නාවල පීකොක් මන්දිරයේ පිහිනුම් තටාකයේ වැලි ඉවත් කිරීම කොළඹ අපරාධ විමර්ෂණ කොට්ඨාසයේ ප්‍රධානී විජිත් ගුණරත්න මහතාගේ හා රාජගිරිය පොලිසියේ උපදේශන කමිටුවේ සෝදිසියෙන් අද (29) උදේ ඇරඹිණි. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයෙන් පැරදුණු පසුව පීකොක් මැදුර ඔහුගේ නවාතැන ලෙස පරිත්‍යාග කිරීමට පොරොන්දු වූ නමුත් එය අනුසතු කළ හොත් තමා දික්කසාද වන බව මන්දිරය හිමිකරු ඒ.එස්.පී ලියනගේ මහතාගේ බිරිය තර්ජනය කිරීම නිසා එම ගනුදෙනුව නතර විය. ඒ වන විට පිහිනුම් තටාකය මුහුදු වැල්ලෙන් පුරවා තිබුණි.
පිහිනුම් තටාකයෙන් රාජපක්ෂ මහතාට අපල ගෙන දෙතියි, එය වැලි වලින් වැසූ බවත් එසේ වසද්දී රාජපක්ෂ මහතාගේ රත්තරං තොගයක් එහි වල දැමූ බවට දූෂමාණ ආරංචි පැතිර ගිය බවත් ලියනගේ පොලීසියට කියා තිබිණි. වැලි ඉවත් කිරීමට සේවකයෝ දස දෙනෙක් ලියනගේ මහතාගේ වියදමින් යොදවනු ලැබ සිටිති. ප්ලාස්ටික් බඳුන් වලින් ගන්නා වැලි කුඩා සිදුරු සහිත රැයිසියකින් හළා ගැනෙයි. වැඩ ඇරඹීමට පෙර සේවකයන් සියලු දෙනාගේ රන් ආභරණ ගලවා ඉවත් කළ බවත් පොලීසිය කියයි.
ජායාරූප - ඉෂංක සුනිමල්
ජායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ
විඩියෝ ඉෂංක සුනිමල්












COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බකිංහම් මාලිගාවේ රත්තරන් අස්සයෙක් අරලියගහ මන්දිරයට ගේනවා කියපු මින්නිස්සු ඉන්න රටේ පිහිනුම් තටාකේ රත්‍රන් තියනවා කියන එක අරුමයක්ද (කෞ)
ඡන්ද ටිකක් මේකෙන්වත් වැඩිවේවිද? අපි තවම මෝඩයෝ.... (නි)
අපල දුරු වෙන්න කියල හොද වෙලාවට පිහිනුම් තටාකය වැලි වලින් පුරවන්න හිත දුන්නේ.ඉන්දියන් පුසරියෝ බැරි වෙලාවත් කිව්වනම් තුන් කුලුදුල් අම්මල ලවා දවස ගානේ කිරි කල 7 කින් නා ගත්තම අපලදුරු වෙනවා කියල ලංකාවේ තුන් කුලුදුල් කිරි අම්මල ටිකට සොරි.කොම් තමයි.(කෞ)
පේනවනේ නිවසක් කුලියට දීල කර ගත්තු වින්නැහියක්.ඔය නිසාම තමයි මම නම් ගෙදයක් කුලියට දෙන්න ගියහම හොදට බලල කියලයි ගේ කුලියට දෙන්නේ.කව්ද දන්නේ මොන වගේ මෝඩයෝද කියල?(කෞ)
දැන් ඔතන රත්තරන් ගොඩක් ඇති නේද?(හේ)
මේවා තමයි විහිළු කියන්නේ.(හේ)
මේ ඔක්කොටම පිස්සු, (හේ)
ඇත්තටම ලැජ්ජයි මේ දේවල් දැක්කම.(හේ)
බොරු වැඩක්.(හේ)
මේවගේ විකාර වැඩ මෙතරම් ප්‍රසිද්ධියක් දීලා කරන්නේ දැවෙන ප්‍රශ්න ජනතාවට අමතක වෙයි කියලා හිතන් වෙන්න ඇති, නාඩගම් බලන කොට. පිළිකා රෝගීන්ට බෙහෙත් නැහැ,රෝහල් වල එක ඇඳේ ලෙඩ්ඩු දෙන්න ගානේ. නමුත් ආණ්ඩුව කරන්නේ නාඩගම් නටන එක. (හේ)
