තරුණ තරුණියන්, ඇතුළු මුලු මහත් රටම ඉල්ලා සිටින්නේ වහාම රටට පිළිගත හැකි විසදුමක් සදහා පාර්ලිමේන්තුව ක්‍රියාකල යුතු බැවින් මේ මොහොතේ කථානායකවරයා ගන්නා තීරණ රටේ අනාගතය තීරණය වනු ඇති බවත් විපක්ෂනායකවරයා සඳහන් කරයි.
මෙය තව දුරටත් ප්‍රමාද කරලිමට හෝ සාකච්ඡා කරමින් සිටිමට කාලයක් නොවන බවත් මෙම ඉල්ලීමට කඩිනම් පිළිතුරක් අපේක්ෂා කරන බවත් විපක්ෂනායකවරයා සිය ලිපිය මගින් වැඩිදුරටත් ඉල්ලීමක් කරනු ලබයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා, අර නීතිපතිගෙන් අදහස් ගත්තොත් ඔයාලා විතරක් නෙමෙයි, රට වැසියාටත් අංගොඩ පිහිට තමයි...!
විපක්ෂ නායකතුමාගේ යෝජනාව ඉතාම හොඳයි. කිරිපිටි නැහැ. තෙල් නැහැ. ගෑස් නැහැ. සිමෙන්ති නැහැ. කරන්ට් කපනවා. අද මුළු රටම අකර්මණ්‍ය වෙලයි තියෙන්නේ. රටම මහා සාගතයකට ගෙනගිය රටේ මුදල් කළමනාකාරිත්වය කිසිම දෙයක් නොදන්නා අසාර්ථක රජය දැන්ම ඉල්ලා අස්වෙලා.. තවත් පව් නොදී ගෙදර යන්න. රටේම ජන ජීවිතය සම්පූර්ණයෙන්ම විනාශයි.
සැබෑ ප්‍රශ්න ගැන, විසඳුම් ගැන, ප්‍රතිපත්ති ගැන වචනයක් නොකියන අරුම පුදුම විපක්ෂ නායක. තවත් විශාල අනතුරක්...!
අලුත් ආණ්ඩුවකට අත දෙන හැම රටක්ම සූදානම්. රාජපක්ෂ හොරු ටික ගෙදර යවලා...
බලය ලබා ගන්නා ක්‍රමය ගැන පමණක් නොව, පළමුව මුදල් නාස්තිකරන හා මඩ ගැසීමට රැකවරණය සපයන පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද සම්පූර්ණයෙන්ම අහෝසි කරන්න. දෙවනුව කිසිම ආකාරයක ඉඩකඩම් ඇතුළු දේපල විදේශිකයින්ට හා විදේශිකයින්ට කොටස් හිමි ආයතන වලට විකිණීම හා පවතින ආණ්ඩුවක ධුර කාලයට වඩා වැඩි කාලයකට බදුදීම වළක්වන නීති ගේන්න... තුන්වනුව මහජන අරමුදලින් වැටුප් ලබන කිසිඳු සේවකයෙකුට වැඩ වර්ජන හා උද්ඝෝෂණ වල යෙදීම තහනම් කරන්න. හතරවනුව ඕනෑම වර්ගයක කලාකරුවන්, නීතීඥයින්, වෛද්‍යවරුන් ඇතුළු සියළුම පුද්ගලයින්ගේ හා සියළුම ආකාරයේ සංවිධාන හා පක්ෂවලද ආදායම විගණනය කිරීමට හා නියමිත බදු අයකර ගැනීමට දැඩි නීති සකසන්න. පස්වනුව පිනට රජයේ රැකියා දීම නවත්වා අවශ්‍ය පුරප්පාඩු සංඛ්‍යාවට පමණක් ඉහළම සුදුසුකම් ඇති අය විභාග වලින් පමණක් බඳවා ගන්න...!