රජයේ මහජන ආධාර මුදල් රුපියල් දාහතර ලක්‍ෂයකට වැඩි මුදලක් වංචා කළැයි මිනුවන්ගොඩ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මුදල් අයකැමිවරිය ගම්පහ පොලිස් කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
තැපැල් කාර්යාල වලින් මාසික ආධාර ගෙවීමෙන් ඉතිරිය ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයට එවු මුදල් වසර තුනක කාලයක් පුරා වංචා කළ බව පෙනේ යැයි ගම්පහ දිසාපති ජේ.ජේ. රත්නසිරි මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රොකී දන්නේ නැත්තන් දේවල් නොකියා ඉන්න. තැපැල් කන්තෝරුවලින් ගෙවලා ඉතුරු වෙච්ච මුදල් කියලා කියන්නේ මහජනාධාර මුදල් ලබා ගැනීමට නොහැකි වූ අයගේ ( එම මාසයේ මියගිය,එම මාසයේ අදාළ ප්‍රදේශයේ පදිංචිව නොසිටි නිසා මුදල් ලබා ගැනීමට නොහැකි වූ,රෝගී නිසා මුදල් ලබා ගැනීමට නොහැකි වූ ආදී විවිධ හේතුන් නිසා ) මුදල් නැවතත් අමාත්‍යංශයේ ගිණුමට බැර කිරීමට තැපැල් කන්තෝරුවලින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට එවීමයි. කොහොම උනත් අවුරුදු තුනක් මෙහෙම උන එක ගැන නම් හිතා ගන්න බෑ.(නදී)
පින් පඩිය ගන්නට තැපැල් කාර්යාලයට ඉඳහිට හෝ නො පැමිණෙන අපේ වයෝවෘධ අම්මලා තාත්තලා ඉන්නවා. මෙවර නාවාට ඊළඟ වාරයේ එනවා. කෙසේ වෙතත් මෙවන් වංචා සිදු නො වීමට අතිරික්ත මුදල් ආපසු හරවා යැවීමේදී සහ ඒවා භාර ගැනීමේදී විධිමත් වැඩපිළිවෙලක් යටතේ කළ යුතු බව පැහැදිළිය. අඩුම තරමේ ගණකාධිකාරිවරයෙකුගේ අධීක්ෂණය යටතේ එම මුදල් බැංකු ගත කිරීම වැනි සරළ ක්‍රමයක්වත් යොදාගැනීම කළ යුතුය. (නදී)
හෙනහුරා මේ දවස් වල වැඩ වසන්නේ වැඩි හරියක් හිඟන්නාගේ පාත්‍ර යේමයි. (දී)
මෙන්න මෙයාල තමා ජරා මිනිස්සුන්ගෙත් ජරා මිනිස්සු අහිංසක මිනිස්සුන්ට දෙන පින් පඩියත් විදින හිගන්නෝ මුන්ට ආත්මයක් නෑ.(නදී)
සාරසි! එතකොට මිලියන ගණන් හොරා කෑවම දිරවනවද? වැඩේ වැරදියි. නමුත් මේ මනුස්සය වැඩ කරලා තියෙන්නේ රට යන විදියට.(නදී)
හිගන්නාගේ පාත්තරේට හෙනහුරා වැහිලා .(දිල්)
තැපැල් කන්තෝරුවලින් ගෙවලා ඉතුරු වෙච්ච මුදල් කියලා කියන්නේ ඒවා ලබා ගන්න කවුරුවත් නැද්ද? අවුරුදු තුනක කාලයක් මෙහෙම වුනේ දිසාපති උන්නැහේලා නිදාගෙන හිටියද? මේ කතක්දරේ පිටිපස්සේ මීට වඩා අමුතු කතන්දරයක් තියනවා වගෙයි පෙනෙන්නේ.(නදී)
මහම ජරාම වැඩක්. ඔය සල්ලි වලින් කන දේවල් දිරවනවද. පින් පඩි කොච්චර පොඩි ගණනක්ද මාසෙකට ඒ මිනිසුන්ට ලැබෙන්නේ. මේ වගේ වැඩ හෙලා දැකිය යුතුයි.(නදී).