IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


පී සී දෙවොලත් කැත කරයි

ව්‍යාපාරිකයකුගෙන් රුපියල් 2000 ක අල්ලසක් ගනිද්දී  දකුණු කළුතර පොලිස් රථ වාහන අංශයේ  කොස්තාපල්වරයෙක් අල්ලස් හා දුෂණ විමර්ශණ කොමිසම විසින්  අද (14) අත්අඩංගුවට ගනු ලැබීය. දකුණු කළුතර පොලිසීයේදී   මෙම අල්ලස ගෙන ඇත.

 නඩුවක් සම්බන්ධයෙන්  අධිකරණයේදී සහනයක් ලබා ගැනීම සදහා  මෙම අල්ලස් මුදල ලබාගත් බව විමර්ශනවලදී හෙළි වීඇත.



අදහස් (0)

පී සී දෙවොලත් කැත කරයි

රූපවතී Saturday, 15 June 2013 02:53 AM

මම මේ මුලින් හිතුවේ පීසී වෙන දෙයක් කරලා කියලයි (නි)

:       0       0

රන්ජනී ලන්ඩන් Saturday, 15 June 2013 03:54 AM

මේ වැඩ නිසා පොලිසියේ විනෝද අංශයක් බවට පත්වෙලා වගේ දැන්. (නි)

:       0       0

සරා Saturday, 15 June 2013 04:58 AM

රුපියල් කෝටි ගණන් වංචා කරන රටේ මේක සුලු දෙයක්. පොඩි අවවාදයක් කරලා ඔය මනුස්සයාගේ රස්සාව බේරලා දෙන්න බැරිද? මොකද දරු පවුල් කාරයෙක් නම් පවු නේද? (නි)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Saturday, 15 June 2013 05:20 AM

ඔය කිව්වට පොලිසිය නැතිදාට ඇඳගන ඉන්න අමුඩෙත් උදුරන හොරු ඉඳීවි.පොලිසිය නැති කරන්න එපෝ! (නි)

:       0       0

චතුල වෙරෝනා Friday, 14 June 2013 06:16 PM

මෙන්න තවත් පොලිස් ප්‍රතිපලයක්. අර උඩින් තියනවා නේද මොනවද සම්මන්ත්‍රනයක් පොලිසියට තිබුණා කියලා. වැටයි නියරයි වැට හදන්න ගෙනාපු ආම්පන්නයි ඔක්කොම ගොයම් කනවා (නි)

:       0       0

අජිත් කරුණාරත්න Friday, 14 June 2013 06:56 PM

රාලහාමි රුපියල් දෙදාහකින් මොනවා ගන්නද හිතාගෙන හිටියේ? ළදරු කිරිපිටි පැකට් නම් හයයි. ගෑස් ටැංකියක් ගන්නත් තව රුපියල් හාරසීයක් ඕනෑ. පවු අපරාදේ රැකියාව. (නි)

:       0       0

සරත් ඩු Friday, 14 June 2013 07:15 PM

මම හිතන්නේ පොලිසියක් ඕනෑ නැහැ කියලයි දැන් රටට (නි)

:       0       0

කුමාරි Friday, 14 June 2013 07:38 PM

ගත්ත කෙ‍නයි දුන්නු කෙනයි දෙන්නම අත්අඩංගුවට ගන්න. නැත්නම් මේ දේවල් කවදාවත් අපේ රටින් තුරන් වෙන්නෙ නැහැ (නි)

:       0       0

සිසිර Friday, 14 June 2013 08:14 PM

දැන්නම් ලංකාවේ පොලිසිය නම් ගන්නම දෙයක් නැහැ (නි)

:       0       0

පෙරේරා Friday, 14 June 2013 09:14 PM

වරදට සාධාරන දඩ මුදලක් රස්තියාදුවක් නැතිව ගෙවන්න පුළුවන් කමක් තියෙනවනම් කව්රුත්පොලීසියට පගාව දෙන්නේ නෑ..ආණ්ඩුවට හිමිවිය යුතු විශාල මුදලක් ජරා පප්පන්ට යනවා මේ තියෙන ක්‍රමයෙන්..අනේ මේක තේරෙන්නේ නැති එකනේ වැඩේ මේ බලධාරින්ට (අ)...

