IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


නිව්යෝක් නගරයට මුස්ලිම් නගරාධිපතිවරයෙක්

ඇමෙරිකාවේ නිව්යෝක් නගරසභා මැතිවරණය ජයග්‍රහණය කිරීමට ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂක සොහ්රාන් මම්දානී සමත් විය. ඒ අනුව, නිව්යෝක් නගරාධිපති ධුරයට පත්වන පළමු මුස්ලිම් නගරාධිපතිවරයා වන්නේ මම්දානීය.

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරමින් මැතිවරණයට ඉදිරිපත් වූයේ ඇන්ඩෲ කියෝමෝස් ය. 

කියෝමෝස් මෙම මැතිවරණය ජයග්‍රහණය කළ යුතුම යැයි ට්‍රම්ප් අවස්ථා ගණනාවකදී පවසා තිබුණි. මුස්ලිම් නගරාධිපතිවරයකු පත් වීම සම්බන්ධයෙන් ට්‍රම්ප් ප්‍රසිද්ධියේ කනස්සල්ල පළ කර ඇති බව ද පැවැසෙයි. සොහ්රාන් මම්දානී ලැබූ මෙම ජයග්‍රහණය ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පක්ෂයට විශාල වාසියක් වනු ඇතැයි ද පැවැසෙයි.

34 හැවිරිදි මම්දානී, ලබන ජනවාරි පළමු වැනිදා නගරාධිපති ලෙස දිවුරුම් දීමට නියමිතය. මම්දානී උපත ලබා ඇත්තේ අප්‍රිකා රාජ්‍යයක් වන උගන්ඩාවේ කම්පාලා නුවරදීය. ඔහු ඇමෙරිකාවට සංක්‍රමණය වී ඇත්තේ අවුරුදු 7 දීය. 

මම්දානී ඇමෙරිකාවේ මේන් ප්‍රාන්තයේ බෝඩොයින් විද්‍යාලයෙන් අප්‍රිකානු අධ්‍යයන පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධියක් ලබාගෙන ඇත. දේශපාලනයට පිවිසීමට පෙර, ඔහු නිවාස උපදේශකයකු ලෙස සේවය කළ අතර, අඩු ආදායම්ලාභී පවුල්වලට ඉවත් කිරීම් වැළැක්වීමට සහාය දක්වා තිබේ. මම්දානී, මෙම වසර මුලදී විවාහ විය. ඒ, නිව්යෝක් බෘක්ලින්හි පදිංචි 27 හැවිරිදි සිරියානු ජාතික කලා ශිල්පිනියක වන රාමා දුවාජි සමඟය. 

 



අදහස් (0)

නිව්යෝක් නගරයට මුස්ලිම් නගරාධිපතිවරයෙක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 70 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2018 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1562 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site