දුම්රිය පා පුවරුවේ ගමන් කිරීම තහනම් බවට දුම්රිය ආඥා පනතේ සදහන් නීතිය දෙසැම්බර් මස 01 දා සිට ක්‍රියාත්මක කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි විජය සමරසිංහ මහතා පවසන්නේ දුම්රිය පා පුවරුවේ ගමන් කිරීම තහනම් නිතියක් ඇතත් එය තදින් ක්‍රියාත්මක නොකළ බවයි. නමුත් ලබන පළමුවැනිදා සිට දුර ගමන් සේවා දුම්රිය පා පුවරුවල ගමන් කරන්නන් සදහා නීතිය ක්‍රියාත්මක කිරිමට තීරණය කර ඇති බව ද සමරසිංහ මහතා කීවේය.
පා පුවරුවේ ගමන් කිරීමෙන් සිදුවන අනතුරු වළක්වා ගැනීම සදහා මගීන් වෙනුවෙන් මේ නීතිය ක්‍රියාත්මක කරන බව ද ඔහු පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස්සු පා පුරුවේ යන්නේ යන්න තැනක් නැති නිසයි. එකටත් කෙලියා නේද ? (ම)
පා පුවරුවේ යන්නේ ඉඩ නැති කමටමත් නෙවෙයිනේ. තහනම් කිරීම හොඳයි. අනතුරු අඩුවෙයි. පා පුවරුවේ විනෝදයටත් යන අය අනන්තයි, මං හොඳට දැකල තියෙනවා ආසන වල ඉඩ තිබිලත් එහෙම යනවා. දියුණු රටවල් වල දොරවල් විදුලි පද්ධතියක් අනුව ක්‍රියා කරන්නේ. (බ)
මිනිස්සු ආශාවට පා පුවරුවේ ගමන් කරනවා කියලා වෙන්න ඇති ලොකු ලොක්කෝ හිතාගෙන ඉන්නේ. (නි)
මේ වගේ "නිදාගන්නා" නීති කොතරම් අපේ රටේ නීති පොත්වල තිබේද? ඒවා ක්‍රියාත්මක කළොත් රටටත්, මහජනතාවටත් කොතරම් සහන සැළසේද? මේ විදියට පාපුවරුවල වවුලන් වගේ එල්ලී ගමන් කරන්නේ මැදිරිවල ඉඩ නැති නිසාද කියා මුලින් සොයාබලන්න ඕනෑ. මේ විදියට ගොස් අනතුරක් සිදුවූවිට පොලිසිය එනතුරු දුම්රිය නවතාගෙන සිටීමෙන් මඟීන්ට ඇතිවන දුෂ්කරතාවයත්, දුම්රිය සේවයට වන අලාභයත් සුළුපටු නොවේ .... (නි)
දියුණු රටවල මෙන් දොරවල් තිබීමෙන් එම ආරක්ෂාවට අමුතු නීති අවශ්‍ය නොවේ. අපේ රටේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් යමක් කරන්නට පාලකයන්ට හා නිලධාරීන්ට උවමනාවක් නැහැ. පාලකයින්ට ලෝකයේ තිබෙන ඉහළම වාහන, විශ්‍රාම වැටුප් සහිත විවිධ වරප්‍රසාද. නමුත් සාමාන්‍ය ජනතාවට අවම පහසුකම්වත් ලබානොදෙනවා පමණක් නොව එයින්ද ගසා කෑමට දක්ෂ පිරිසක් තමයි බහුතරය ඉන්නේ. (නි)
හොඳ අදහසක්. ප්‍රථමයෙන් සියලුම දුම්රිය මැදිරි තුළ දැන්වීම් ඇලවිය යුතුය. නීතිය නොදන්නා බොහෝ විදේශිකයන් මෙම වරද කරනවා මා දැක තිබෙනවා. (නි)
කියපු විදියටම දැන් දුම්රියේ හිඟන්නොත් යන්නේ නැති නිසා ඇතුළෙ ඉඩ තියෙනවනේ. ඒ හින්දා පා පුවරුවල යන කට්ටියට වාඩිවෙලා යන්න පුලුවන් (නි)
ඇති යාන්තන්... මේ නීතිය නම් හොඳයි (නි)
හොඳ පියවරක්. හරි නම් කෙරෙන්න ඕනෑ අනිවාර්යයෙන්ම දොරවල් වසාගෙන යාමේ නීතියක් ක්‍රියාත්මක කිරීම. නැතුව කොහොමද පාපුවරුවේ යන එක නවත්වන්නේ? සංවර්ධිත රටවල මඟීන් පවා දුම්රියවල හිරවෙලා යනවා. වෙනස් වන්නේ දුම්රිය සුඛෝපබෝගී වීම පමණයි. එහෙත් දොරවල් අනිවාර්යයෙන්ම වසාතබන නිසා අපේ රටේ මෙන් මහමඟ මරණ නැහැ. නමුත් අපේ අය වර්ජන කරාවි, පාපුවරුවේ යන්න ඕනෑ, නැත්නම් වෙලාවට වැඩට යන්න බැහැ කියලා! (නි)
කතා විතරයි.....හිඟන්නෝ නැති කරනවා කිව්වා. කෝ කළාද? තාමත් ඉන්නවා. හොඳටම පිරිච්ච කෝච්චි වල තමයි ඒ අය හිඟාකන්නේ. මේ ඊයෙත් හිටියා (නි)
සියලුම සැප සම්පත් විඳින උගතුනි, මඟීන් පා පුවරුවේ යන්නේ කැමැත්තෙන් නොවේ. කෙසේ වෙතත් මේ රටේ කිසිම උගතෙක් හෝ දේශපාලුවන් මේ රටේ සාමාන්‍ය ජනතාව විඳින දුක දන්නේ නැත. හැකිනම් කාර්යාල වේලාවන් සඳහා යොදවා ඇති දුරගමන් හෝ කෙටිගමන් දුම්රියක ගොස් බලන්න. (නි)
ඇයි දුරගමන් විතරක්? ළඟ ගමන් යන්නේ දුම්රියෙන් නෙමෙයිද? (නි)