
(ගයාන් සූරියආරච්චි සහ ආරියරත්න රණබාහු)
කොළඹ නෙළුම් කුළුණේ ඉහළ සිට බේස් පැනීමේ ඉසව්වට ඊ සහභාගිවූ විදේශ ජාතිකයකු පැරෂුටය ක්‍රියාත්මකවීමට ප්‍රමාදවීමෙන් පිම්ම වැරදී නෙළුම් කුළුණේ පහළ කොටසේ වැදී තුවාල ලබා පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසයි.
මෙසේ තුවාල ලබා ඇත්තේ 46 හැවිරිදි ඇමෙරිකන් ජාතික පුද්ගලයකු බව පොලිසිය පවසයි.
බේස් පැනීමේ ඉසව්ව ඊයේ (12) නෙළුම් කුළුණේදී ආරම්භ කෙරුණු අතර අද (13) දිනයේද එම ඉසව්ව පැවැත්වුණු බව පොලිසිය පවසයි.
එහිදී තුවාල ලැබූ ඇමෙරිකන් ජාතිකයා නෙළුම් කුළුණේ ඉහළ සිට බේස් පැනීමේ ඉසව්වට සහභාගිවී තිබූ අතර ඒ අතරවාරයේදී පැරෂුටය ක්‍රියාත්මකවීමට ප්‍රමාදවීම හේතුවෙන් බිමට පතිතවීමේ ඉලක්කය වැරදී නෙළුම් කුළුණ පහළ කොටසේ එම ක්‍රීඩකයා වැදීමෙන් පාදවලට තුවාල සිදුවීම හේතුවෙන් රෝහල් ගත කර ඇති බව පොලිසිය පැවසීය.
බේස් පැනීමේ ඉසව්ව අද (14) දිනයේත් පැවැත්වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැරශූට් හරියට වැඩ කරනවා ද නැද්ද යන්න කලින් සොයා බලල, ඔය වැඩ කරනවා නං හොඳයි .
විදේශිකයාට පැරෂුටයක් වත් තිබුණා, අපට වෙන්නේ නිකන්ම බිමට වැටෙන්න...!
නෙළුම් කුළුණ හදපු කෙනාගෙ පුතා ඉස්සෙල්ලා බිමට පන්නලා අවුලක් නැත්තං අනික් අය පැන්නුවා නම් හරි නේද?
ඔය කණුව හිටවන්න මුලින්ම ඕන උනේ මැදමුලන හැරමිටි මයිනාගෙ ගොබ්බ කොළුවා වන අනාගත ජනාධිපති වීමට දවල් හීන දකින නාමල් පැංචාය. මේකා දිවා ආහාරයෙන් පසුව ගොරව ගොරවා නිදියන විට මාර හීනයක් දැක්කලු. විගහට අවදි වුණු නාමල් නාම්බා ජනපති මයිනා ගෙ ඔපිසි කාමරයට කඩාවැදී, නිදි කිරමින් හිටපු මයිනා අවදිකර...." අප්පච්චි, ප්‍රංශය ලොක ප්‍රසිද්ධ උනේ පැරීසියේ තිබෙන අයිෆල් කුළුණ නිසාය. අපි ඊටත් වඩා උස කුලුණක් හදලා ප්‍රසිද්ධ වෙමු" කිව්වා....( මෙය සත්‍ය සිදුවීමක් බව සලකන්න) මයිනා ගෙ අතිජාත මිත්‍රයා වන ෂී ජින් පිං- පොං ගෙන් ගිනි පොලියට ණයක් අරන් හදපු එක තමා නාමල් නාම්බා කූළුණ කියන්නේ!!! අර ඇමරිකානුවා වෙනුවට නාම්බා පැරෂුටයක් නැතිවම යවන්න තිබ්බ නෙද??
කෙහෙල් රබුක් මාත් පිටරට ගිහිං පැන්නා.. මෙග පුතත් චූ කරන්න ප්ලේන් ඒකෙ දොර අැරල පනිනවා හා හා හා..
මම හිතන්නේ බදු ගෙවන්නන්ගේ මුදල් වියදම් කරන විදේශිකයන්ට රජයේ රෝහල්වල, එක්කෝ තුවාල වූවන් හෝ වෙනත් ආකාරයකින් අසනීප වූවන්ට ප්‍රතිකාර කිරීමට වැය කරන එකම රට ශ්‍රී ලංකාවයි. වෙනත් රටවල විදේශිකයන්ට ප්‍රතිකාර සඳහා මුදල් ගෙවිය යුතුයි. ඔවුන්ගේ රැකියා වීසා බලපත්‍රය වසර X ට වඩා අඩු නම් විදේශීය ශ්‍රමිකයන්ට ද මෙය අදාළ වේ. අපේ වියදමින් විදේශිකයන්ට සලකන්නේ ඇයි?
පැරෂුටය චෙක් කරන්න ඕන නැහැ.... පනින කෙනා තමයි චෙක් කොරන්ට ඕන... බයියෙක් නෙවෙ නම් අවුලක් නැහැ... බයියො නම් පන්නන්න එපා.. හාල් පොත වගෙ තියෙන චන්ද ටිකටත් කෙලවෙන වැඩක් ඕක..