
(අංජුල මහික වීරරත්න)
බන්ධනාගාර ගත වන භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සහ නිත්‍ය නියෝග යාවත්කාලීන කිරීමෙන් අනතුරුව අදාළ නිකායේ හෝ පාර්ශ්වයේ නිර්දේශය මත භික්ෂුන් වහන්සේලා චීවරය සහිතව බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යාමට කටයුතු කෙරෙනු ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි.
ත්‍රෛනිකායික මහා සංඝරත්නය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර පසුගිය 08 වැනිදා පැවති සාකච්ඡාවේදී තීරණය වූ පරිදි, බන්ධනාගාර ආඥාපනත යටතේ සාදන ලද නීති රෙගුලාසි සහ නිත්‍ය නියෝග යාවත්කාලීන කිරීම පිණිස පත් කරන ලද විශේෂ කමිටුවේ මූලික සාකච්ඡාව ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
එම කමිටුව සති දෙකක් ඇතුළත අදාළ අධ්‍යයනය සිදු කර නව රෙගුලාසි සහ නිත්‍ය නියෝග සංශෝධනය සඳහා යෝජනා ඉදිරිපත් කිරීමට නියමිත අතර, එම සංශෝධන වල භික්ෂූන් වහන්සේට අදාළ යෝජනා, අදහස් ලබා ගැනීම සඳහා එලඹෙන සතියේ මැද වන විට මහා සංඝරත්නය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
මෙම රෙගුලාසි ඉදිරි සති දෙක තුළ සම්මත කිරීමට අපේක්ෂා කෙරෙන බවද ජනාධිපති කාර්යාලය කියයි.
අදාළ කමිටු සාකච්ඡාව සඳහා කමිටු සභාපති, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ප්‍රින්ස් සේනාධීර, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පියුමන්ති පීරිස්, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වසන්ත ආරියරත්න, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්.එම්.ජී. සේනාරත්න සහ බන්ධනාගාර දොපාර්තමේන්තුවේ කොමසාරිස්වරයෙකු වන ඒ.සී. ගජනායක යන මහත්ම-මහත්මීහු එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර තායිලන්නේ 22 එලියට වඩිනකොට දර්ශනීයව තිබෙයි. මාංචුත් ඇඳුමට අයිතිද? ඒව දාන්න හොඳේ, නැත්තං සම්පූර්ණ නෑනේ.
ඒ අයිතිය සමානව හා අනෙක් ආගමික පූජක පක්ෂයට ගැලපෙන විදිහට ලැබිය යුතුයි.
ඥානසාර යුනිෆෝම් එකෙන් මාංචු දාල එනකොට හැඩට ඉඳියි.
මේක තනිකරම අනවශ්‍ය වැඩක්
බොහොම කනගාටුදායක තත්ත්වයක්. භික්ෂුවක් හෝ පූජ්‍ය පක්ෂයේ කෙනෙක් සිරගත වෙනවා කියන්නේ, ඔහු හෝ ඇය පූජ්‍ය පක්ෂයේ සාමාජිකයෙක් හැටියට තවදුරටත් රඳවා ගැනීමට සුදුසු නොවන කෙනෙක් බවයි. පූජ්‍ය පක්ෂයේ අය සාමාන්‍ය ජනතාවට වඩා විශේෂ වූ විනයක් සහ හොඳ හික්මීමක් ඇති, විශේෂ පුහුණුවක් ලැබූ, සමාජයෙන් ගරු බුහුමන් ලබන පිරිසක්. පූජ්‍ය පක්ෂයේ අය තම ධර්මයේ සංකේතය වන ලෝගුව හෝ සිවුර පැළඳගෙන, මාංචු දමාගෙන විවෘත සමාජයේ පෙනී සිටීමෙන් දෙන පණිවිඩය එතරම් හොඳ දෙයක් නෙවෙයි. මෙවැනි ක්‍රියා නිසා නියම සිල්වත් පූජ්‍ය පක්ෂයේ අයගේත්, හොඳ යහපත් ගුණවත් ජීවිත ගත කරන ගිහියන්ගේත් සිත් කොතරම් දුරට පෑරෙනවා ඇද්ද? ඇයි මේ ගැන කවුරුවත් හිතන්නේ නැත්තේ?
ඔය තරමට බයක් තිබුනාම හොඳටම ඇති.
සිවුරු දරාගෙන මාංචු පිටින් එන එක අනුමත කරන්න බැහැ .ඒක සිවුරට සහ බුදුදහමට කරන අපහාසයක් ...වරද කලේ සිවුරු පැළඳගෙන ඉන්න හොරු මිසක් සිවුර සහ බුදුදහම නොවේ . ...ඒ නිසා දඬුවම් ලැබිය යුත්තේද පුද්ගලයා මිස ඇඳුම සහ ආගම නොවේ .
ත්‍රෛනිකායික මහා සංඝයා වහන්සේලාගෙන් විය යුත්තේ ජනාධිපති තුමන් සමග මේසයේ හිද රෙගුලාසි යාවත්ලීකාලීන කිරීම නොව ,සංඝයා වහන්සේලා නිල් පැහැති බසයේ නැග්ගවීම නොව , ආර්ය අෂ්ඨාංගික මාර්ගය පා ගමනින් වැඩම කරවා බන්ධනාගාරය තහනම් කිරීමයි.
සංඝ නායකත්වය කලයුතු චීවරයේ ගරුත්වය රැකීමට චූදිතයින් තාවකාලිකවවත් උපැවිදි කිරීම නොවේද?අවසාන ප්‍රතිඵලය චීවරධාරීන්ට සමාජයේ ගරුත්වය නැතිවීම....