පොලිසිය ලවා පිහුනුම් තටාකයේ වැලි ගෙඩ දා නොගත් බව රාජගිරිය පීකොක් මන්දිරියේ හිමිකරු කම්කරු පක්ෂයේ නායක හා හිටපු ව්‍යාපාරික ඒ. එස්.පී. ලියනගේ මහතා කියයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කේන්දරය අනූව වාස්තු විද්‍යාඥයන්ගේ උපදෙස් මත පීකොක් මන්දිරය ඉදිරිපිට තිබූ පිහිනුම් තටාකයට පිරි වූ මුහුඳු වැලි කියුබ් තිහකට අධික ප්‍රමාණයක් රජයේ වියදමින් ඉවත් කරවා ගැනීමට බැරි වුනා නේදැයි ඔහුගෙන් ඇසීය.
“මට එහෙම අවශ්‍යතාවයක් තිබුණා නම් මට සතයක්වත් වැය වෙන්නේ නැහැ. පොලිසිය පසුගිය සිකුරාදා (24) පරීක්ෂණ කළා.පැමිණි මොහොතේ සිට අවසානය දක්වා කම්කරු සේවකයන් මෙන්ම ජේ.සී.බී. යන්ත්‍රයට වගේම සෑම වියදමක්ම මා දැරුවා.ඒ සඳහා මට රුපියල් ලක්ෂයක් පමණ වැය වුණා.
අර වගේ අදහසක් මට තිබුණා නම් ඒ රුපියල් ලක්ෂයම මට ඉතුරුයි”
ප්‍ර: එබට මේ පිහිණුම් තටාකය සුබ ද? අසුබ ද?
පි: ප්‍රවීණ වාස්තු විද්‍යාඥයෙකුගේ උපදෙස් මත තමයි මම මෙමමන්දිරය ඉදි කළේ. නමුත් තටාකය ඉදි කළේ මගේ අදහසකට.
මහින්ද මහත්තයා වාස්තු විද්‍යාඥයන්ගේ උපදෙස් මත එහි වතුර ඉවත් කර වැලි පිරවීමෙන් පසු වතුරින් පිරී තිබූ දිගු කාලයට වඩා ගෙවුණු මාස කිහිපයේ එහි සුබ ඵල මට නොදැනුණා නොවේ.
ප්‍ර: පිහිණුම් තටාකයේ රත්තරං සහ මුදල් සඟවා ඇතැයි කියමින් මාධ්‍යෙයන් පීකොක් මන්දිරයට විශාල ප්‍රසිද්ධියක් නොමිලේම ලබා ගන්නේ ඒක හොඳ මිලකට විකුණාගන්නා අදහසින් කියලා ආරංචි.
පි: රත්තරන් සහ මුදල් පිහිණුම් තටාකයේ සඟවා ඇතැයි කීවේ මම නොවෙයි. මාධ්‍යයේ පතාක යෝදයෙක්. එය ඔහු කීවේ වරක් දෙවරක් නෙවෙයි.
එම කියමන මගේ සහ පවුලේ අයගේ සිත් තිගැස්සුවා, බියට පත් කළා. එකයි මම පොලිස්පතිතුමාගෙන් පරීක්ෂණයක් ඉල්ලා ලිඛිතව දැන්වූයේ
ඒ වගේම කියන්න ඕනා පීකොක් මන්දිරය කියලා ප්‍රසිද්ධ වුණා.හොඳ ගැනුම් කරුවෙක් ආවොත් ඒ ගැනත් හිතා බලනවා
ප්‍ර: කීයකට ද?
පි: කෝටි 45 කට.
ප්‍ර: ඔබ මාධ්‍ය සංදර්ශනයක්ද කළේ?
පි: මාධ්‍ය සංදර්ශන තියන්න ඕනා නම් වැලි ගොඩ දානවද? ඒකට මට හොඳ පසුබිමක් තියෙනවා.මම පක්ෂයක නායකයෙක්, හිටපු තානාපතිවරයෙක්, ඒ වගේම සාර්ථක ව්‍යාපාරිකයෙක්.
ප්‍ර: පිහිණුම් තටාකයේ වැලිත් ගොඩ දැම්මා. දැන් ඔබේ තීරනය මොකක්ද?
