විකල්ප ප්‍රතිපත්ති කෙන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්ෂ පාක්‍යසෝති සරවනමුත්තු පිළිබඳව වැරැදි වැටහීමක් ඇති වන අසත්‍ය ප්‍රවෘත්තියක් විකාශය කිරීම සම්බන්ධයෙන් ස්වාධින රූපවාහිනී ආයතනයට එරෙහිව 2014 වසරේදී මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කළ පැමිණිල්ල පිළිබඳව පූර්ණ විමර්ශනයක් කරන ලෙස බලධාරීන්ට නියෝග කරන්නයි ඉල්ලා ගොනු කළ පෙත්සමක් මාර්තු 27 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි.
අගවිනිසුරු කේ ශ්‍රී පවාන් මහතා අයත් නොවන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ එය කැඳවීමට නියම විය.
විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්ෂ කොටි සංවිධානයට සහාය දක්වන රැස්වීමක් අම්පාරේ පැවැත් වු බවට අසත්‍ය සහ පක්ෂග්‍රාහී ප්‍රවෘත්තියක් පළ කළ බවට එම පෙත්සම මගින් පැමිණිලි කැර තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගහ දන්නා අපිට මොන කොළද? හරි අහිංසක මහත්මයෙක්. (නි)
පාක්‍යසෝති කියන්නේ තම ජීවිතය පවා පරදුවට තබා ලංකාවේ මානව අයිතිවාසිකම් රකින්න වෙහෙසුන කෙනෙක්. රජයේ මාධ්‍ය මේ මහතාට හැකිතරම් මඩ ගැහුවා. මේවාට නිසි දඬුවම් දියයුතුයි. (නි)
නිපුන්, ඔයා දන්නේ මොනවද? (නි)
හැබැයි මේ මහතා ගැන හුඟක් දේවල් තියනවා කියන්ඩ. නඩුවක් යන නිසා නිහඬ වෙන්නම් (නදී)