හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පදිංචියට ඒමට සිටි පීකොක් මන්දිරයේ පිහිනුම් තටාකය වැලි පුරවා ගොඩ කරද්දී රන් හා මුදල්ද වැළලීයැයි කියන සිද්ධියක් ගැන පරීක්ෂණ පවත්වා තමාගේ හොඳ නම රැක දෙන්නැයි රාජපක්ෂ මහතාට පීකොක් මන්දිරය තෑගි කිරීමට ගොස් අවසානයේ දී තෑගි නොකළ ව්‍යාපාරික ඒ එස් පී ලියනගේ පොලිස්පතිට අද ලිපියක් මගින් දැන්වීය.
මහින්ද රාජපක්ෂ සමයේ නයිජීරියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් පදවියට පත් කැරුණු ඔහු මෙම ලිපිය බාර දීමට සඳහා පොලිස් මූලස්ථානයට පැමිණ සිටී.
එම ලිපියේ පිටපතක් එසැණ වෙබ් අඩවියට ද ලැබී ඇත.
(වීඩියෝ කසුන් පතිරණ)
2025 දෙසැම්බර් මස 18
570
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
283
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1084
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පීකොක් පිහිනුම් තටාකෙ රන් ආකරයක්ලු?
ලාල් Wednesday, 13 January 2016 11:59 AM
රත්තරන් හා සල්ලි වැලි යට හැංගුවා නම් හිටපු ජනාධිපතිතුමා මොන හේතුවක් හරි නිසා මේ කියන මන්දිරේ පදිංචියට යන්නේ නැහැ කියල තීරණය වුනාට පස්සේ ඒවා අයින් නොකර ගන්න තරම් මෝඩයෙක් නෙමෙයි නේද ? (කෞ)
මහේෂ් Wednesday, 13 January 2016 05:26 PM
කොහොමද ටිකිරි මොළේ? මහන්සියකින් තොරව පිහිනුම් තටාකය හිස්කර ගැනීම. (නි)
පද්මිණී Wednesday, 13 January 2016 12:10 PM
ඔය සිද්ධිය ගැන එදා කිව නම් හරි.දැන් රත්තරන් වැලි වෙලා. කොන්ඩේ බැඳපු චීන්නු ඉන්නවනේ දැන් ලංකාවේ. (බ)
මලික් Wednesday, 13 January 2016 05:48 PM
අපරාදේ ලස්සන පිහිනුම් තටාකය! (නි)
තරංග Wednesday, 13 January 2016 12:39 PM
දැන් මේකද රටේ ලොකුම ප්‍රශ්නය? (නි)
රහීම් Wednesday, 13 January 2016 12:40 PM
අයියෝ සල්ලි! කොච්චර සල්ලි තිබුණත් සාස්තරකාරයෝ කියන දේවල් කරනවා. ගෙයක් ඉදිරිපිට වතුර තියනවා කියන්නේ ලස්සන දසුනක්. දැන් වැලි වළක්. (නි)
පිටිගල මිලානෝ Wednesday, 13 January 2016 12:46 PM
ආයෙත් අහන්න දෙයක් නැහැ.... (ර)
සනා Wednesday, 13 January 2016 01:05 PM
මම හිතන්නේ සල්ලි වියදම් නොකර වැලි ගොඩ කරගන්නද කොහෙද.... (ර)
ඇසළ Wednesday, 13 January 2016 01:22 PM
ටික කාලයකට හරි තියන ප්‍රශ්න මග අරවන්න කරන සංදර්සන දැන් ඇති රටට වැඩක් කරමු. (ර)
සමීර Wednesday, 13 January 2016 02:40 PM
වැලි ටික ඉවත්කරගන්න තිබෙන පහසුම විදිය (නි)
නන්දලාල් - ප්‍රංශය Wednesday, 13 January 2016 10:18 AM
අපූරු සිදුවීමක් නේ මේක ! පිහිනුම් තටාකයක් පුරවන්න තරම් රන් සහ මුදල් එතනට ගෙනාවේ කොහොමද ? කවුද ? මොන හේතුවක් සඳහාද ? තව අවුරුදු සිය දහස් ගණනකින් පසුව මෙතැන කැනීම් කටයුතු කරන පුරා විද්‍යාක්ඥයන්ට වසර 2000 කාලයේදී ශ්‍රී ලංකාවේ තිබුන සශ්‍රිකත්වය ගැන විමතියට පත් වෙන්න පුළුවන් දෙයක් මේක නම් !!!! (බ)
මහින්ද සෞදි Wednesday, 13 January 2016 10:45 AM
ලංකාවේ නැතුව තිබුනේ රත්තරන් ආකර විතරයි,අනේ වාසනාවන්.(බ)