කොහොමහරි තටාකයේ තිබුන වැලි ටික ගොඩ දා ගත්තා (නි)
රත්තරන් තියෙන්නේ වැලි යට තියන්නද? දැන් කොහොමටත් ඔය වැලි ටික විකුණා ගනීවි. පහුගිය කාලේ වැලි ටිපර් එකක් රු. 30,000 ක් විතර වුණා (නි)
කොහොමහරි වැලි ටික හරි ඉවත්වෙයිනේ (නි)
ටෙනිසන් බන්දුල කරන දේවල් මොනවද මෙවටනේ හිනායන්නේ.. (ර)
දැන්වත් තේරෙයිද දන්නේ නෑ. (ර)
මොනවාහරි හම්බුනාද දන්නේ නෑ. (ර)
මේ පීකොක් කාරයා සුදු සපත්තු දාගෙන ඇඳුම් අඳින විලාසිතාව දැක්කම මට මතක් වෙන්නේ සිසිලියානු ඉතාලි මාෆියා 'බොස්'ලව. (බ)
මේකත් අර විෂ්ණු දෙවියෝ හබවෙන්න ඉන්දියාවට ගියා වගේ මෝඩ වෙඩක් . විෂණු දෙවියන්ට ලංකාවට එන්න වීසා නැති බව ලෝකෙටම පෙන්නපු හන්ද තමයි ඡන්දෙන් පැරදුනේ (කෞ)
රටම දන්නවා අහවලාගේ තරම. රත්තරන් හංගන්න ඕනෑ තැන හරියට හංගලා ඇති (නි)
මෙහමත් පිස්සෝ රැලක් ඉන්න රටක අපිත් අවාසනාවකට මුන්ගේ යුගයේ ඉපදුනේ. වෙන කරන්න දෙයක් නැද්ද මුන්ට? රට යන්නේ කොතැනට ද කියා දැන් නම් හිතා ගන්න පුළුවන්. අපි සෝමාලියවටත් අන්ත වෙනවා, මුන් තව ටිකක් කලක් හිටියොත්. (බ)
ඕකේ රත්තරන් තියෙනවනම් ඒ.එස්.පී. කාරයා කීයටවත් ඕක හාරන්න දෙයිද... රත්තරන් හැංගුවනම් දැන් ඒවා ඉවත් කරලා ඇති.. නැත්නම් ඇත්තටම රත්තරන් නැතුව ඇති...(කෞ)
මේ විකාර දකිනකොට අප ජිවත් වෙන්නේ කීවෙනි සියවසේද කියල හිතෙනවා (කෞ)
රුපියල් කෝටි ගානක් වියදම් කරලා හදපු පිහිනුම් තටාකයක් වැලි වලින් පුරවන්නේ ලෝකයේ ඉන්න මොන මොඩයාද? මේක ලෝකෙටම පෙන්වන්න තියෙන්නේ. (ම)
පිටිගල මිලානෝ.මමත් බටහිර ෆිල්ම් වල දැකල තිබෙනවා එවැනි අයව.එත් බටහිර ෆිල්ම් වල කුරහන් පාට අඹුඩ ලේන්සුව තවම කරලියට අවේ නැහැ.(කෞ)
මොනවද මේ කාලය කා දමන වැඩ පිට රට මිනිස්සුන්න්ට මේවා මැජික් වගේ ඇති. (ර)
මේවා මහින්දට නැති උන දේවල් නැවත ගන්න හදන බොරු උප්පර වැට්ටි අපේ ගොන්නුත් උඩ දාගෙන ප්‍රසිද්ධිය දෙනවා(කෞ)
මහින්ද සෞදි කොහෙද මෙයාලට ඡන්දෙ දුන්නේ?? මහින්දට කඩේ ගිය අය දැන් යහපාලනයට හේත්තුවෙලා එක වැරදි කියන්න දඟලනවා. හැබැයි එදාට වැඩ නම් දැන් හොදයි. (අ)
ඇත්තටම මම හිතුවේ මේ රටේ දේශපාලුවෝ තමා මෝඩයෝ කියල. බලාගෙන යද්දී මේකට කොමෙන්ට් දාන සෙට් එකක් ඉන්නවා. දැන් මහින්දටම විතරක්ම බනින. (බ)
මොන කරුමෙකටද ලංකාවේ ඉපදුණේ (බ)
මේකත් මහින්දම සෙට් කරපු මාධ්‍ය සංදර්ශනයක් - දැන් ඔය වැලි වල මොකුත් නෑ.. ඊට පස්සේ පන්සලක් පන්සලක් ගානේ කියා කියා යයි - මට මඩ ගහන්න රත්තරන් හංගලා තියෙනවා කිව්වා . දැක්ක නේද අපේ හාමුදුරුවනේ මේවා මොන බොරුද කියල, (කෞ)
සල්ලි දුන්නට දෙවියෝ මොලේ දීල නෑ.(කෞ).
