ඉඩම් ව්‍යාපාරික ඒ.එස්.පී.ලියනගේ ගේ නාවල පීකොක් මන්දිරය (මයුරා මැදුර) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට නොලැබෙන ලකුණු පහළවී ඇතැයි දැනගන්නට ඇත.
නක්ෂත්‍රකරුවන්ගේ උපදෙස් අනුව ඉඩමේ වස්දොස් ඇරීම සඳහා ඔහුගේ මන්දිරය ඉදිරිපිට නාන තටාකයද මුහුදු වැලි දමා ගොඩකැරිණි. උළුවහුද වෙනස්කර බහිරව පූජාද පවත්වා අද හෙට එහි යෑමට හිටපු ජනපති සූදානමින් සිටි බව දැනගන්නට ඇත. කට වචනය අනුව එහි පදිංචියට යනවාට වඩා ගිවිසුමක් අත්සන් කර පදිංචිය බාරගැනීම ගැන ලියනගේ මහතා ඉදිරිපත් කළ යෝජනාවට හිටපු ජනපතිගෙන් ප්‍රතිචාරයක් ලැබී නැතැයි වාර්තාවේ.
මේ අතර ඒ.එස්.පී.ලියනගේ මහතා සඳුදා රහස් පොලිසියටද කැඳවා ඇත. පීකොක් මැදුර නොලැබුණහොත් රාජපක්ෂ මහතා කොළඹ නාරාහේන්පිට අභයාරාමයේ ශාලා පහසුකම් ප්‍රයෝජනයට ගනු ඇතැයි දැනගන්නට ඇත. පීකොක් මැදුරේ ප්‍රශ්නය ගැන ලියනගේ මහතා සම්බන්ධ කර ගැනීමට ගත් උත්සාහය අසාර්ථක විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔකොම කථා මහින්ද මතයට පමණි..අනිත් අය ඉන්නේ පැල්පත් වලද?? (බ)
පුරාණ සිරිත් නොසලකා බටහිරට ආවඩන අයට මේවා නොරුස්සන් නේ..(බ)
හැබැයි කිසිම ලියවිල්ලක් නැතිව දුන්නොත් දෙන්නම එකතුවෙලා හොර ඔප්පුවක් හදයි (බ)
"නොලැබුණහොත් රාජපක්ෂ මහතා කොළඹ නාරාහේන්පිට අභයාරාමයේ ශාලා පහසුකම් ප්‍රයෝජනයට ගනු ඇතැයි දැනගන්නට ඇත"අනේ මෙහෙම රගපෑමක්. (බ)
අනේ අපරාදේ පූල් එකට වැලිත් පිරෙව්වේ (බ)
මේ මැදුරේ වටිනාකම රු. ලක්ෂ හයදාහක් බව සදහන් වේ. ලියනගේ මහතා මෙය විකුණන්නට අදහස් කරගෙනයි ඉන්නේ. ඉතින් මහින්ද මහත්තයට ගන්න කීවානම් ඉවරනේ කතාව. රටක ජනාධිපති වෙලා ඉදලත් කොළඹින් ගෙයක් ගන්න බැරි වෙන්නේ නැහැනේ. මෙතුමා ගත්තේ නැත්නම් මට කියන්න මම ගන්නම්. (බ)
නිහාල් දවල් හීන දකිනවා.මහින්ද මහත්තයා කොච්චර රගපෑවත් අයෙමත් එන්නේ නැහැ. මොකද දකුණේ නියම සිංහලයෝ පැරදෙන්න කැමති නැහැ. (බ)
අනේ මෙහෙමත් අන්ධ භක්තික බෞද්ධයෝ ඉන්නා රටක්. (බ)
පිහිනුම් තටාකයෙන් යම් කිසි වාස්තුමය බලපෑමක් වෙන්නේ නම් වෙන්නේ එහි ඉදිකිරීම් සම්බන්ධයෙන් මිසක එහි පුරවා ඇති දෙයින් නොවේ. එහි ජලය හෝ වැලි පුරවා තිබීම දෙකම එක හා සමානය. ඒ නිසා එහි බලපෑම වෙනස් කිරීමට අවශ්‍ය නම් එය ෂෙල් එක පිටින්ම ඉවත් කල යුතුය. මෙය වැලි වලින් පුරවා වසා දැමීමෙන් කිසිම වෙනසක් ඇති නොවේ. ඒ නිසා ඒගැන තව වරක් සිතා බැලිය යුතුය.(බ)
