
(ජේ.ඒ.එල්.ජයසිංහ සහ ෂේන් සෙනෙවිරත්න)
මහනුවර ඓතිහාසික දළදා මාලිගාවේ නව දියවඩන නිලමේ ලෙස නිලංග දෑල මහතා මීට සුළු වේලවකට පෙර තේරිපත්විය.
නිලංගදෑලට පක්ෂව ඡන්ද 195ක් ද ලබාගත් අතර මහනුවර ශ්‍රී මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඒ.එම්.දමින්ද බණ්ඩාර උඩුරාවණ මහතා ඡන්ද 50ක් ද මහනුවර ශ්‍රී නාථ දේවාලයේ සහ ඇම්බැක්ක ශ්‍රී කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඒ.ඩබ්ලිව්. සරත් බණ්ඩාරනායක, ඡන්ද 13ක් වශයෙන් ලබාගත්තේය.
දියවඩන නිලමේවරයාගේ ධුර කාලය වසර 10ක් වේ.
වර්තමාන වැඩබලන දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා අවස්ථා දෙකකදී වසර 20ක් දියවඩන නිලමේවරයා ලෙස කටයුතු කර ඇති අතර, ඔහුගේ නිල කාලය පසුගිය අගෝස්තු මාසයේදී අවසන් විය.
මෙවර දියවඩන නිලමේ තනතුරට වැඩබලන දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල,මහනුවර ශ්‍රී මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඒ.එම්.දමින්ද බණ්ඩාර උඩුරාවණ, මහනුවර ශ්‍රී නාථ දේවාලයේ සහ ඇම්බැක්ක ශ්‍රී කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඒ.ඩබ්ලිව්. සරත් බණ්ඩාරනායක, ඓතිහාසික සෝනුත්තර රජමහා විහාරයේ භාරකරු හා සතර මහ දේවාල භාර මහා නිළමේ රොෂාන් ප්‍රියදර්ශන, වරකාපොල දොරවක ශ්‍රී නාථ දේවාලයේ හිටපු භාරකාර ඉනිදික රුවන් පතිරණ, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපාධිධාරි ගාමිණි කළුහැන්දිවෙල, මහාචාර්ය තිලක් සුබසිංහ සහ ශ්‍රී ලංකා යුද හමුදාවේ විශ්‍රාමික කර්නල් වීර මඩුගල්ල පදනමේ සභාපති නන්ද මඩුගල්ල යන මහත්වරු ඉදිරිපත් වූහ.
2025 නොවැම්බර් මස 04
297
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2122
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1613
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නිලංග දෑල නව දියවඩන නිලමේ