(ඩයනා උදයංගනී)
ශ‍්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව වෙත නුදුරේදී ම භාර දීමට නියමිත කොළඹ නෙළුම් කුළුණ ව්‍යාපෘතිය වාණිජකරණ කටයුතුවලට යොදාගැනීම සඳහා රජය සතු සමාගමක් ස්ථාපනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
මේ වන විට අවසන් කර ඇති එම ව්‍යාපෘතියෙහි පහසුකම් ශ‍්‍රී ලාංකික ජනතාවට භුක්ති විඳීමට අවස්ථාව සැලසීම සඳහා මෙන් ම එය ව්‍යාපාරික කටයුතුවලට යොදා ගැනීම සඳහා කඩිනමින් වාණිජකරණ ක‍්‍රියාවලියක් ආරම්භ කළ යුතු බැවින් එම කටයුතු කළමනාකරණය කිරීම පිණිස මෙම සමාගම ස්ථාපනය කිරීමට නියමිතය.
එවැනි සමාගමක් ස්ථාපනය කිරීම සඳහා මහා භාණ්ඩාගාරයට බලය පැවරීමට ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ යෝජනාව මෙලෙස අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකත් වික්කා එහෙනං හිටං...
වෙනම සමාගමක් කියන්නේ තව වියදමක් නේද? මේක හදද්දී කිසිම අනාගත සැලසුමක් නොතිබුණු බවකුයි පෙනෙන්නේ.
මේවා මහජන දේපල.. වහල්ලු හිතන් ඉන්නේ රාජපක්ෂලාගේ කියලයි...
කවුරු හරි එකෙක් ඇති පින් පඩියක්දෙන්න ඕන වෙලා. ඔය සමාගමේ සභාපති විදියට පත් වෙලා එන්න.