නේපාලයේ, ‘හිම්ලුං හිමාල්’ කඳුවැටියේ හිම කඳු නායයෑමකින් 12 දෙනකු අතුරුදන් වුණු බවත්, අතුරුදන්වූවන්ගෙන් දෙදෙනකුගේ මළ සිරුරු හමුවුණු බවත් විදෙස් මාධ්‍ය පවසයි.

හිමකඳු නායයෑමට ලක්වූයේ නේපාල ජාතික කඳු නැගීමේ මාර්ගෝපදේශකයින් සහ සහායක පිරිසකි.‘හිම්ලුං හිමාල්’ යනු මීටර් 7,126 ක් උස, නේපාලයේ මනං දිස්ත්‍රික්කයේ පිහිටි කඳු වැටියකි. කඳු නැගීමේ මාර්ගෝපදේශකයින් සහ සහායකයන් නායයෑමට හසුවූයේ ඔවුන් ඔවුන්ගේ කඳවුරේ රැඳී සිටිද්දීය.