ලන්ඩන් නුවර ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ ඒකාබද්ධ වෙසක් පොසොන් පිංකම පැවැත්විණි.
හිත මිත්‍රාදීන් සහ සද්ධාතිස්ස බෞද්ධ විහාරාධිපති අග්ගමහා පණ්ඩිත අතිපුජ්‍ය ගලයායේ පියදස්සි නාහිමියන්ගේ අනුසාශකත්වයෙන් සංවිධානය කරන ලද මෙම පිංකම සඳහා කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති මාදුළුවාවේ ශ්‍රී සෝභිත නාහිමි, කොළඹ ඇලන් මැතිණියාරාමාධිපති උඩුවේ ධම්මාලෝක හිමි, අකුරටියේ නන්ද හිමි, ආචාර්ය නාගොඩ අමරවංස හිමි, ජන්කුරාවෙල සිරිනිවාස හිමි, රේකඳහේනේ රත්නසිරි හිමියන් සහ උළුවිටිකේ බෝධිසීහ හිමියන් ශ්‍රී ලංකාවේසිට වැඩම කර සිටියහ.
එමෙන්ම මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝ නායක ලන්ඩන් බෞද්ධ විහාරාධිපති බෝගොඩ සීලවිමල නාහිමි ප්‍රධාන එංගලන්තයේ ශ්‍රී ලාංකික විහාරස්ථාන බොහෝ ගණනක් නියෝජනයකරමින් මහා සංඝරත්නය වැඩම කළහ.
බ්‍රෙන්ට් නගර ශාලාවේදී පැවති පිංකම ක්‍රීඩා කටයුතු භාර අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් දොස්තර ක්‍රිස් නෝනිස්, බ්‍රෙන්ට් නගරාධිපති කොල්වින් කොහෙන්, බාර්නට් නගරාධිපතිනි වෙන්ඩි ප්රෙන්ටිස්, හැරෝ නගරාධිපති මි සිම් ලායි සහ සහකාර ශ්‍රී ලංකා මහකොමසාරිස් නෙවිල් ද සිල්වා ආරාධිත අමුත්තන් ලෙස සහභාගීවුහ.
එදින පිංකමේ ප්‍රධාන ධර්මදේශනය පවත්වනලද්දේ අතිපුජ්‍ය මාදුළුවාවේ ශ්‍රී සෝභිත නාහිමියන් විසිනි. පුජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් විසින් බෝධි පුජාව පැවැත්වුහ.
ඔක්ස්ෆර්ඩ් සරසවියේ අචාර්ය සාරා ෂෝ විසින් "ආර්ය අෂ්ඨාංගික මාර්ග ඵලය පිලිබඳ අවබෝධය" යන මැයෙන් ප්‍රධාන දේශනය පවත්වුයේ ශ්‍රී ලංකාවේ සිට පැමිණ සිටි මහාචාර්ය මුදියන්සේ දිසානායකයන් විසින් ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නර්තන කණ්ඩායමේ දරු දැරියන් සහභාගිකරවාගනිමින් පුහුණු කරනලද "බුද්ධවන්දනා" නම්වූ නැටුම් සංදර්ශනයක් සහ නර්තන කණ්ඩායමේ ගුරුවරුන්වන ඒ.පී.අත්තනායක සහ පණ්ඩුක වික්‍රමරත්න පුහුණුකළ "වප් මඟුල් පෙළහර" නම් වූ නර්තන අංගයක් එදින වැඩසටහනට ඇතුලත්ව තිබුණි.
විශාරද අර්චනා දිසානායක විසින් පුහුණු කරන ලද ශ්‍රී සද්ධාතිස්ස සංගීත සිසුහු ඉදිරිපත් කළ භක්තිගීත සංදර්ශනයක්ද ඉදිරිපත් කළහ.
ශ්‍රී ලාංකික කළා සම්ප්‍රදායයන් ඉස්මතුවන අන්දමට පිංකම පැවැත්වූ නගර සභා ශාලාව සහ වේදිකාව ඉතාමත් අලංකාර අන්දමට නිර්මාණය කරන ලද්දේ ප්‍රවීණ කලාකරුවකුවන ජයරත්න බණ්ඩාර විසිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙසක් සහ පොසොන් වැනි උත්සව වලදී,නැටුම්,ගැයුම් සහ විනොදස්වාදී වැඩ නොකළ යුතු බව සැබෑය.මොකද බෞද්ධයන් තැන දිය යුත්තේ ප්‍රතිපත්තියට නිසාය.නමුත් ලන්ඩන් නුවර කිංස්බරි විහාරස්ථානය විසින් සංවිදානය කළ මෙම උත්සවයේදී, බුදු හිමියනට උපහාරයක් ලෙස ලාංකික සස්කෘතික අංගයන් එංගලන්තයේදී ප්‍රදර්ශනය විය. පිටරටකදී අපේ අංගයන් ප්‍රදර්ශනය කිරීමට අවස්තාවක් අඩු නිසා ඒ අතින් මෙම කර්තව්‍ය අගය කළ යුතුය.අපේ මිනිසුනට ඉන් ලැබුණු ආස්වාදය සහ මානසික සුවය අගය කළ යුතුය. (නි)
වෙසක් පෝය කියන්නේ නටල ගයලා විනෝද වෙන දවසක් නෙමේ. දැන් හැම දෙයක්ම වෙනස් වෙලා. වෙසක් පෝය සමරන්නේ මෙහෙමද? (අ)
මේ උත්සවය ගොඩක් ලස්සනට තිබුනා.මේ පන්සලට කියන්නේ කින්ස්බරි පන්සල කියලා. පුජ්‍ය ගලයායේ පියදස්සි නායක ස්වාමින් වහන්සේගේ මනා කැපවීමෙන් දායකයන්ගේ උත්සාහයෙන් ලස්සනට පැවැත්වුවා.මේ පන්සලෙන් විශාල සේවයක් මේ අවට බෞද්ධ ජනතාවට සිදුවෙනවා.සෑම මසකම ශීල ව්‍යාපාරද වෙසක් මස වෙසක් කූඩු ප්‍රදර්ශනයක්ද, ධර්ම දේශනාද, සෑම දිනකම සවස බෝධිපුජා, ගිලන්පස පුජා පවත්වන අතර ඉරුදින දහම් පාසැල මගින් මෙහෙ ජීවත්වන ළමයිනට හික්මීම,අපේ රටේ සංස්කෘතිය, සභ්‍යත්වය,බෞද්ධ ධර්මයෙන් උගන්වනවා.අපිට ගොඩක් සන්තෝෂයි.නායක ස්වාමින් වහන්සේට දීර්ගායුෂ ප්‍රාර්ථනා කරමි. (දී)
පිටරටක ඉදන් කරන මෙම සත්කාරයන් ඉතා අගය කලයුතුයි (අ)i
අනුරුද්ධ, ඔය ගොල්ල වගේ කට්ටිය නිසා තමා බුද්ධාගම ඔය තත්වයට වැටිලා තියෙන්නේ. සංස්කෘතිය අගය කරන්න ඕනේ නම් වෙනම දවසක් යොදාගන්න පුළුවන්නේ. අනික ඔය රටවල ඉන්න මිනිස්සුන්ට වෙසක් දවස සමරන්න ඕනේ කොහොමද කියලා දෙන්නේ වැරදි ආදර්ශයක්. එයිදී සිදු විය යුත්තේ කායික හා මානසික සංවරයට ඉඩ දීම මිසක විනෝදය නොවේ. පන්සල්වල හාමුදුරුවරුම මේවට උල්පන්දම් දෙන එක තමා පුදුමේ.(නදී)