
(ගයාන් සූරිය ආරච්චි)
රාජ්‍ය බුද්ධි සේවයේ නියෝජ්‍ය පොලිස්පතිවරයකු ඇතුළු නියෝජ්‍ය පොලිස්පතිවරුන් 6 දෙනකුට ස්ථාන මාරු ලබා දී ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.
පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නිර්දේශ මත ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි මෙම ස්ථාන මාරු ලබා දී ඇත.
රාජ්‍ය බුද්ධි සේවයේ නියෝජ්‍ය නියෝජ්‍ය පොලිස්පති වශයෙන් කටයුතු කළ එච්.කේ.ආර්. ප්‍රනාන්දු මහතා විශේෂ කාර්ය අංශය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත්කර ඇත.
යාපනය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ ගයංග මාරපන මහතා කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙසත්, කළුතර දිසාව භාරව සිටි නියෝජ්‍ය පොලිස්පතිනි ඩබ්.ජේ. පද්මිනී මහත්මිය කෑගල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිනිය ලෙසත් ස්ථාන මාරු කර ඇත.
ඒ අනුව කෑගල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු ඔෂාන් හේ භාවිතාරන මහතා යාපනය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසත්, මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය භාරව සිටි චන්දන කොඩිතුවක්කු මහතා සුභසාධක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත්කර ඇත.
සුභ සාධක දිසාව භාරව කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති ඩබ්.වී. ගිනිගේ මහතා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ස්ථාන මාරු කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd