හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පදිංචියට ඒමට සිටි පීකොක් මන්දිරයේ පිහිනුම් තටාකය වැලි පුරවා ගොඩ කරද්දී රන් හා මුදල්ද වැළලීයැයි කියන සිද්ධියක් ගැන පරීක්ෂණ පවත්වා තමාගේ හොඳ නම රැක දෙන්නැයි රාජපක්ෂ මහතාට පීකොක් මන්දිරය තෑගි කිරීමට ගොස් අවසානයේ දී තෑගි නොකළ ව්‍යාපාරික ඒ එස් පී ලියනගේ පොලිස්පතිට අද ලිපියක් මගින් දැන්වීය.
මහින්ද රාජපක්ෂ සමයේ නයිජීරියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් පදවියට පත් කැරුණු ඔහු මෙම ලිපිය බාර දීමට සඳහා පොලිස් මූලස්ථානයට පැමිණ සිටී.
එම ලිපියේ පිටපතක් එසැණ වෙබ් අඩවියට ද ලැබී ඇත.
(වීඩියෝ කසුන් පතිරණ)
![DSC04486[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/DSC044861.jpg)

![DSC05655[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/DSC056551.jpg)
![DSC05671[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/DSC056711.jpg)

![DSC05687[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/DSC056871.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රත්තරන් හා සල්ලි වැලි යට හැංගුවා නම් හිටපු ජනාධිපතිතුමා මොන හේතුවක් හරි නිසා මේ කියන මන්දිරේ පදිංචියට යන්නේ නැහැ කියල තීරණය වුනාට පස්සේ ඒවා අයින් නොකර ගන්න තරම් මෝඩයෙක් නෙමෙයි නේද ? (කෞ)
කොහොමද ටිකිරි මොළේ? මහන්සියකින් තොරව පිහිනුම් තටාකය හිස්කර ගැනීම. (නි)
ඔය සිද්ධිය ගැන එදා කිව නම් හරි.දැන් රත්තරන් වැලි වෙලා. කොන්ඩේ බැඳපු චීන්නු ඉන්නවනේ දැන් ලංකාවේ. (බ)
අපරාදේ ලස්සන පිහිනුම් තටාකය! (නි)
දැන් මේකද රටේ ලොකුම ප්‍රශ්නය? (නි)
අයියෝ සල්ලි! කොච්චර සල්ලි තිබුණත් සාස්තරකාරයෝ කියන දේවල් කරනවා. ගෙයක් ඉදිරිපිට වතුර තියනවා කියන්නේ ලස්සන දසුනක්. දැන් වැලි වළක්. (නි)
ආයෙත් අහන්න දෙයක් නැහැ.... (ර)
මම හිතන්නේ සල්ලි වියදම් නොකර වැලි ගොඩ කරගන්නද කොහෙද.... (ර)
ටික කාලයකට හරි තියන ප්‍රශ්න මග අරවන්න කරන සංදර්සන දැන් ඇති රටට වැඩක් කරමු. (ර)
වැලි ටික ඉවත්කරගන්න තිබෙන පහසුම විදිය (නි)
අපූරු සිදුවීමක් නේ මේක ! පිහිනුම් තටාකයක් පුරවන්න තරම් රන් සහ මුදල් එතනට ගෙනාවේ කොහොමද ? කවුද ? මොන හේතුවක් සඳහාද ? තව අවුරුදු සිය දහස් ගණනකින් පසුව මෙතැන කැනීම් කටයුතු කරන පුරා විද්‍යාක්ඥයන්ට වසර 2000 කාලයේදී ශ්‍රී ලංකාවේ තිබුන සශ්‍රිකත්වය ගැන විමතියට පත් වෙන්න පුළුවන් දෙයක් මේක නම් !!!! (බ)
ලංකාවේ නැතුව තිබුනේ රත්තරන් ආකර විතරයි,අනේ වාසනාවන්.(බ)