තිලක් ඔයා කවුද? පුදුම කමෙන්ට්ස් ගොඩක්නේ දවසකට දාන්නේ? (බ)
තිලක්-ඩුබායි කියන කතාවත් සම්පුර්ණ ඇත්ත . රත්රන් හා සල්ලි හන්ගපුවා අපි අමතක කරමු - මොන මෝඩයද තමාට අපලයි කියල පිහිනුම් තටාකයක් වැලි වලින් පුරවන්නේ. අනේ අපි ඉන්නේ මේ වගේ පාලකයෝ ඉන්න රටකද ? මට හරිම දුකයි අපි ගැන .(කෞ)
මට හිතෙන්නේ මේක ඒ.එස්.පී ලියනගේ මහතාගේ බොරුවක්. සමහර විට එයා ප්‍රසිද්ධ වෙන්න කළ වැඩක් මෙහෙම දේවල් මෙයාගේ අපි දැකල තියෙනවා (බ)
ඉතින් ඔය පූල් එකේ රත්තරන් තිබුනද ? ඕක හිස් කරන්න දවස් කීයක් යනවද ? කොහොම වුණත් කීප දෙනෙකුට හරි කුලී වැඩ හම්බුනා නේ මේ මහදැනමුත්තයි ගෝලබාල රංචුවයි නිසා. පූල් එක හිස් කළාට පස්සේ මහින්ද ගේ අපල දුරුවී නැවතත් රජ වෙන්න පුළුවන් කියල සුමනදාස කට්ටඩිය කිවුවලු. (බ)
අනේ අපේ මහජන මුදලින් නඩත්තු වෙන පොලිස් නිලධාරීන් ටික. ගෙදරකට හොරෙක් පැන්නොත් එනවද නිකමට බලල යන්න. නෑ. වැඩ බැරි යහපාලනය කර කියා ගන්න දෙයක් නැතුව ගොන් වැඩ කරන අපුරුව දැක්කම, ඉක්මනින් ජන්දයක් තිබුන නම් කියල හිතෙනවා (බ)
පැරදුනාට පස්සෙද පූල් එක මුසල වුනේ ? (බ)
අයියෝ සල්ලි. මිනිස්සුන්ට සල්ලි වලට කරන්න දෙයක් නැති හැටි නේද? (බ)
අනේ මෙහෙමත් දේවල්! (නි)
පොලිසියට පැත්තකට වෙන්න කියල පීකොක් අයිතිකරුම කියන්නන තිබුණ.. වැලි අදින්න කියල .. (ම)
මෙහෙමත් මෝඩ මිනිස්සු.(හේ)
අද කාලෙ වැලිත් රත්තරන් වගේ තමයි. මේ මිනිස්සුන්ට වෙන වැඩක් නැත්ද මන්දා.(හේ)
ඔය මන් හිතන්නේ පුරවපු වැලි අයින් කරගන්න ගහපු ප්ලාන් එකක් (කෞ)
රත්තරන් ඕකේ වළලන්න මහින්ද රාජපක්ෂ එතරම් මෝඩයෙක් නෙමෙයි.(කෞ)
දැන් ඕකේ ඉඳලා රත්තරන් අස්සයා හම්බ වුණාද? (නි)
වැලි හලලා ගන්නේ රත්තරන් කුඩුකරලා වැලිත් සමඟ දාලා කියලා හිතාගෙනද? (නි)
මේ මිනිහට නම් මොකක් හරි වෙලා තමයි (බ)
කොහොමහරි තටාකය අස්කර ගත්තා (නි)