මේ මන්දිරය ඇත්තේ සුප්‍රකට පාසලකට මුහුණලා. දැන් එතකොට එතනට යන එන උදවිය හැමදාම අධි ආරක්ෂක කලාපයේ ඉන්නවා වගේ . මේක මොන තරම් අසාධාරණද? (බ)
මන්දිරම ඕනද ඉන්න ,10 හිටිය මදිද (බ)
අපි කොළඹ කොටුවේ වැඩ කළ කාලයේ ජනාධිපති ආරක්ෂක සේවයේ උදවිය අපිට සැලකුවේ බෝම්බ බැඳගත් කොටිදෙනුන් පරික්ෂා කරන්න වගේ. එ්ක ඒ කාලයේ කමක් නැහැ කියමු . අයෙත් රාජගිරිය වගේ ජනාකීර්ණ පැත්තකට ගොඩ බැහැලා උදේ හවස පාරේ තදබදයක් ඇති කරන්න ඕන වෙලා වගේ. මම ඉන්නවා කියලා පෙන්නන්න පුදුම ආසාවක් (බ)
කාගේ කාගේ කිල්ලෝට වලත් හුණු තියෙනවලු. ලියනගේ මහත්තයත් ලේසි නැහැ. ලස්සනට ශේප් වෙලා තියෙනවනේ පහුගිය ටිකේ. (බ)
චතුරි,සුද්දාට ආවඩනවා වගෙයි .... ඔයාවත් සුද්දගේ රටේ ඉදගෙන ආගම ධර්මය පිළිපැදගෙන ඉන්නකෝ අඩුම ගානේ ඔයාවත් හැදෙයිනේ ලංකාවේ උදේ හවා දාන පිරිත් ගැන ඔයා දුක් වෙන්න එපා. (බ)
අහෝ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියනි ,එදා ජේ, අර, ජනපති යුගයේ පන්සලට බෝම්බ ගසද්දී, හෙදි වර්ජනය වෙලාවේ නොයෙකුත් තර්ජන එද්දී , පොලිසිය පන්සල ලේ විලක් කරද්දී ,රැකියාව.ජීවිතය ගැන නොබලා අපි සිටියේ අද පන්සල දේශපාලන කාර්යාලයක් කරන බව අසන්නටද/ දකින්නටද ?(බ)
ඉන්දික , තිරුපති වඳින අනෙකුත් වැදගතුන්ට අනුන්ගේ දේපල ගැන තණ්හාවක් නැහැනේ. සමහරුන්ට කොළඹ පරම්පරාගත මන්දිර . මේක එහෙමද? ළඟින් ගියොත් ඇහැක් නෑ! (බ)
අඩුපාඩුවක් අභයාරාමයේ නායක හාමුදුරුවන්ව රහස් පොලිසියට කැඳවල නැද්ද එතකොට. හිටපු ජනපතිට තියන බයක්. (බ)
දූෂන වංචාකරන අයට හැමදාම වස්දොස්.කණකොකා ලගම ගැවසෙනවා.මොනව කරන්නද,දැන් ඉතින් පැත්කටවෙලා පිනක් දහමක් කරගෙන,කරල තිබෙන දොස් දුරුකරගන්න බලමු නේද? (බ)
කට වචන වලට ගෙවල් වලට පදිංචියට යන්න දෙන වෙස්සන්තරලා නම් ලෝකේ කොහෙවත් නැහැ. ඔය කියන පරිත්‍යාගය ගැන අහද්දී ඉතින් අපිට කොහෙන් හිනා වන්නද කියල හිතා ගන්න බැහැ. කුලියට (පිනට) ඉන්න අයට නම් ගෙවල් වල උළුවහු මාරු කරන්නයි, පිහිනුම් තටාකයට වැලි පුරවන්නයි ගෙදර අයිති කාරයෝ ඉඩ දෙනවා නම් අයිතිකාරයා ගැන වෙනම වෛද්‍ය පරීක්ෂණයක් කරන්න ඕන. මේ කොලේ වහල ගහන මන්දිර තෑග්ග ගැන අහල, හිනාවෙලා වැඩිකමට අපේ ආච්චි කෙනෙකුගේ හුස්ම හිරවෙන්න ගිහින් බොහොම අමාරුවෙන් බේරා ගත්තේ. (බ)
