IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


නුවරවැවේ මායිම් දැමු ආකාරය රජයේ අප්‍රසාදය

(දයාරත්න ඇඹෝගම සහ රෝහණ චන්ද්‍රදාස)

නුවරවැවේ වැව් රක්ෂිතයේ මායිම් ගල් දැමිම සම්බන්ධයෙන් රජය විවේනයට ලක්වන ආකාරයටත් ජනතාවගේ අප්‍රසාදයටත් ලක්වන ආකාරයටත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරින් කටයුතු කර ඇතැයි වෙළද,වාණිජ,ආහාර සුරක්ෂිත සහ සමුපකාර අමාත්‍යය වසන්ත සමරසිංහ මහතා අද අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්මිමේදි පැවසිය.

“අනුරාධපුර නුවරවැව වැව් රක්ෂිතයේ මායිම් සළකුණු කිරිම සදහා මායිම් ගල් දැමිමේදි අනවශ්‍ය ප්‍රශ්නයක් පැන නැගි තිබේනවා.මේ ප්‍රශ්නය සාමකාමිව විසදන්නේ කොහොමද යන්න පිළිබදව අපි දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සාකච්ජා කරමින් යන්නේ.

නුවරවැවේ පදිංචි කරුවන්ටත් අපි කියුවා මායිම් ගල් දැමිමේදි සිදුවන ගැටළු සම්බන්ධයෙන් කමිටුවට ප්‍රශ්න ඉදිරිපත් කරන්න කියලා. කමිටුවෙන් අවශ්‍ය මැදිහත්විම සිදුකරයි කියලා අපි ගම්වාසින්ට කියුවා. එහෙම තියද්දි වාරිමාර්ග දෙපාර්තමේන්තුව නෝටීස් එකක් ගහලා තියෙනවා අනවසර ඉදිකිරිම් කඩා ඉවත් කරනවා කියලා.වාරිමාර්ග අධ්‍යක්ෂකවරයා මේ බව මාධ්‍යටත් කියුවා. කමිටුවෙන් අවසන් තිරණයක් ගන්නකන් කිසිම ඉදිකිරිමත් කඩා ඉවත් කරන්න එපා කියලා තියෙද්දි තමයි වාරිමාර්ග අධ්‍යක්ෂකවරයා මේ නෝටීස් ගහලා තියෙන්නේ.

“මායිම් ගල් දාන්න යද්දි ඉම් හිමියන්ගේ දේපලවලට අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබි තිබේනවා. කිසිදු තීරණයක් නැතිව කඩා ඉවත් කරන බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් නෝටීස් ගහලා.කවුද එහෙම තිරණය කළේ.කමිටු නිර්දේශයක් නැතිව.

මෙහිදි අදහස් දැක්වු වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අනුරාධපුර කලාප අධ්‍යක්ෂ ඉංජිනේරැ ජයන්ත ඩී සිල්වා මහතා මේසේ පැවසිය.

“ගම්වාසින් තමන්ගේ ඉඩම මැදින් මායිම් ගල් දානවට කොහොමත් විරැද්ධයි.මෙතෙක් කිසිම ප්‍රශ්නයක් ඇතිවේලා නැහැ. වාරිමාර්ග අධ්‍යක්ෂක ජනරාල් වරයාටත් ඉවත් කිරිම සම්බන්ධයෙන් දමා තිබු නෝටීස් එක ගිහිල්ලා තිබුණා. එතකොට තමයි මමත් මේ බව දැනගත්තේ.අක්කර පනහා කියලා ඉඩමක් තියෙනවා.එම ඉඩමේ ගල්දාන කොට ප්‍රශ්නයක් ආවා.ඒක බදු ඔප්පු දිපු ඉඩමක්. ඒම ඉඩම් හිමියා පොලිසියටත් පැමිණිලි කොට තිබුණා.නුවරවැවට ආසන්නව එම ඉඩමේ ඉදිකිරිමක් තිබුණා. එහි කවුරැවත් පදිංචිව හිටියෙත් නැහැ.අපේ ඉංජිනේරුවරියක් එම ඉඩම ඉවත් කරන්න නෝටීස් එකක් ගහලා තිබුණි.ඊට පස්සේ මම එම නෝටීස් එක ඉවත් කිරිමට පියවර ගත්තා. ඒ ඇරෙන්න කිසිම චෝදනාවක් ඉදිරිපත් වුනේ නැහැ.”මේවන විට සීයයට අනුවක පමණ භුමි ප්‍රමාණයක මායිම් ගල්දමා අවසන් කොට ඇති බවත් සිල්වා මහතා පැවසිය.



අදහස් (0)

නුවරවැවේ මායිම් දැමු ආකාරය රජයේ අප්‍රසාදය

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31516 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13849 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11068 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 153 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1071 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 300 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site