(විමුක්ති එස් රුද්‍රිගු)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තම ණය දීම පිළිබඳ නීති වෙනස් කරමින් ඇමෙරිකානු ඩොලර් බිලියන 14ත් 16ත් අතර ණය මුදලක් යුක්රේනයට ලබා දීම සඳහා ඇති ඉඩකඩ සම්බන්ධයෙන් සොයා බලමින් සිටින බව ආරංචි මාර්ග උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
රුසියානු හමුදා යුක්රේනයෙන් පළවා හැරීමට ගන්නා උත්සාහයේදී එරට අවශ්‍යතා ඉටු කරගැනීමට මෙන්ම ජාත්‍යන්තර ආධාර ලබා ගැනීමට ඇති හැකියාව වැඩි දියුණු කිරීමට මෙම ණය මුදල යුක්රේනයට ලබා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අදහස් කරන බව ආරංචි මාර්ග පෙන්වා දී තිබේ.
ණය මුදල ලබා දීම කොන්දේසි ගණනාවක් මත රඳා පවතින බවත් යුද්ධයක් මත පවතින රටකට ණය ලබා දීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය දීම සඳහා පවතින නීති වෙනස් කිරීමට සිදුවන බවත් ආරංචි මාර්ග ප්‍රකාශ කර ඇත.
අනුමැතිය ලැබුනහොත් ණය මුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 14 ත් 16 ත් අතර වනු ඇති බවත් එය වසර 3 ත් 4ත් අතර කාල සීමාවක් සඳහා වනු ඇති බවත් ආරංචි මාර්ග පවසා තිබේ.පළමු කොටස ඇමෙරිකානු ඩොලර් බිලියන 5 ත් 7 ත් අතර මුදලක් වනු ඇති බවත් ආරංචි මාර්ග පෙන්වා දී ඇත.
මෙම සැලැස්මට මාර්තු මස වන විට අනුමැතිය ලැබේ යැයි බලාපොරොත්තුවක් තිබෙන බවත් ණය මුදලේ පළමු කොටස අප්‍රේල් මස ලැබීමට ඉඩකඩක් තිබෙන බවත් ආරංචි මාර්ග ප්‍රකාශ කර තිබේ.
2025 දෙසැම්බර් මස 04
566
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
493
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
421
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නීති වෙනස් කර අයි.එම්.එෆ් යුක්රේනයට ණය දෙයි?
wicky Friday, 27 January 2023 04:19 PM
අපි ඩොලර් බිලියන 2.9 ගන්න කොච්චර කල් බලන් ඉන්නවද?