ටියුෂන් මාස්ටර්ට ආර්ථික විශ්ලේෂණය දුන්නේ රුපියල් 2500න් මාසයක් ජීවත්වන හිටපු ඇමතිවරයෙක්ද දන්නේ නැහැ ? (බ)
අන්ධ භක්තික බාවය නිසාම , පාලනයත් අන්ධ භාවයෙන්ම කරලා , පැරදුනේ , බුදු බණ හරියට අවබෝධ කර ගත් කෙනෙකු මෙසේ අන්ධ බාවයෙන් කටයුතු කරන්නේ නැහැ (බ)
මෙයා මන්දිරය විකුණා ගන්න කරපු වැඩක් ද දන්නේ නැ නේද ? එකෙන් ඒ මන්දිරයට හොඳ ප්‍රසිද්ධියක් ලැබුනානේ (බ)
ලංකාවේ දේශපාලනය කරන්නේ නක්ෂත්‍රකරුවන්ගේ උපදෙස් අනුව නම් ජනතාට වෙන්නේ උඩ බලාගෙන කොදුරන්න තමයි මේ වගේ මිත්‍යා දෘෂ්ටිකයෝ පිස්සන් කොටුවට දක්කන්න ඕනි බොහොම ඉක්මනට. (බ)
මේකත් අනික්වා වගේම ඒඑස්පී ගේ බයිලයක් (බ)
ගරිල්ලා මාර්කටින්! (නි)
21 වන සියවසේ මෙහෙව් අන්ධ භක්තික රටේ පාලකධුරය හෙබවූවන් පාලන බලයෙන් ඉවත් කිරිමට ජනතාව කටයුතු කිරීම කොතරම් බුද්ධිමත් ක්‍රියාවක්ද යන්න වැටහෙන්නේ දැනුයි.තවමත් බලයට ඇති කෑදරකම ඇත හැරලා නැහැ.තවත් වලිකන්නේ තමන්ට අහිමිවූ බලය රැකගන්න.බුද්ධිමත් ජනතාව යලිත් හොද පිළිතුරක් දේවි? (බ)
ඔය හිටපු ජනාධිපතිතුමාට අයිති ගෙවල් කිහිපයක්ම කොළඹ තියෙද්දී ඇයි මේ කාගෙවත් මාළිඟා හොයන්නේ. (නි)
මොන කෝළම්ද ග්‍රහ පිස්සුව තාම ඉවර නෑ වගේ (බ)
මහින්ද පැරදුනේ, උතුරු,නැගෙනහිර සුළු ජාතින්, නිවාසවලින් එලියට ඇවිත් ඔහුට විරුද්දව ඡන්දෙ දුන්න නිසාය.ඔබාමා ජයග්‍රහණය කළෙත් සුළු ජාතින්ගේ ඡන්දයෙන්.මම මගේ නිවාස හැදුවේ සුප්‍රසිද්ධ සාස්තරකර්යේක්ගේ නැකත් අනුවය.ගෙට ගෙවදුනු දාසිට, මා කොට උඩය.(බ)
බල තන්හාවෙන් වියරු වැටුණු කෙනෙක් මිත්‍යා දෘෂ්ටිකත්වයට පත්වීම පුදුමයක් නොවෙයි.රටේ ඉන්න තරමක් මෝඞ මිත්‍යාදෘෂ්ටිකයන් අපේ රජතුමා කියා මෙයාවම පත්කරගන්න හදන්නෙ එකනේ. (බ)
නිකන් බොරුවට ගමේ බයියෝ කියනවා! මමනම් අහල නෑ ගමේ බයියෝ මාලිගා හොයන රටක්. බල තන්හාවට ගමට නිගා කරන්න එපා.!!!!!! (ස)
මෙහෙව් පුද්ගලයින් පාලන බලයෙන් ඉවත්කිරීමට ජනතාව කටයුතු කිරීම කොතරම් බුද්ධිමත් ක්‍රියාවක්ද යන්න වැටහෙන්නේ දැනුයි. (නි)
මෙවැනි මිත්යදෘෂ්ටිකයන් තමා අපේ සමහරක්ට ඕන. (ස)
මට නම් පෙන්නේ මහින්ද මහත්තයාව වට්ටන්න සිරා හා ඒ.එස්.පී සෙට් වෙලා කරන රගපැමක් වගේ. (ස)
අනේ කෙහෙල්මල් නැකත් විස්වාස කරලා අවුරුදු 2ක් ඉන්න තිබුන ජනදිපතිකම නැති කර ගත්ත දැන් ලැබෙන්න තියෙන ගෙයත් නැති කර ගන්න හදනවා අනේ මන් දැන් නෑ (ස)
