මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිට නාවල පීකොක් මන්දිරය පදිංචියට දීම සඳහා එහි පිහිනුම් තටාකය වැලිවලින් වසා දැමූ එහි අයිතිකරු ඒ.එස්.පී. ලියනගේ ගේ වියදමින් සිකුරාදා (29) එහි වැලි ඉවත් කිරීමට යයි.
කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිරීක්ෂණ යටතේ වැලි ඉවත් කරන බවත් වැලි කියුබ් 35 ක් පමණ ඉවත් කිරීමට ඇති බවත් කියති.
එම පිහිනුම් තටාකයෙන් මහින්ද රාජපක්ෂ මහතාට අපල ගෙනදෙතියි කිවූ නිසා වැලි කියුබ් 35ක් ගෙනැවිත් එය වසා දැමූ බව ලියනගේ පොලිසියට කියා ඇත.
මෙම වැලි ඉවත් කරනුයේ එහි රන් සඟවා ඇතැයි ලැබුණු ආරංචියක් මත බව කියති.

![DSC05655[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/01/DSC0565511.jpg)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලියනගේ උන්නැහේ නාන්න දක්ෂ බව මොනවට ඔප්පුවෙනවා...රාජපක්ෂලා වෙනුවෙන් මෙතුමාගේ කැපවීම කා හටත් පෙනෙනවා..අවුරුදු 68 ක රංග භූමියක රඟපෑම් දැක්ක අපිට ඔබ වැනි අයගේ ප්‍රතිභාවයන් හොඳට වැටහෙනවා. (බ)
මේ මාධ්‍ය වලටි රටේ ජනතාවට පිස්සුද කිසි හරයක් නැති මේවගේ මනුස්සයෝ වෙනුවෙන් කාලේ කන්නේ (බ)
දැන් මේක අපහු පුරවනකොට රත්රන් දමන්න පුළුවන්. එතකොට මොකද කරන්නේ?(හේ)
මහින්ද රාජපක්ෂ මහතාට තිබුන ලොකුම අපලය තමා මේ වගේ කෙලින් වචනයක් නැති මිනිසුන් සහ වංචාකාරයන් ඇසුරු කිරීම සහ උන්ව ආරක්ෂා කිරීම (බ)
[එම පිහිනුම් තටාකයෙන් මහින්ද රාජපක්ෂ මහතාට අපල ගෙනදෙතියි...] කියල කිවුවේ ගාල්ලේ සුමනදාස ජෝතිෂ්‍ය කරුවාද ? කොහොම උනත් මහින්ද මහත්තය එතැන පදිංචියට අවා නම් එයාට කොහොම උනත් සමහර අයට නම් එතැන නියම රන් ආකරයක් වෙන්නත් තිබ්බා...... (කෞ)
මේ තව පිස්සෙක්..(කෞ)
පිහිනුම් තටාක වල වැලි පුරවන මෝඩයෝ කොහෙද ඉන්නේ?දැන් වැලි කියුබ් එකක් රුපියල් 13,500 ක් වෙනවා.වැලි කියුබ් 35 මගේ අලුතින් ඉදි කරන නිවාස ගෙනත් දෙන්න.මම එකක් 10,000 ගානේ ගෙවන්නම් (බ)
මේ පී කොක් නාට්‍ය රඟ දැක්වීමට පොලිසියත් සම්බන්ධ වෙනවද? ඒ කියන්නේ ඒ. එස්. පී. ලියනගේ ඇත්තටම පොලිසියේ ඒ එස් පී කෙනෙක්ද? එයා කොහොමත් නාට්‍ය නිෂ්පාදකයෙක් තමයි. මේ නාට්‍යයේ අධ්‍යක්ෂක නම් ගොඩක් ප්‍රසිද්ධ හිටපු බලවතෙක්ලු නේද? (බ)