අලුතින් පිහිටුවීමට යන පක්ෂයේ නායකයා ඔබද ඔබේ සහෝදර ගෝඨාභය රාජපක්ෂ මහතාද යන්න බණ්ඩාරගම කුරුස හන්දියේ සුදර්ශනාරාමයේදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් මාධ්‍යවේදීහු ඇසූහ.
ඔහු එහි පැමිණියේ ශතාධික සාංඝික දානයක් ඇතුළු පිංකමක් වෙනුවෙනි.
‘ඔය සේරම කථා හදන්නේ ඔයගොල්ලෝ‘ යනුවෙන් හිටපු ජනපති ඊට උත්තර දුන්නේය.
ව්‍යාපාරික ඒ.එස්.පී ලියනගේ ඔබට තෑගි දීමට ගිය නාවල පීකොක් මැදුරේ පිහිනුම් තටාකය වැලිවලින් ගොඩ කළේ රත්තරන් සැඟවීමටදැයි තවත් මාධ්‍යවේදියෙක් ඇසුවේය. ‘ඒකෙ හංගලා නෑ. අර ඩොලර් මිලියනය ආපු හැටි අහන්නකෝ.‘ යැයි රාජපක්ෂ මහතා පිළිතුරු දුන්නේය.
මේ පිංකම සංවිධානය කළේ බස්නාහිර පළාත් මන්ත්‍රී ලලිත් එල්ලාවල මහතාය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
2015 කලින් රට හොඳ සංවර්දන සැලැස්මකට අනුව දියුණුව කරා පියනගුවා. රට එකම තැන නැවතිලා. කටින් සහ වචන වලින් විතරක් නෙපෙනෙන සංවර්දනයක් කරනවා. (ර)
ඉඟුරු දීල මැහිතෙල් ගත්ත වගේ... (ර)
ඉගුරු දීල මැහිතෙල් ගන්නකම් කට්ටියකට පුදුම අමාරුවක් නේ තිබුණේ. හැබැයි ඉතින් බොන්න වෙනකොට ඉල්ලපු නොඉල්ලපු හැමෝටම බොන්න වෙන එකයි දුක. (බ)
අර ඩුබායි රටේ ගිණුම් වලට ඩොලර් කෝටි339 (රුපියල් කෝටි 46782) ආපු හැටි අහන්නකෝ.‘ (බ)
"මහගෙදර" යකඩ කුරු ගණන් කර කර ඉන්න ඕනේ මිනිස්සු බේරිලා ඉන්නෙත් ඔය කියන "යහපාලනයට" පින් සිද්ධ වෙන්න තමයි. (බ)
ලංකාවේ මිනිස්සු වැඩියෙන්ම ආදරය කරන ජන නායකයෙක්. (ර)
ඩුබායි වල තිලක් කියන කතාව හරි. මහ උලු ගෙදර යකඩ කූරු ගනන් කර කර ඉන්න ඕනෙ මිනිස්සු බේරිලා ඉන්නෙ මේ ඊනියා යහපාලනයට පව් සිද්ධ වෙන්න තමයි. හැබැයි ඉතින් අපිට නම් ඒකට යහපාලනය කියල කියන්න බැහැ. (බ)
තිලක් හොරු අල්ලන්න අාවේ කම්බා හොරු (බ)
හොරුන්ට කඩේ යන කතා කියන්නෙත් එයාලම තමයි (බ)
තිලක් ඩුබායි දෙයක් ගැන කතාකරනවානම් හරියට දැනගෙන කතාකරන්න නිකන් බොරුවට කියවන්නේ නැතුව. මහ ලොකුවට කෑ ගැහුවට ඔය එකක්වත් ඔප්පුකරගෙන තියනවද ? ඔයාලගෙත් විසිල් විතරයි බල්ටි නෑ. (බ)
හිටපු ජනපතිතුමනි. පැරදුනේ ඔබතුමා නොවෙයි. පැරදුනේ අපේ රටයි. ඔබතුමාට සදා ජය. (බ)
අපොයි ඔව් තිලක් ඩුබායි යහපාලනෙට පින්සිද්ධ වෙන්න දැන් කොටිත් නිදහස්නේ. දැන් ඔයාලවගේ අයට සනීප ඇති. (බ)
චතුර.ඔලුව කොහේ හරි හැප්පුනද? (බ)
මේ මිනිස්සු රටට කල යහපත් වැඩ යටපත් කරන්න යි මේ සේරම කතා හදන්නේ .බටහිර රටවල් කියන්නේ ආදාර ඕනෑ නම් රාජපක්ෂලාව අහවර කරන්න ඕන කියලයි .(ම)
ඔබ තුමාට තෙරුවන් සරණ ලැබේවා (ම)
දැන් රටේ සිදුවෙලා තියෙන්නේ ඉගුරු දීලා මිරිස් ගත්තා වගේ වැඩක්. (බ)
ඒ කතාවම මට ඔයාගෙනුත් අහන්න හිතුනා තිලක් ඩුබායි. ඒත් ඉතින් හැපෙන්න ඔයාට ඔලුවක් තියෙන්න එපැයි. (නි)
බුදු සරණයි දෙවි පිහිටයි (ම)
ඔබ තුමාට දීර්ගයුෂ.(ම)
කරුණ කරලා නැණවත් විදිහට හිතන්න. (ම)
තිලක් ඩුබායි, කොටින්ගෙන් සල්ලි අරන් උන්ට කත් අදිනවා නම් ඩුබායි වලටම වෙලා ඉන්න. ඔයා නියම තිලකයක් නම් ඔප්පු කරලා පෙන්වන්න ඔය විස්තර. (නි)
සුරන්, ඔයා ඉගුරු දීලා මිරිස් අරන් නෑ ඔයා දේශපාලන සේප්පද විජ්ජවකටයි අහුවෙලා තියෙන්නේ. (ර)
ඉගුරු දීලා මිරිස් නෙමෙයි කොච්චි ගත්තා වගේ. (ර)
ඉඟුරු දීල නෙවි සීනිදීලා කොච්චි ගතතා වගේ. (ර)