අභාවප්‍රාප්ත වූ දමිතා සළුවඩන නිළියට අවසන් ගෞරව දැක්වීම සඳහා හැඳල, වත්තල සිට බොරලැස්ගමුවේ මල් ශාලාවකට ගිය සනෝජා බිබිලේ නිළියගේ කාරයේ වීදුරුව කඩා කාරයේ දොර ඇර රුපියල් ලක්ෂ 35 ක් වටිනා රන්බඩුද රුපියල් 30,000 ක් වටිනා ජංගම දුරකථනයද, රුපියල් 32,000 ක්ද අඩංගු අත් බෑග් දෙකක් රැගෙන පළා ගිය බව කියන සොරකු සොයාගැනීමට පොලිසිය පරීක්ෂණ ඇරඹීය.
සනෝජා ඇගේ සහෝදරිය හා පියා කාරයෙන් පැමිණි බවත් වැඩි ආරක්ෂාව සඳහා රන් භාණ්ඩ රැගෙන ආ බවත් ඔවුන් පොලිසියට පවසා ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජයෙන් මෙම මුදල් ලබා දෙන්න. ප්‍රශ්නේ ඉවරනේ. (බ)
ඔය වාහනේවත් ඔච්චර වටින්නේ නෑ (බ)
මහින්ද මහත්තය හිටියනම් රජය ගානේ මේ මුදල් දීලා. (බ)
පිස්සුද හැටිද මෙච්චර වටිනාකමකින් යුත් රන් හා මුදල් ඔහොම නිකන් එළිපිට අරන් යනවද බැංකුවක දාන්න එපැයි. අද කාලේ තාක්ෂණය තියාගන මොකද ඔච්චර සල්ලි අරන් යන්නේ. පිරිස ඉන්න තැනක මෙහෙම දෙයක් වුණේ කොහොමද (බ)
ඔච්චර ගණනක රන්බඩු තිබෙන්න කාරය ජංගම ස්වර්ණ මහලක්ද? (නි)
සොරා අල්ලා නැතිවූ භාණ්ඩ සොයාදීම පොලිසියේ යුතුකමක් (නි)
පලදින්නේ නැතුව කාර් එකේ නිකන් රත්තරන් බඩු ගෙන යනවා කියා ඇසුවාමයි. (ර)
තමන් සතු වස්තුව ආරක්ෂිත ස්ථානයක නොතබා වාහනයේ තබායාමේ විපාකය නොවේද මේ? (නි)
මධු, ඔය විදියට හිතන්න එපා. (ර)
දන්න කෙනෙක් තමයි වැඩේ කරන්න ඇත්තේ.(හේ)
තියෙන එක් කෙනෙක්ගෙන්නේ අරගෙන තියෙන්නේ. ඒ නිසා මට නම් කිසිම දුකක් නැහැ (නි)