පි: මම බලාගෙන ඉන්නේ පොලිස්පතිතුමාගෙන් පිළිතුරක් ලැබෙනකම් ඇඟලි ගනිමින් ඉන්නවා. පිහිණුම් තටාකය ආයෙත් ඒ මුහුඳු වැලි වලින් පුරවන්න.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක ගන්න කෙනා අනුව හිතාගන්න පුළුවන් අත්තටම රත්තරන් හංගල තියෙනවද කියලා. (ර)
රුවනි ලංකාවේ ඉඩම් මිල ගණන් දන්නේ නැහැ වගේ. ලක්ෂ 50 ට ඔය හරියේ ඉඩම් ගන්න බැහැ. බැරි වෙලාවත් එහෙම දෙනවනම් ඔයාට කලින් මම ගන්නවා. අරගෙන ඉතුරු සල්ලි වලින් ලොකු දානයක් දෙනවා. (ර)
ඕක අපිට නම් වටින්නේ නැහැ. ඒ තත්ත්වයට මෙයාම පත්කර ගත්තා. දුකයි මොහු ගැන (නි)
ගොඩ දාගත් වැලි අතර රත්තරන් හෝ මුදල් එහෙම තිබුණා නම් මේ නිවාස නිකම්ම වගේ ගන්න තිබුණා. රුවනි ඔයාගේ අදහසට මමත් එකඟයි. හැබැයි කීයකට හරි මම ඔය ගොඩනැගිල්ල ගත්තොත් ඒකේ මම දාන්නේ බෙහෙත් ශාලාවක් නොවෙයි. යමක් කමක් කරගන්න ශක්තියක් නැති දේශපාලනයෙන් අබ්බගාත වෙලා ඉන්න අය වෙනුවෙන් වැඩිහිටි නිවසක් එහි ස්ථාපිත කරන්නයි මගේ අදහස. (නි)
මට සල්ලි තිබුණා නම් මම ගන්නවා (නි)
අර චීන කතාවේ වාගේ දෙවැනි වරට මොනවා පුරවයිද වැලි ඉවත්කළ මේ තටාකයේ? (නි)
ඕකෙ පුරවපු වැලි පෙනේරෙන් හලන්න මුදල් කොච්චර වැයවුණාද? අන්තිමට හම්බවුණේ මොකක්ද? (නි)
කෝටි 45ක්? අම්මෝ අපි කොහෙන්ද එච්චර හොයන්නේ? (නි)
මැති සබේට ගියානම්, එක මාසෙන් ගන්න තිබුනා.(හේ)
මේක මට නම් හිතට අල්ලන මන්දිරයක් නෙමෙයි. හිටපු ජනපති බේරුනේ පෙර පිනකට. (නි)
මේ සැරේ එයා ඕක ටොයිලට් වලකට හරවනවලු.(බ)
සමහරවිට තටාකයෙන් අඩි තුන හතරක් යටට වෙන්න මේ රත්තරන් වළලලා තියෙනවද දන්නේ නැහැනේ (නි)
මේකේ හොල්මන් තියෙනවා කියල මිනිස්සු කියනවා, ඇත්ත දන්නේ නෑ (ම)
නිර්මල ඔය ගැන මටත් හිතුනා. .ව අඩි තුන හතරක් යට තමයි රත්තරං සල්ලි වලලලා ඇත්තේ. නැත්තං ඕක වැඩකරන සේවකයොත් හොරාට හාරං යනවා. ලියනගේ මහත්තයා තටාකය අඩි තුන හතරක් යටට හාරල ජනතාවට පෙන්වන්න ඕකෙ කිසිවක් සඟවා නැතිබව. අපට සැකයි නැත්නම්.(ම)
එක වතාවක් පන්සලක අලි වලදමලද කියල හෙව්වා .අලි බෙටි ටිකක්වට තිබුනද. මෙහෙමත් මෝඩයෝ රජකරන රටක්. (ම)
අනේ මෙහෙමත් මෝඩ මිනිස්සු.මන්දිර නොදෙක්ක අයට මෙම පාලු අම්බලම හොදා.නොමිලේම ප්‍රසිද්ද වුනා.මගේ උපරිම ලන්සුව ලක්ෂ 50. බෙහෙත් ශාලාවක් දාන්න. (කෞ)
මන්දිරයක් කිවුවට මේ ගොඩනැගිල්ලේ කිසිම කලාත්මක භාවයක් නැහැ , අපේ පැත්තේ ඉන්න මාළු මුදලාලි කෙනෙකුටත් තිබෙනවා මේවගේ ගෙයක් , ඔහුටත් තිබෙනවා නාන තටාකයක් එකේ අල්ලලා තිබෙන්නේ මේවගේ සාමාන්‍ය පිගන් ගඩොල් නොවේ , හොඳ මොසැක් වර්ගයේ ලස්සන පිගන් ගඩොල් (කෞ)