අපරාධවලට හවුල් යැයි හෙළිවීමත් සමගම ජනාධිපති ආරක්ෂක අංශය විසුරුවා හැර පොලිස් විශේෂ කාර්ය බළකායට ජනපති ආරක්ෂක සේවාව බාර කළ බව මහජන සාමය පිළිබඳ ඇමැති කියයි.
මෙම එස්.ටී.එෆ් භටයන්ගේ මුල්ම කාර්ය භාරය වූයේ මෛත්‍රිපාල සිරිසේන මහතාට මහනුවරදී සෙනසුරාදා ආරක්ෂාව සැපයීමයි. 5000ක් පමණ වූ ජනපති ආරක්ෂක අංශය (පී.එස්.ඩී) ගැන රහස් පොලිසිය පරීක්ෂණ ඇරඹීය.
පීඑස්ඩීයේ මුල්ම සිද්ධිය වාර්තාවූයේ අඟුණුකොළපැලැස්සෙනි. ජනපති සිරිසේන මහතාගේ රැස්වීමට පතරොම් පිරවූ පිස්තෝලයක්ද රැගෙන හමුදා කමාන්ඩෝ භටයකු ගිය බව රහස් පොලිසිය කියයි. ජනපති ආරක්ෂාවේ අඩුපාඩු තිබුණු දෙවැනි සිද්ධිය වාර්තාවූයේ නුගේගොඩදීය.
එහිදී වෙසක් තොරණක් විවෘත කළ ජනපති ආපසු යද්දී ජනපතිගේ නිල රියට ඔහු යොමු කිරීමට පීඑස්ඩිය අසමත් විය. ජනපති එදා නැගුණේ අගමැතිගේ නිල රියටයි. පීඑස්ඩියේ සේවය කළ පිරිස් පොලිසිවලට අනුයුක්ත කෙරෙන අතර එහි ප්‍රධානියා වූ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්.වික්‍රමසිංහ වෙනත් තනතුරකට පත් කිරීමටද යයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුකයිද ? (නදී)
අවසානයේදී පී.එස්.ඩී. එක ගැනත් අපි බොහෝ දේ වටහාගත්තා (නි)
ඇත්ත. හිටපු පී.එස්. ඩී.ය ගැන නම් කිසිම විශ්වාසයක් තියාගන්න හොඳ නැහැ (නි)
ඒ තීරණය හොඳයි (නි)
මම නම් හිතන්නේ මෙය පසුගිය ජනවාරි මාසේම කළයුතුව තිබුන දෙයක් කියායි. දැන්වත් කළ එක හොඳයි. (නි)
මෙය කළයුතුව තිබුනේ මුලින්මයි. ප්‍රමාද වී හෝ ක්‍රියාත්මකවීම හොදයි (නි)
ධර්මයෙහි හැසිරෙන්නා ධර්මය විසින් රකිනු ලබයි. (නි)
එතකොට ඒ ඡන්ද 5000? අපිට හිතාගන්න පුළුවන්!!!! (නි)
ඒ විතරක් නෙමෙයි, තව සමහර අය ගැනත් හොඳින් සොයාබැලීම හොඳයි (නි)
ප්‍රමාද වී හෝ ගත් හොඳ නුවණක්කාර තීරණයක් (නි)
හොඳ තීරණයක් (නි)
කළ යුතු දෙයක් ප්‍රමාදවි හෝ ගත් තීරණය වැදගත් ඔබතුමාගේ ආරක්ෂාවට.ඔබතුමාට දීර්ඝායුෂ පතමි! (ම)
ඔබතුමාගේ ආරක්ෂාව ඉතා වැදගත් (නි)
අතිගරු ජනාධිපතිතුමනි, කිසිම කෙනෙක් විශ්වාස කරන්න එපා. ඒ වගේම අවිශ්වාස කරන්නත් එපා. කතාවක් තියෙනවා, කෙනෙක් අවිශ්වාස කරන්න සිදුවනතෙක් විශ්වාස කරන්න කියලා. මේක බොහොම ගැඹුරු ධර්මතාවයක්. ඔබතුමාට නිදුක් නීරෝගී යහපත් කාලයක් උදාවේවා! (නි)
නුවණක්කාර තීරණයක් (නි)
බොහොම හොඳ දෙයක්. රාජ්‍ය නායකයා මොන පක්ෂයේ වුණත් මොන දේශපාලන දැක්මක හිටියත් රජයේ හමුදාව පොලිසිය නඩත්තු වෙන්නේ රටේ ජනතාවගේ බදු මුදල් වලින් නිසා එම ආයතන ජනතාවට වගකියන ඒවා බවට පත් කළයුතු වෙනවා. එහෙම නොවුණහම තමයි එම නිලධාරීන් ගැතිකම් කරන්නේ. (නි)
දෙපත් නයි හැමතැනම. ආරක්ෂාවීම හොඳයි (නි)
කලිනුයි මේක කරන්න තිබුණේ. ඔබට ජය! (නි)
සියල්ල නිවැරදිව සිදුවේවා! (නි)
හොඳ තීරණයක් (නි)
හොඳ තීරණයක් (නි)
වෙන විකල්පයක් නැත. මහජනතව අවදියෙන් සිටීම වැදගත් (නි)
ජනාධිපතිතුමාට දෙවි පිහිටෙන් කිසිදු කරදරයක් නොවේවා! (නි)
හොඳ තීරණයක් (නි)
හොඳ තීරණයක් මැතිඳුනි (නි)
හොඳයි (නි)
රාජ්‍ය නායකයෙක් මුලින්ම කළයුත්තේ විශ්වාසවන්ත ආරක්ෂකයින් යොදාගන්න එක. ඒක නොකළොත් එම වැරැද්දේ ප්‍රතිඵල රටටම හානිකරයි. (නි)
ඇමරිකාවෙත් මෙහෙම කරනවා කියලා මම අහලා තියෙනවා (නි)
දැන්වත් ඇස් ඇරුණ එක ගැන සතුටුයි. අපගේ වටිනා ඡන්දය බුද්ධිමත්ව භාවිතා නොකරනතාක් ලාංකිකයන්ට ගොඩඒමක් නැත (නි)