
(අමදෝරු අමරජිව)
නැගෙනහිර පලාත් මුදල්, ක්‍රම සම්පාදන අමාත්‍යංශ ලේකම්වරියට අයත් නිල රථය ඇගේ දියණිය පදවාගෙන යද්දි අනතුරකට ලක්විමෙන් පසු සිදුවු අලාභය කිසිදු විමර්ශණයකින් තොරව අදාල රක්ෂණ සමාගමෙන් පියවා ගැනිමට සුදානම් වන බව ඒම අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.
මඩකලපුවේ පෞද්ගලික ගමනක් යෑම සදහා ඇගේ දියණිය මෙම රථය පදවාගෙන යද්දි පිටුපසින් පැමිණි වාහනයක් නිල රථයේ වැදිමෙන් මෙම අලාභය සිදුවිතිබේ.
රථය පැදවු දියණියට වලංගු රියදුරු බලපත්‍රයක් ඇතත් රථය පැදවිම සදහා පලාත් සභාවේන් කිසිදු අනුමැතියක් ගෙන නැතැයි වාර්තාවේ.
නිල රියදුරා නොමැතිව නිලරිය පැදවිමෙන් රජයේ වාහනයක් අවභාවිතා කර ඇතැයි ද රියදුරා නොමැතිව නිල රියක් පැදවිම සම්බන්ධයෙන් කිසිදු විමර්ශණයක් මෙතෙක් සිදුවි නැතැයි වාර්තා වේ.
අණතුර සම්බන්ධයෙන් තක්සේරුකර ඇති අලාභය ලක්ෂ 17කට අධික මුදල පියවා ගැනිමට රක්ෂණ සමාගමට ලේඛන ඉදිරිපත්කිරිමේදි ලේකම්වරියගේ දියණිය රියදුරු ලෙස දක්වා තිබිමෙන් එම සමාගම පලාත් සභාවේ කාන්තා රියදුරන් බදවාගැනිමක් සිදුකර ඇත්දැයි සිදුකල විමසිමේදි මෙම කරුණු අනාවරණය විය.
මේ සම්බන්ධයෙන් කළ විමසුමකදි අමාත්‍යාංශ ලේකම් කලාමදි පත්මරාජා මහත්මිය පැවසුවේ අනතුර සිදුවන අවස්ථාවේ රථය පැදවුයේ රාජකාරි රියදුරා බවත් ඇගේ දියණිය රථය පදවා නැති බවයි.
මෙම අනතුර ඉකුත් අප්‍රේල් 16දා සිදුවි ඇති අතර අනතුර වසන් කර රථය සඟවා දින ගණනාවකට පසු එය අලුත්වැඩියාවට යොමුකළ අතරතුරේ අලාභය රක්ෂණ සමාගමෙන් පියවාගැනිමට යෑමේදි මෙම කරුණු හෙලිවි ඇත.
මේ සම්බන්ධයෙන් පලාත් ප්‍රධාන ලේකම් තුසිත පි.වනිගසිංහ මහතා ගෙන් කළ විමසීමකදී තමන්ටද මෙය ආරංචි වු බවත් ඒ සම්බන්ධයෙන් සොයා බලන කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රක්ෂණ සමාගමට ඩ්‍රයිවර් කවුද කියන එක අදාල නැහැ. ඩ්‍රයිවින් ලයිසන් එක තියෙන නිසා ගෙවීම් ප්‍රතික්ෂේප කරන්න බැහැ. ඕක පුද්ගලික ගරාජ් එකකට දැම්මා නම් ලක්ෂ 6 විතර ගදාගන්න පුළුවන්. කොම්පැනියට දැම්මොත් කෑලි ඔක්කොම දානවා.
මෙය එක සිද්ධියක් පමණි. මෙසේ ජනතා දේපල මේ නිලධාරීන් තමන්ගේ පෞද්ගලික සුඛවිහරණයට භාවිතා කරන්නේද. අද රට පත්ව ඇති තත්වයට දේශපාලකයන් සේම සමානව මේ දුෂිත රාජ්‍ය සේවකයන් ද වග කිව යුතුය.
මාධ්‍යයට විවෘත නොවන තවත් බොහෝ දේ ඇත. මෙය සරල නඩුවකි.
සියලුම ජනයා ඒකරාශි ව 225 කට ඇඟිල්ල දික් කරගෙන හිටියට ලංකාවෙ හොරකම , අවභාවිතය කියන්නෙ ඔඩු දුවපු තුවාලයක්. සනීප කරගන්න බැරිම තත්ත්වයෙන් තියෙන්නෙ
අන්තිමට අලාභය අතින් ගෙවලා නිල රථයේ රියදුරුට හිරේ යන්න උනත් පුදුම වෙන්න එපා.
රටේ සිදුවන මෙවැනි අවැඩ වලට උපරිම දඬුවම් දෙන්න ඕන.
දේශපාලකයන්ගේ දරුවෝ පවුල්වල අය කරන ඒවා දකිද්දී මේක ඉතාම සාමාන්‍ය දෙයක්.
අනේ ඉතින් මේවානම් මොනවාද.