ඔන්න එහෙනම් වලිටික හලලා ගොඩ දල දුන්න ... දෙන එතින් ගේ හදාගන්න එකයි අත්තේ... (කෞ)
සල්ලිකාරයෝ නිසාද එහෙම නැත්නම් වෙන එකක්ද .....(බ)
විහිලු වැඩ කරනවා මිසක් රටට වැඩක් නොකරම කාලය ගෙවනවා (අ)
මෙයාලටනේ අපි ඡන්දෙ දුන්නේ (නි)
හතරමහා නිධානය "දෙවෙනි කොටස" වගෙයි (නි)
සල්ලි තිබුනට මොලේ නැහැ. මොලේ වැලි (කෞ)
මේක සම්පූර්ණ බොරුවක් කියලයි මම නම් කියන්නේ (නි)
ඔය වගේ සෝදිසි කරයි කියලා හිතාගෙන ඒවා වැසිකිළි වළක දැම්මා කිව්වොත්? එක මිනිහෙකුට තියන බයක්? (නි)
අර පිටරටවල සවාරි ගහපු කාලෙදි ඔය භූමිදාන කෙරුවා කියන රත්තරන් ගෝනි පිටින් අරන් යන්න තිබුනනේ (නි)
මම ගොන්නුත් දැක්ක මේ වගේ ගොන්නු නොදැක්කා (බ)
මේක වීඩියෝ කරලා බන්දු /ටෙනිසන්ගේ පොඩි කෑල්ලක් දැම්මා නම් නියම කොමඩි චිත්‍රපටිය (නි)
මේ තිලක්-ඩුබායි කියන්නේ, ඒ.එස්.පීගේ තරහවුණ ළඟම නෑදෑයෙක්ද? (නි)
මහින්ද වක්කඩේ හකුරු හංගන්න මෝඩයෙක් නොවුණාට ලියනගේගේ පිහිනුම් තටාකයේ වැලි පුරවලා වැඩේ වරද්දා ගත්තා වගෙයි (නි)
මේවගේ විකාර වැඩ මෙතරම් ප්‍රසිද්ධියක් දීලා කරන්නේ දැවෙන ප්‍රශ්න ජනතාවට අමතක වෙයි කියලා හිතන් වෙන්න ඇති, නාඩගම් බලන කොට. පිළිකා රෝගීන්ට බෙහෙත් නැහැ,රෝහල් වල එක ඇඳේ ලෙඩ්ඩු දෙන්න ගානේ. නමුත් ආණ්ඩුව කරන්නේ නාඩගම් නටන එක (බ)
මෙහෙමත් පොලිසියක්! පොලිසියට කියලා වැලි ටික ඉවත්කරගත්තා එහෙනම්. (නි)
රත්තරන් නැති බව දන්නවා. ඒ නිසසි ඔය හාරන්නේ. පසුව කියනවා බොරුවට අපිට චෝදනා කරනවා කියලා. අපි හරක් වගේ ඉන්නම්. අනේ මෙහෙම රටක්! (නි)
ඔය රත්තරන් කතාව ඇදුනේ මේ ඊයේ පෙරේදනේ. ඔය වැලිටික ගොඩ දමාගන්න කළ සැළසුමක් වගෙයි (නි)
තිලක් ඩුබායී වගේ මන්දබුද්ධිකයෙක් මගේ ජීවිතයට දැකලා නැහැ (නි)
විලිලැජ්ජාවක් නැති නායකයන්ගේ ගොන් වැඩ (කෞ)
පිහිනුම් තටාක වල කවුද රත්තරන් හංගන්නේ? (නි)