
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රේගුවෙන් බහාලුම් 323ක් පිට කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සම්බන්ධයෙන් කරුණු සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව සමාජ ක්‍රියාකාරික නාගානන්ද කොඩිතුවක්කු මහතාගෙන්ද ප්‍රශ්න කිරීමට නියමිතය.
මේ අනුව කොඩිතුවක්කු මහතා එම කමිටුව හමුවට ඉදිරි දිනවලදී කැඳවෙනු ඇත
කන්ටේනර් සිද්ධිය සම්බන්ධයෙන් නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් යම් යම් වැදගත් කරුණු අනාවරණය කෙරුණු හෙයින් ඔහුගෙන් මෙසේ ප්‍රශ්න කිරීමට තීරණය කර ඇති බව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පවසයි.
මේ අතර කන්ටේනර් සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හිටපු අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතාගෙන්ද පසුගිය සතියේදී ප්‍රකාශයක් සටහන් කර ගත්තේය.
කමිටුවෙන් කෙරුණු දැනුම් දීමක් අනුව ගම්මන්පිල මහතා ඒ කමිටුව හමුවේ පෙනී සිටියේය.
උදය ගම්මන්පිල මහතාද කන්ටේනර් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රසිද්ධ මාධ්‍ය ඔස්සේ මෑත දී කරුණු රැසක් අනාවරණය කළ දේශපාලනඥයෙකි.
මෙයට අමතරව කන්ටේනර් සිද්ධිය සම්බන්ධයෙන් කරුණු අනාවරණය කළ දේශපාලඥයන් ඇතුළු සෙසු පිරිස්ද ඉදිරි දිනවල කමිටුව හමුවට කැඳවා ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතය.
බහාලුම් තුන්සිය විසිතුනක් රේගුවෙන් පිට කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු සොයා බලා පාර්ලිමේන්තුවට තොරතුරු වාර්තා කිරීම සඳහා මෙම විශේෂ කාරක සභාව පත් කෙරිණ. පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාය.
කමිටුව පළමුවරට රැස්වූ දිනයේ සිට මාස තුනක් ඇතුළත සිය වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩු වැඩකරන්න ඕනෑ මෙහෙමයි. වංචා ගැන හෙලිකරන අයව මරලා නොවෙයි...
නාගානන්ද කොඩිතුවක්කු මහතා ට ඔය කන්ටේනර් සිද්ධිය පිළිබඳව හොදවටිනා සාක්ෂි ලබාදෙයි. අපි අගය කරමු.
කියන්න තියෙන හැම දේම සාක්ෂි ඇතුව කියලා ඉවර කරන්න.