
(ටී.කේ.ජී.කපිල)
ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික රෝෂන් කුමාර මහතාට වෙඩි තබා මරා දැමීම ඇතුළු තවත් මිනීමැරුම් ගනනාවක් සදහා පොලිස් විමර්ශන සදහා අවශ්‍යව සිටි ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වෙනත් නමකින් ඩුබායි යාමට කටුනායක ගුවන්තොටුපොළට පැමිණි අවස්ථාවේ අත්අඩංගුවට ගෙන ඇත.
ව්‍යාජ ලේඛනයක් මගින් නම වෙනස් කර ව්‍යාජ ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් ඩුබායි බලා පළා යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියදී , ස්වයංක්‍රීය මුහුණු හදුනා ගැනීමේ පද්ධතිය ෙ( Facial Recognition System ) මගින් හදුනා ගැනීමෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් සැකකරු අත් අඩංගුවට ගෙන තිබේ .
ඔහු ඇල්පිටිය , කරන්දෙණිය ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි අයෙකි .
ඔහු මෙරටින් පළා යාම සදහා මදුරදූවගේ දිල්ෂාන් මධුසංඛ ද සිල්වා යන ව්‍යාජ නමකින් කූඨ ලෙස සකස් කළ ගමන් බලපත්‍රයක් සකස් කර ගෙන තිබුණි .
ඔහු කළක් ශ්‍රී ලංකා යුධ හමුදාවේ කොමාන්ඩෝ රෙජිමේන්තුවේ සේවය කර , එය හැර ගිය අයෙකි .
මොහු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරිකවරයා වෙඩි තබා මරා දැමීම සදහා ඔත්තු බැලූ බවට පොලිසිය විසින් කරුණු අනාවරණය කර ගෙන තිබේ .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ ඔක්කොම මැරයෝ ටික ඉන්නේ ඩුබායි වල නේ
මේ මහජන පරීක්ෂක තුමා තවත් වෙද්‍යවරයෙක් සමඟ එක්තරා නාලිකාවක් තුළින් ජනතාවට ඉතාම වැදගත් තොරතුරු රැසක් හෙළි කරමින් පවත්වපු වැඩ සටහනකදී ඔය සුප් කැට සෝස් ආදිය ගැන කල හෙලිදරව්වකින් පසු මෙම ඝාතනය සිදුවී තිබෙනවා. ඒ විතරක් නොවේ ඒ වෛද්‍යවරයාවත් පසුව ඝාතනය කර තිබෙනවා