මේ වන විට දැන්වීම් පනහකට ආසන්න සංඛ්‍යාවකට පෙනී සිට ඇත. ඊටත් අමතරව ගීත ඇල්බම සඳහා රූපරචනා රැුසකට රංගනයෙන් දායකව ඇත. නමුත් ක්ෂේත‍්‍රයේ බොහෝදෙනා නදීෂානි ගැන කතා කිරීමට පටන්ගත්තේ ”වරිග පොජ්ජ” චිත‍්‍රපටය සමගය. අද නම් ඇය ගැන බොහෝ දෙනා කතාවන්නේ, දෙරණ නාලිකාව ඔස්සේ විකාශය කෙරෙන ”කොම්බි” නාට්‍ය නිසාය. එතැන් සිට අපි ඇය සමග කතා බහකට එක්වෙමු.
නදීෂානි කියන්නද? නිලූක්ෂිකා කියන්නද?
ඒ දෙකම කියන්න.
ඔබ ගැන සඳහනක් කළොත්?
මගේ ගම පානදුර. ඉගෙන ගත්තෙ ශාන්ත ජෝෂප් බාලිකාවෙන් (පානදුර*. පවුලේ අම්මා, තාත්තා සහ අයියලා තුන්දෙනයි. මම බාලයා.
ඉගෙන ගත්තෙ මොනවගේ අරමුණක් ඇතිවද?
පාසල් යන කාලයේදී ඇත්තටම මම දක්ෂ වුණේ ක‍්‍රීඩා අංශයටයි. ඒත් එක්කම සහජ හැකියාවන් තිබුණා. වේදිකාවේ කෙරෙන දේවලට වගේම විවිධ අංශවලට හැකියාවක් තිබුණා. ඒ නිසා කවදාහරි ඒ අංශයකින් ඉදිරියට යන්න ඕනෑ කියලා හිතුවා. කලා අංශය තෝරා ගත්තෙ ඒ නිසයි.
පවුලේ එකම ගැහැනු ළමයා මේ විදියට සමාජගත වීම ගැන ගෙදර අය මොනවද කිව්වෙ?
අයියලා තුන්
දෙනා නම් එදා එච්චර කැමැත්තක් දැක්වූයේ නැහැ. විශේෂයෙන්ම ලොකු අයියා අකමැති වුණා. මේ ක්ෂේත‍්‍රයේ හැදෙන කටකතා ගැන ඒ අය බයවුණා. නමුත් අපි හරිදේ තෝරාගෙන හරි දේ කළා නම් ප‍්‍රශ්න ඇතිවෙන්නෙ නැහැ. මම අනුගමනය කළේ ඒ දේවල්. ඒ නිසා මට වැරදුණේ නැහැ. අම්මා අදටත් මගේ හෙවනැල්ල වෙලා මා එක්ක එනවා. අද අයියලා තුන්දෙනා වගේම තාත්තාත් සතුටු වෙනවා. මේ සියලූ දේවල් මම ගොඩනගා ගත්තෙ තනියම කිව්වොත් හරි.
ඒ කිව්වෙ?
පංතිවලට ගිහින් රංගනය ගැන, කලාව ගැන ඉගෙන ගන්න අවකාශය තිබුණෙ නැහැ. පංතිවලට ගිහින් රංගනය ගැන හදාරන්න තිබුණා නම් හොඳයි. ඒත් මට සිද්ධ වුණේ හැමදෙයකම ආභාෂය ලබමින් ගමනක් යන්නයි.
එවැනි වාතාවරණයක් රටේ තිබියදී ඇයි ඔබ රංගනයම තෝරා ගත්තෙ?
ඕනෑම කෙනෙකුට තමුන් කැමති දෙයක් ඇෙඟ් තියෙනවනෙ. ඉතින් මගේ කැමැත්ත තිබුණෙ මේ අංශයටයි.

ඇයි ඒ? එයින් ලැබෙන ජනප‍්‍රියත්වය නිසාද?
ජනප‍්‍රියත්වය කියන්නෙ එක දෙයක්. නමුත් ගොඩාක් අය ආදරය කරන අංශයක්. රංගනය කියන්නෙ තව කෙනෙක් සතුටු කරවන අංශයක්. මිනිස්සු සතුටු කරවලා පෙරලා ඔවුන්ගෙන් ලබන ආදරය ඇත්තටම වටිනවා. රංගනය කියන්නෙ ඇත්තටම වාසනාවක්. ඒකට වාසනාවත් තියෙන්න ඕනෑ.
ඒ කියන්නෙ කේන්දරය එහෙම බලල ද රංගනයට ආවේ?
ජ්‍යොතිෂය ගැන ටිකක් විතර දන්නවා. මොකද ”හිරු” ටී.වී. එකේ නිවේදනය කරද්දි, ඒ අංශයේ වැඩසටහන් කළා. හැබැයි කොහොමටත් මාස තුන හතරකට සැරයක්, අම්මා කේන්දරය බලන්න යනවා.