ඔය මොනර මන්දිරය හිටපු ජනාධිපති තුමාට නොමිලේ පදින්ච්චියට දුන්නයි කියන එක විශ්වාස කරන අයවයි. මිට කාලෙකට කලින් රුපියල් කෝටි 60 කට විකුනන්න දාල තිබුන ඔය ගේ එකපාරටම ලොකු අනුකම්පාවක් ඇතිවෙලා නිකම්ම දීල එකත් මාරයි නේද?(ස)
මහින්දට වැඩිය අමාරුව තියෙන්නේ හාමුදුරුවන්ට ඒකනේ එයාව ආරක්ෂා කරන්න පිරිත් කියන්නේ හොරකම් කරන හැමදෙයින්ම බාගයක් පන්සලට දීලා නැව් අදින කබ වගේ පිරිත් නුල් දමනවා නමුත් පැය 24 ම ඇහෙන්නේ පිරිත් බන අහන කෙනෙක් නැහැ පිළිපදින කෙනකුර්හ් නැහැ සුද්දගේ රටේ මේ කිසිම දෙයක් නැහැ නිතිය අකුරට (ස)
නක්ෂත්‍රය විශ්වාස කිරීම යනු මිත්‍යා දෘෂ්ටිකත්වයක් නොවේ. (ස)
ජගත් යනු ජේවීපී හෝ යූඇන්පී අන්තවාදියෙක් හෝ එල්ටීටීඊ හිතවාදියෙක්.(ස)
මිනිපේ මහතගේ අදහස අනුව මහින්ද පැරදුනේ උතුරු නැගෙනහිර සුළු ජාතින් ඡන්දය දැමු නිසා ? ඒ කියන්නේ සුළු ජාතීන්ගේ ඡන්දය බහුතරයක් ? බරාක් ඔබාමාත් දිනුවේ සුළු ජාතික බහුතර ඡන්දයෙන් ? ඒ කියන්නේ බහුතර ජාතියට ඡන්ද බලය නැද්ද ? ලංකාවේ සහ ඇමරිකාවේ ? මගේ ඔලුව නරක් වෙලාද ? මිනිපේ මහතාගේ ඔලුවේ අබාදයක්ද ? (ස)
මේ අය මිනිසුන්ව රවටනවා. හොඳක්නම් වෙන්නේ නැහැ. (ස)
හිතට සහනය නැති තැන මොන මන්දිරයවත් වැඩක් නැහැ. ඔබට සුදුසුම තැන බෝධිය පාමුලයි. (ස)
මහින්ද ජ්‍යෝතිෂය විශ්වාස කරන එක ප්‍රශ්නයක නම් එතකොට අර 29 පාරක් පැරදුන කෙනා ඊයේ ඉන්දියාවේ ගිහිල්ල කෝවිලක ලක්ෂ 20 ක සඳුන් දර පූජා කලේ ඇයි දන්නේ නෑ නේද? එතකොට අපේ එක්කෙනෙක් තිරුපති ගිහිල්ල දොර කඩන්න වුනේ ඇයි? (ස)
ජානක- එතකොට 21 වැනි සියවසේ ඉන්න අපේ ප්‍රබලයෙක් ඊයේ ඉන්දියාවේ කෝවිලකට ගිහිල්ල ලක්ෂ 20 ක් සඳුන් දර පූජා කරන එක කොහොමද? එතකොට අර තව අයෙක් තිරුපති වඳින්න ගියේ ඇයි? දොඅර්ත් කඩන්න වුන තිරුපති දෙවොලේ.අපේ රටේ දැන් ඉන්න පාලකයෝ එහෙම කර්ම හොඳ ඇති නේද? අහවල කරාම වැරදි ඇති නේද? අනේ ඔයාගේ මොලේ උඩද ඉඳගෙන ඉන්නේ? (ස)
මෙහෙම ගියොත් පදිංචියට යන්න වෙන්නේ අබයාරාමයේ නෙමෙයි අබයාරාමයේ පදිංචි වුනොත් උපාසක අම්මලාගේ ඡන්දෙ හොරකම් කරන්න ලේසියි. මොලයක් තියෙන එකෙක් ආයේ මහින්දට ඡන්දෙ දෙන්නේ නැහැ. මහින්දට එන්නත් බැහැ (ස)
අර අලුතින් පින්නවල හදපු එළිමහන් වත්තටවත් යවමු. මෙහෙමත් පිස්සු පොරවල් (ස)
නාස්තිකළ සල්ලි සියල්ල ජනතාවට දීලා මිසක් නැවත දේශපාලනයට එන්න එපා (නි)
