(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දකුණු ආසියාවේ උසම ගොඩනැගිල්ල ලෙස සැලකෙන නෙළුම් කුළුණ ජනතා අයිතියට පත් කර ගත වූ මාසය තුළදී රුපියල් ලක්ෂ 900 ක ආදායමක් හිමිවී ඇතැයි නෙළුම් කුළුණ පෞද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී විශ්‍රාමික මේජර් ජෙනරාල් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා පැවසීය.
එය නැරඹීම සඳහා මෙරට සහ විදේශ ගත සංචාරකයන්165000 පැමිණ ඇතැයි ද ප්‍රධාන විධායක නිලධාරි වරයා කීය.
එකී ආදායම හිමිවී ඇත්තේ නැරඹීම සඳහා පැමිණෙන අය මිලදී ගත් ප්‍රවේශ පත්‍ර වලින් සහ එහි අභ්‍යන්තරයේ පිහිටි විවිධ ආයතනවලින් ලබාගත් පහසුකම්වලින් බව ප්‍රධාන විධායක නිලධාරීවරයා වැඩිදුරටත් පැවසීය.
එය ජනතා අයිතියට පත් කළ ඉකුත් සැප්තැම්බර් 15 වැනි දින පළමු දිනයේ දී විදේශිකයන් 21 දෙනකු ඇතුළු පුද්ගලයන් 2612 නැරඹීමට පැමිණ රුපියල් ලක්ෂ 15ක ආදායමක් ලබාගෙන තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර මයිත්‍රී කියපු විදියට හදන්නත් කලින් ගසාකෑම ලක්ෂ 20000 යි. ඒක අල්ලන්න මාස 22ක්වත් මෙහෙම යන්න වෙයි.
ඕකෙ හරි ආදායම වෙන්න ඕන ලක්ශ 9ක් විතර. ගාන හදපු හැටි කියන්නද. 21/2612*100= 0.8 ලක්ශ 900න් 0.8% කියන්නෙ දල වශයෙන් ලක්ශ 9.
ඕකේ මාසික වියදමයි, පොලිය සමග ණය වාරිකයයි කීයද කියලත් දාන්න...!
නෙළුම් කුළුණේ මාසික නඩත්තු වියදම් සේවක පඩිනඩි විදුලි බිල වගේ දේවල්වල වියදම් දන්න කෙනෙක් කියනවාද..? ඒ වගේම මේක හදන්න ගත්තු ණය වාරිකය ගැන අදහසක් තියෙනවද?
ඕකෙ ණය ගෙවන්න විතරක් දවසට කෝටියක් ඕනෑලු... මෙයාලා මේ බයිලා කියනවා.
ඇත්තටම මේකේ ආදායම බලන්න ඕනෑ වැටුප් හා සියලු දීමනාත් මෙහෙයුම් හා නඩත්තු වියදම් අඩුකිරීමෙන් පසුයි. කියන්න බලන්න ඒ කාලයේ වියදම් කොපමණද කියලා... ඇත්තටම අලාභයක් තියෙන්න පුළුවන්...!