තඹලගමුව මහජන සෞඛ්‍ය පරීක්‍ෂක මෝල්ගසකින් ගසා මරා දැමීයැයි කියන සිද්ධියට විරෝධය පළකිරීමට කොළඹ මහනගර සභා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරු අද උද්ඝෝෂණයක් ඇරැඹූහ.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහර අය මිනිස්සුන්ට වැදගත් විදියට කතාකරන්න දන්නේ නෑ....ඒකයි ප්‍රශ්නේ...කොහොම වුණත් මිය ගිය කෙනා ගැන කණගාටුයි....
මොනව කරන්නද පිස්සෙක්නම් ගැහුවේ...
මෙයා මැරැවෙ ඇයි කියලා ඇත්තටම හොයන්න..? සමහරවිට ඇත්ත මීට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් විය හැක.
පොලිසියට නිවසක් පරීක්ෂාකිරීමට අවසර පත්‍රයක් අවශ්‍යයි.. නමුත් PHI මහත්වරැන්ට එහෙම ඕන නැහැ.. මෙයටත් නීතියක් තිබුණොත් හොදයි..
බලාගෙන ගියාම දැන් ඔක්කොම පිස්සො වගේ.
මෝල් ගහෙන් ගැහුවේ වං ගෙඩිය පරීක්ෂා කරන්න ආවද දන්නෑ
මේ සිදුවීම ඉතා කණගාටුදායකයි. මියගිය නිලධාරියා ගැන ඇත්තටම දුකයි. එත් ගොඩක් පී.එච්.අයි මහත්වරු තමන්ට ලැබුණු බලතල ප්‍රයෝජනයට අරගෙන ඩෙංගු වලට කියල අසාධාරණ විදිහට නඩු දානවා. මමත් එහෙම දෙයකට මුණ දුන්න කෙනෙක්. ඩෙංගු කීටයෝ තියා, වත්තේ වතුර බින්දුවක්වත් නැතුව තියෙද්දී නඩු දැම්ම. කොච්චර ආයාචනා කළත් වැඩක් උනේ නැහැ. රජයේ නිලධාරීන් නිසා මේ අයත් එක්ක අපිට රන්ඩු කරන්නත් බැහැ. මොකද නීතිය තියෙන්නේ මෙයාලගේ අතේනේ. ඇත්ත තත්වේ මේකයි. ඩෙංගු නැතිකළ යුතුයි.ඒ ගැන කිසි තර්කයක් නැහැ. එත් සමහර පී.එච්.අයි නිලධාරීන් ඇත්තටම ඩෙංගු කීටයන් ඉන්න තැන්වලට හෝ බෝවිය හැකි තැන්වලට නැතුව, අහිංසක මිනිස්සුන්ට බොරුවට නඩු දාන එක හරි නරක දෙයක්
හරිනම් මේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරැන්ගෙ අසාධාරණ වැඩ වලින් අපහසුතාවයට පතවෙච්ච අයයි විරෝධතා දක්වන්න ඕන
දැන් රටේ ඩෙංගු අධික්‍රියාකාරී මාසයක් දාල තියෙනවානෙ.. ඒක ඉවරවෙනකල් මෙයාල වර්ජනය කරයි.
මිනිස්සු පී.එච්.අයි ලාට තම සහය දිය යුතුයි.එවිට ඩෙංගු උවදුර තුරන් කරන්න පුලුවන්
පොලිසිය එගොල්ලන්ගෙ සහය පී.එච්.අයි මහත්වරැන්ට දිය යුතුයි. එතකෙට ඩෙංගු ප්‍රශ්ණය විසදිය හැකිය..
ඔය උද්ඝෝෂණ අංගොඩ මානසික රෝහල ඉදිරිපිට කළානම් හරිනේ. මොකද පොල්ලෙන් ගැහුවේ මානසික රෝගියෙක්නේ
පී.එච්.අයි ලට සහයෝගය දීලා ඩෙංගු දුරු කළානම් ඉවරයි
මානසික රෝගය කෙසේ වෙතත් කාගේ හරි අත කොළුවක් වෙන්න ඇති.
ඊලගට PHI මහත්තුරු අපේ ගෙවල්වල මෝල්ගස් තියනවද කියල බලල දඩගහයිද දන්නේ ?
මෙය අවධානම් සහිත ජොබ් එකක් . ආත්මාරක්ෂක සටන් පුහුණුවක් ලබාදිය යුතුයි . පරික්ෂාකිරීම් වලට යන විට පොලිසියේ ආරක්ෂාව ලබා දිය යුතුයි . නැතිනම් මේ වගේ දේවල් ඉදිරියටත් සිදුවිය හැක .