අතට ගත්ත දේ කටට දාගන්න පින නැහැනේ! (නි)
එතුමා යන්ත්‍ර මන්ත්‍ර වැඩ ගැන විශ්වාස කරනවා වැඩියි (නි)
ඇයි අර සුමුදු හේවාට බැරියැ එයාගේ ගෙදර නවාතැන් දෙන්න. අනෙක් මිනිස්සුන්ට කෙළෙහිගුණ නැහැ කියලා බැනගත්ත ගමන්මනේ! (නි)
හිටපු ජනාධිපතිතුමනි, කවුරු මොනවා කිවුවත් ඔබතුමා මේ රට යුද්ධයෙන් නිදහස් කරගන්න දේශපාලන නායකත්වය දුන්නා. එහෙත් ඔබට වැරදුනේ ඒ නිසාම සමස්ත ජනතාව මේ රට ඔබට නිත්‍යානුකූලව ලියලා දුන්නා කියලා හිතාගෙන රට ඔබේ බුදලයක් හැටියට ඔබ සහ ඔබේ පවුලේ සාමාජිකයන් විසින් හිතුමනාපෙට පාලනය කිරීම නිසයි. දැන් ඔබට හිතට සුවයක් අවශ්‍ය මොහොතයි. කුමක් තිබුනත් අවසානයේදී රැගෙනයන්නේ කළ හොඳ සහ නරක පමණි. (නි)
ආරියරත්න මහත්මයෝ ! ඔය හිටපු ජනාධිපතිට කොළඹ මන්දිර කිහිපයක් තිබුනත් ඒවා වෙන අයගේ නම් වලින් තබා තියෙන්නේ , දැනට මුකුත් නැති විදියට ඉන්න ඕනේ , නැතිනම් ඕවා ගත්ත ක්‍රමයට උත්තර බඳින්න වෙනවා (බ)
ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නැත (නි)
කෙනෙකුට තමන්ට කැමති අැදහීමක් කරන්න පුලුවන්. ඒක මානව අයිතියක්. (නි)
මට මතකයට එන්නේ රයිගමයයි ගම්පළයයි දෙන්නාගේ කතාව (නි)
සම්පත්, ඔය තමන්ගේ අදහස්මද? නැත්නම් වෛරය නිසා හදිසියට පැටලුනාද? (නි)
බලංගොඩ, ඒ දෙන්නා කෝ? සද්දයක්වත් නැහැ. (නි)
අපරාදේ අර යසට තිබුණ පිහිනුම් තටාකය.. (නි)
අනේ ඇත්තට මෙහෙමත් දේවල්! (නි)
මේ වගේ කිසිම විද්‍යාත්මක පදනමක් නැතිදේවල් විශ්වාස කිරීම නිසා මොහු කෙරෙහි තිබු ජනතා විශ්වාසය නැතිවෙනවා (නි)
රාජා හෝ මාහෝ ගංගා හෝ අරිට්ට කිවෙන්දුලාට නැවතත් ඉඩතබන එකක් නැහැ අපේ ජනතාව. (නි)
ඔන්න ඕක සින්නක්කරේටම ගන්න (නි)
එතනම බලන්න වැලි කියුබ් කීයක් පුරවන්න ඇද්ද? (නි)
ඒඑස්පී මහත්තයා වුණත් බයවෙන්න ඇති. ඒකයි ගිවිසුමක් අත්සන් කරමු කියලා කියන්න ඇත්තේ. (නි)
මෙසේ සිදුවීම එක අතකට හොඳයි. දැන් රට යන විදිහට සමහරවිට හිටපු ජනාධිපතිතුමා මේ රටේ නැවතත් බලයට එන්න ඉඩ තියෙනවා. (නි)
නැකැත්කාරයෝ රටම කනවා. එයාලට කරන්න පුළුවන් දෙයක් නැහැ. මිනිස්සු අමාරුවේ දානවා (නි)
අනේ හැබෑට මෙතුමාට හිතෙන දේවල්! (නි)
බලය තිබුනා නම් බලන්න තිබුනා (නි)
ලියනගේ මහතාගේ තීරණයට හේතුව වෙන්න ඇත්තේ 18 වන සංශෝධනය. බැරිවෙලාවත් සදාකාලිකවම මන්දිරයේ බින්න බැස්සොත් කියලා සැක හිතෙන්න ඇති. (බ)
අනේ බල ලෝභය (බ)