නවගමුව පත්තිනි දේවාලයේ රන්දෝලි පෙරහරට 23 වැනිදා රාත්‍රියේ ගෙන ආ ‘සුදු පුතා‘ ඇතා භාරව සිටි ගොව්වන් දෙදෙනාට සාමාන්‍ය ඇදුමින් සැරසී සිටි පොලිස් කොස්තාපල්වරයකු පහර දුන්නැයි කියන සිද්ධියක් මත ඔවුන් හෝමාගම රෝහලට ඇතුළු වී ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති බව රෝහල් හා පොලිස් ආරංචි කියයි.
ගොව්වන් දෙදෙනා බීමතින් සිටි බව කියතත් ඔවුන් වෛද්‍යවරයකුට ඉදිරිපත් කර නැත.
ගොව්වන්ට පහර දීම නිසා ඇතා කලබලයට පත් වුවත් තවත් ගොව්වකු ඇතා පාලනය කිරීම නිසා කලබලයකින් තොරව පෙරහර පවත්වාගෙන ගිය බව දේවාල ආරංචි කියයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන මහතා පැවසුවේ මෙවැනි සිද්ධියක් තමාට වාර්තා වී නැති බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මත්පැන් පානය කර අලි-ඇතුන් බලන ගොව්වන්ට දුටු තැන ගහන එක සාධාරණයි. බොහෝ මිනිස් ජීවිත නැතිවෙන්නේ ඇත්ගොව්වන්ගේ බීමත්කම නිසා පමණක් නොව ඒනිසා සතුන්ටත් අනවශය හිරිහැර සිදුවෙනවා.(නදී)
හරියට හරි. හෙන්ඩුවෙන් දෙකක් ඇන්නනම් ඉවරනේ. මෝඩ ගොව්වෝ දෙන්නෙක්. මේ මිනිස්සු ගැහුවොත් ගහන්න දන්නේ නැහැ නේ. හැම තැනම තියෙන්නේ ගුටි කාලා රෝහල් ගත වෙලා.කියල. ""ගැහුවොත් ගහනු සිදුවනදේ පසු බලනු""(නදී)
පොලිස් මහත්තුරු කරන වැරදි වලට දැඩි දඩුවම් අවශ්‍යයි. මේ ගොල්ලොන්ගෝ වැරදි වැඩ අපි කාටද කියන්න ඕනි කියල මහජනයා දැනුවත් නැහැ. ඒකයි මෙතන තියන ප්‍රශ්නය. (නදී)
සුදු පුතාටත් පොවලා පොලිස් මහත්තුරු දෙන්නටත් හොද පාඩමක් උගන්නන්න තිබුනේ. (දී)
අලි වගේද පොලිසිය? (නි)
ඉතින් "සුදුපුතා" තමන්ගේ ගොව්වුවන්ට පහර දෙනකල් බලාගෙන හිටියාද? (දී)
කියන්න ලැජ්ජයි, ඇත් ගොව්වෝ දෙන්නෙක් ගුටි කෑව කිවුම. අපේ ආතලත්,මාමලත් ඔය රස්සාව කළා. කාගෙන්වත් වචනයකින්වත් දොසක්වත් අහලා නැහැ,කවුරුත් සැළකුවා හොඳට.ඇතාටත් එක්ක ලැජ්ජයි. (නි)
පහරදෙන සිදුවීම් වාර්තා වෙන්නේ නැහැ. වාර්තාවෙන්න අඩුම ගානේ මරණයක් වත් සිද්දවෙන්න ඕනේ. එහෙම උනත් පරික්ෂනේ ප්‍රතිපල එනකල් පිළිගන්නේ නැහැ.දැන් හරි දියුණුයි..(දී)
නීල්-රානා, ඔබ හරි කියලා මමත් හිතනවා. බීමත් නොවී අලි ඇතුන් බලාගන්නා ගොව්වෙක් මෙතෙක් මට හමු වී නැහැ. පීසී ගොව්වන්ට පහර දුන්නේ මොන හේතුව නිසාද කියලා නම් පැහැදිලි නැහැ. 'සුදු පුතා' පැමිණිලි කළාද කියලා කවුද දන්නේ? (නි)
රනෝ, කවුරුත් පිළිගනිද නොගනීද කියන්න දන්නේ නැහැ.එහෙත් මෙය සත්‍ය සිද්ධියක්. මහනුවර ප්‍රසිද්ධ පුද්ගලයෙක්ගේ ඇතාව හැමදාම අපේ ගෙදර ඉදිරිපිට ඇති මහවැලි ගගට හවසට නාවන්න අරගන එනවා.පැයකට වැඩි කාලයක් ඇතාගේ ඇග පොල්ලෙල්කින් අතුල්ලලා ගොවුවත් නාගන ගිහින් ළග ඇති රා පොලෙන් බොනවා.මම හිතන්නේ ගොවුවා වැටෙනගාන එනකොට ඇතා දන්නවා.කිසි සද්දයක් නැතුව ගොවුවැව හොඩෙන් අරගෙන ගෙදර යනවා.කිසිම කෙනෙකුට කිසිම දවසක කරදරයක් වෙලා නැහැ. සතෙකුට දරුවෙකුට වගේ සළකපුවම සතා ස්වාමියාට සළකන්නේ පියෙකුට වගේ. අද කාලේ ඒ වගේ දරුවෝ හොයාගන්න එකත් අපහසුයි (නි)
කොහොමත් ඔය ගොව්වන් බොහොමයක් රැට පොඩි ෂොට් එකක් අරගෙන ඉන්නේ?(අ)
හෙන්ඩු දෙකක් අත් වල තියාගෙනත් ලැජ්ජා නැතුව ගුටිත් කාලා. අනේ මෙහෙමත් ගොවුවෝ.(නදී)