මොකක්ද කේන්දරයට කියලා තිබුණෙ?
දිදුලන තරුවක් වේවි කියලා තිබුණා. දැනට මං බොහොම පුංචි තරුවක් තමයි, ඉදිරියට දිදුලන තරුවක් වේවි.
ඇයි තරුවක් වෙන්න එච්චරටම ආසා?
මම හිතන්නෙ ප‍්‍රකාශ නොකළත්, ඕනෑම කෙනෙක් කැමති තරුවක් වෙන්නයි. හැබැයි හැමෝටම තරුවක් වෙන්න පුළුවනි. ඒත් දිදුලන තරුවක් වෙන්න හැමෝටම බැහැ. මේ තරු ගමන එන්න බොහෝ අයට අවස්ථා ලැබෙන්නෙත් අඩුවෙන්.
ඔබ කොහොමද අවස්ථා ලබාගත්තෙ?
මේක ඇත්තටම අහම්බයක් නෙවෙයි. හැබැයි මේ වෙනුවෙන් අමුතුවෙන් දේවල් කළෙත් නැහැ. ඉස්සරහට යද්දි අත්වැලක් අවශ්‍ය වෙනවා. ඒ වෙනුවෙන් හැදෑරීම අවශ්‍යයි. මේ දිනවල මම ප‍්‍රවීන රංගවේදී මහේන්ද්‍ර පෙරේරා මහතාගෙ රංග පාසලට යනවා. අඩියෙන් අඩිය පියවරෙන් පියවර ගියාම තව තව අවස්ථා ලැබේවි. ඒ ඔක්කෝටම වාසනාවත් බලපාන බව කියන්නම වෙනවා.
”කොම්බි” චරිතය ගැන කතා කළොත්?
සෑහෙන අභියෝගාත්මක චරිතයක්. මෙහි රූගත කිරීම් සිදුකළ දර්ශන තල පිහිටා තිබුණෙ අතිශය දුෂ්කර තැන්වල. ගාමිණී සිල්වා මහතා ඒ වෙනුවෙන් විශාල වෙහෙසක් ගත්තා. ටිකිරි රත්නායක මහතාගෙන් විශේෂිත සහයෝගයක් ලැබුණා. දවසක් අපි ෂූටිං කරමින් සිටියදී එක පාරටම මහා වැස්සක් ඇද හැලූනා. අපි හිටියෙ බඹරගල කන්ද අසල ගල්ගුහාවක් ඇතුළෙ. වැස්ස නිසා මහා රූස්ස ගහක් කඩාගෙන වැටුණා. අපිට එළියට එන්න විදියක් පවා තිබුණෙ නැහැ. එදා නම් අපි හොඳටෝම බය වුණා.
මේ කොම්බි කතාව ගැන කෙටියෙන් කිව්වොත්?
1818 කාලයේ සත්‍ය සිදුවීමක් අලලා කළ කතාවක්. මඩුගල්ලෙ නිලමෙ බලාපොරොත්තු වන්නෙ එයාගෙ බිරිඳගෙන් පුතෙක්. ඒත් එයාට ලැබුණෙ දුවක්. මඩුගල්ලෙ නිලමේ මේ දුවට අවුරුදු 22 ක් විතර වෙනකල් මූණවත් බලන්නෙ නැහැ. එයාට ඕනෑ වුණේ පරම්පරාව ගෙනියන්න පුතෙක්. ඊට පස්සෙ වෙන දේ මේ කතාව නරඹලාම දැනගන්න.
”නිළිකම” ගැන කොහොමද හිතන්නෙ?
එක එක්කෙනා එක එක විදියට හිතන්න පුළුවනි. නමුත් ඒක වාසනාවන්තම දෙයක්.
පසුගිය කාලයේ නිළියො නිළියන්ටම එරෙහිව වෙච්ච දේ අපට අහන්න දකින්න ලැබුණා. ඒ වගේ දේවල් ගැන හිතන්නෙ කොහොමද?
මට ඒ අත්දැකීම නැහැ. නමුත් ඒක හොඳ දෙයක් නම් නෙවෙයි. නිළිය හෝ නළුවා කියන්නෙ අපි එක පවුලක්. මොන දේ හෝ වේවා අපි ඒ පවුල ගෞරවයෙන් රැකගත යුතුයි.
2025 දෙසැම්බර් මස 16
78
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
877
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
616
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
‘නළු නිළියො ඔක්කොම එක පවුලක්’
දසුන් Monday, 10 November 2014 10:23 PM
බොහොම බුද්ධිමත්ව කතාකරන කෙනෙක් (නි)
රොෂාන් Tuesday, 11 November 2014 06:11 AM
ඔබ දක්ෂ රගපෑමක් කරන්නේ කොම්බි ටෙලියේ. සුබ පෑතුම්. සමහර පුයර බබාලාට ඔබ හොද අභියෝගයක්. (ස)