පොලිස් කොස්තාපල්වරයකුගේ පටියෙන් ඇද රාජකාරියට බාධා කළැයි කියන ව්‍යාපාරික යුවළක් වන කේ එම් ප්‍රදීප් කුමාර හා ඩබි ලිව් ටී තරංගා දර්ශනි පෙරේරා නුගේගොඩ මහෙස්ත්‍රාත් අජිත් මාසිංහ මහතා විසින් ලබන 04 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබුහ.
පන්නිපිටිය මොරකැටියේ වාහන නතර කිරීම තහනම් පදෙසක නවතා තිබු වාහනයක් නතර කිරීම ගැන ප්‍රශ්න කිරීමට යද්දී කොස්තාපල්වරයාට පහර දී ඇතැයි පැමිණිල්ලේ සහන් වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අර ගුටි කාපු රාලහාමිගේ කතාවම නේද? පව් අනේ අර ගැණු කෙනත් ගහලද?(නදී)
පටියෙන් ඇද්ද මිනිස්සු රිමාන්ඩ් ඇබිලිපිටියේ ගහපු කට්ටිය එළියේ.(නදී)
ලංකාවේ පොලිසියට සාමාන්‍ය මිනිස්සු ,දේශපාලකයෝ ,ගහනවා .සාජා වල පොලිස් වාහනයක සයිරන් සද්දේ ඇහුනොත් මිනිස්සු බය වෙනවා .නිතිය හරියට ක්‍රියාත්මකයි .නීතියට හැමෝම යටයි . (දී)
මං කිව්වේ. පොලීසියට දෙයක් වුනාම රාජකාරියට බාධා කිරීම, හැබැයි අර ජීවිතාරක්ෂකට අල්ලගෙන ගහපු සිද්ධියේදි, දෙපාර්ශවය සමථ කරලා යවනවා. (නි)
මහජනයාට පැරණි නීතිය. මන්ත්‍රීලට අලුත් නීතිය. පොලිසියට වෙනයම් නීතියක්. අනේ අම්මපා මටත් හිතෙන දේවල්! (නි)
රාළහාමිලා ප්‍රශ්න කරන විදිය දැක්කම ගහන්නම තම හිතෙන්නේ ,(අ)
අරසාජන්ට ගහපු එකට මොකද වුනේ ? (දී)
අයියෝ රාළහාමි පටි රෝල් නේද (අ)
ඔන්න පොලිසියේ නීතිය (ස)
නියමයි (අ)
පී සී තමන්ටම ගහගත්තා වෙන්න බැරිද? (අ)
ඔන්න දැන් නම් මං අන්ද මන්ද වුනා. පටියෙන් ඇද්ද එකටද ගැහුවා කියලා කිව්වේ? දැන් නම් මං හිතන්නේ එහෙම දෙයක්වත් වෙලා නැහැ, රාලහාමිට ගරු සරු නොකළ නිසා කරපු නිෂ්පාදනයක් කියලයි. (නි)
නියමයි ,ඔය වගේ දඩුවමක් දෙන්න ඕනේ මෙයාලව හදන්න නම් (දී)
ගැහුවේ දේශපාලුවෙක් නම් මුකුත් වෙන්නේ නැහැනේ. (නි)
අර කව්ද ඇමති කෙනෙක් එක්සත් ජාතීන් ගාව මොකක්ද කරන්න කොට පොලිසියේ නිලදාරියකුට මොකක්ද කරා නේද? ඒකට මොකද නිතිය නැත්තේ.(නදී)