
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
යතුරුපැදි සංචාරයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකුට ඇල්විටිගල ප්‍රදේශයේදී වටකර පහර දුන් බව කියන වැඩ තහනමට ලක් වූ පොලිස් කොස්තාපල්වරයෙකු ඇතුළු සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව නාරහේන්පිට පොලිසිය කියයි.
පහර කෑ පොලිස් හදිස්සි ඇමතුම් අංශයට අනුයුක්ත නාරාහේන්පිට පොලිසියේ විශේෂ රාජකාරි යෙදී සිටි පොලිස් කොස්තාපල්වරු දෙදෙනා නාරාහේන්පිට පොලිස් රෝහල වෙත ඇතුලත් කර ඇත.
පහර කෑ නිලධාරීන් දෙදෙනා නාරාහේන්පිට මහවත්ත හන්දිය අසල රථවාහන නඩු ලබා ගැනීමේ රාජකාරී යෙදී සිටියදී මෝටර් රථයක් දාබරේ මාවතේ සිට ඇල්බිටිගල මාවත දෙසට අධික වේගෙන් අපරික්ෂාකාරී ලෙස ගමන් කරන අයුරු නිරීක්ෂණය වී ඇතැයි පොලිසිය කියයි.
එම මෝටර් රථය හෝටලයක් අසල නවතා එහි සිටි පිරිස අධික ලෙස මත්පැන් පානය කර කරමින් කෑ ගසමින් සිට ඇති අතර මෝටර් රථය මාර්ගයෙන් පසෙකට ගන්නා ලෙස පොලිස් නිලධාරීන් දැනුම් දීමත් සමඟම එම පිරිස පොලිස් නිලධාරීන් දෙදෙනාට පහරදී තිබූ බව පොලිසිය සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
482
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
253
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1049
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පී.සී ලා දෙන්නෙකුට පහරදුන් වැඩ තහනම් වු පී.සී අත්අඩංගුවට