ව්‍යාජ රුපියල් දෙදෙහසේ නෝට්ටු තොගයක් මාළඹේ දී සොයා ඇගෙන ඇති අතර මෙම ව්‍යජ මුදල් නොට්ටු සත්‍ය ඒවා වූයේ නම් ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ 70වකට ආසන්න වෙතියි රහස් පොලිසිය කියයි.

මුදල් නෝට්ටුවල ඇති අනුක්‍රමික අංකය පී67799159 වේ. රුපියල් දෙදහසේ මුදල් නොට්ටු ගණුදෙනු කිරීමේ දී මෙම අංකය සඳහන්ව ඇත්නම් එය ව්‍යාජ මුදල් නොට්ටුවක් විය හැකි බැවින්  ළඟම ඇති පොලිස් ස්ථානයට භාර දෙන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.