:       0       0

අරලිය කාංචන Saturday, 15 June 2013 09:59 AM

ඔය පොලිසියෙ පගා මහත්තයට හොද වැඩෙ,අපෙ රටෙ උසාවි ගානේ රස්තියදු නොවි අනිත් රටවල වගෙ සාධරණ දඩ මුදලක් නියම කරානම් කොහෙටහරි ගෙවන්න පොලිසිවල පගා මහත්තුරු බිහිවෙන් නැහැ,ඔය ලයිසන් එක අරගෙන පොලිසියට එන්න කියන එව එහෙම දියුනු රටවලම් නැහැ.ඒ වෙලාවෙම දඩ කොලෙ ලිව්ව රෙස්පට් එකෙ ගෙවලා දැම්ම.දියුනු රටවල නිතිය අකුරටම තියෙන නිසා මිනිස්සු බයයි,බිලා වාහන එලවන්නෙම නැහැ.මොකද ලොකු දඩයක් ගහනවා.අපෙ එහෙමද වාහනෙ ගෙදරින් එලියට දාපු වෙලෙ ඉදන් ස්ල්ලි කොල ටිකක් අතෙ තියාගෙනම ඉන්න ඔන, (අ)

:       0       0

ජයතිස්ස Friday, 14 June 2013 09:22 PM

රටේ බොහෝ තැන්වල මෙය සුලබව සිදුවෙන අතර පොලිසිය ඉන් එක ආයතනයක් පමණි. අධර්මය රජකරන රටක මේවා බලාපොරොත්තු විය හැක.(අ)

:       0       0

හේරත් Saturday, 15 June 2013 10:27 AM

මේ කුමාරි, නොදන්නා දේවල් ගැන කතා කරන්න එපා (නි)

:       0       0

සුරේස් Friday, 14 June 2013 09:56 PM

නියමයි හොද වැඩේ, මගෙනුත් අල්ලස් ගත්තා කාළුතර දකුණ පොලීසියේ කටිටිය.(නදී)

:       0       0

දම්මික පෙරේරා Friday, 14 June 2013 09:57 PM

අපේ රටේ පොලිසිය නොහද රට හදන්න බැහැ. පොලිසියේ ලොකු පුටුවල සිට පහලටම මෙය තිබෙනවා . එනිසා ලෙහෙසි දෙයක් නෙමේ හදන එක . වැරද්ද කරන එක රජයේ මැති ඇමති වරු දන්නවනම් . ප්‍රසිද්ද නීතිඥයෙක් ගන්න පුලුවන්නම් ඔවුන් බේරිලා (අ)

:       0       0

කමල් Friday, 14 June 2013 09:58 PM

අල්ලස අද අපිව පාලනය කරන ඉහලම පුටුවේ සිට පහලම පුටුව දක්වා රජයන කාලයක් . අල්ලස නොදී බේරෙන්න ජිවත් වෙන්න අද සමාජයේ ඉඩක් නැහැ . එකට අද පවතින රාජ්‍ය ක්‍රමයම සහ ඒවායේ සිටින මුහුණු ඉවත් කර යුතුය (අ)

:       0       0

සරෝජ් Friday, 14 June 2013 09:59 PM

අල්ලස නැතිනම් මේ රට ශ්‍රී ලංකාව නෙමේ.(නදී)

:       0       0

ජෙෆ් Saturday, 15 June 2013 03:34 PM

අජිත් කරුණාරත්න, සරා, දුක් වන්න එපා. අහුවුනේ ඕක විතරයි. අහම්බෙන් සිදුවුන සිදුවීමක් නොවෙන්න පුළුවන් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 179 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site