නැගෙනහිර පළාතේ ඓතිහාසික වටිනාකමක් ඇති බෞද්ධ සිද්ධස්ථානවලට සහ බෞද්ධ භික්‍ෂූන් වහන්සේලාට අන්තවාදී කණ්ඩායම් වලින් නිරන්තර බලපෑම් එල්ලවන බවත් යුද හමුදා සහ නාවික හමුදාව ඇතුළු ආරක්ෂක අංශ නිසා තවමත් නොනැසී පවතින බවත් ඒ හිමිවරු කීහ.
තපස්සු භල්ලූක වෙළඳ දෙබෑයන් ලක්දිවට ගොඩබට ස්ථානයේ පුල්මුඬේ ප්හ්ට් අරිසිමලේ (ආසිරි කන්ද) ආරණ්‍ය සේනාසනයට නිතරම අන්තවාදී කණ්ඩායම්වල බලපෑම් එල්ලවන විහාරස්ථානයකි. මෙම ආරණ්‍ය සේනාසනය පිහිටි තැන ආරණ්‍ය සේනාසනාධිපති පනාමුරේ තිලකවංශ හිමියන් හා ඊට යාබද ව පිහිටි නාගලෙන වනසෙනසුන් වාසී කුරුකැටියාවේ සුදේවවංශ හිමියන් පැවසුවේ අන්තවාදී කණ්ඩායම් වල බලපෑම යම තරමකට හෝ අඩුව ඇත්තේ යුද හමුදාව සහ නාවික හමුදාව ආරක්‍ෂාවට සිටින නිසා බවයි.
නැගෙනහිර පළාතේ වෙරුගල්, කල්ලඩියේ පාෂාණ පබ්බත රජමහා විහාරාධිපති රත්නපුරේ දේවානන්ද කිත්ති හිමියන් පැවසුවේ නැගෙනහිර පළාතේ බෞද්ධ උරුමයන් රැුකීමට ස්ථිරසාර වැඩපිළිවෙළක් අත්‍යවශ්‍ය බවයි.
එල්ටීටීඊයේ ‘කොටිහඬ‘ ගුවන් විදුලියේ නැගෙනහිර සම්පේ‍්‍රෂණාගාරය පිහිටා තිබුණේ මෙම ස්ථානයේ ය. අඩි හැටක් උසැති එම සම්පේ‍්‍රෂණ කුලූන අදටත් එහි දක්නට ඇත. එහි මුදුනේ අද ඇත්තේ බුදුපිළිම වහන්සේ නමකි.
මීට මසකට පමණ පෙර දී මුතූර් හි ද පිහිටි බෞද්ධ විහාරස්ථානයකට ප‍්‍රහාරයක් එල්ල විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආගමික සිද්ධස්ථාන තියෙන්නේ මිනිසුන් යහමඟට ගන්න. ඒවා කුමන ආගමකට අයත් වුවත් ඒවාට අතතැබීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ. නීතියට පිටින් විසඳුම් සෙවීම ප්‍රශ්නය තවත් උග්‍රවීමක් පමණයි (නි)
යහපාලනය කියන්නේ සිංහලයන් යට කරමින් අනෙකුත් ජාතීන්ට රිසි සේ හැසිරීමට ඉඩදීම කියන එකද? දැන්වත් මේක තේරුම් ගන්න අපේ අයට බැරිද? (නි)
මේ බලපෙරේත සිංහල දේශපාලකයන්ට හෝ ඔවුන්ගේ අනාගත පවුල් පරම්පරාවට පාර්ලිමේන්තු යන්නත් සිංහලයන් ඉතුරුවිය යුතුය. ඔවුන් බඩගෝස්තරවාදිව පක්ෂය, බලය රැකගන්නට තැත්කරද්දී අපි අතේ තියෙන තුට්ටු දෙක වියදම් කරමින් වෙහෙසෙන්නේ සිංහල ජාතියේ අයිතිය රැකගැනීමටය. ඔබේ මසින් ලෙයින් වැඩෙන හැදෙන ඔබේ අනාගත පරම්පරාවේ අයිතිය රැකගැනීමටයි (නි)
මේවා රැක ගැනීම අපේ යුතුකමක්. (ර)
ඔන්න ජාතිවාදීන්ට හොඳ මාතෘකාවක්. අදහස් 500 ක්, පටන් ගමු. (ර)
රට වැසියනි මේවට කතාකරන්නේ බලාගෙන අපි අපේ රටට යනකොට අපිට යන්න වෙන්නේ ගෙදර නොවෙයි අහවල් දිහාට. දැන්නම් මේක සිංහල බෞද්ධ රටක් නොවේ. (බ)
බුදු දහමට එල්ලවෙන අරියාදු ගැන බොහොම නිහැඩි බවක් අත්තේ. (ම)
සිංහයා තවම නිදාගෙන ඉන්න නිසා ප්‍රශ්නයක් නැහැ. ශ්‍රී ලංකාවේ සාමය ඇති කරන්න ඕනෑ නම් දැන්වත් ඔය ජරා වැඩ නැවැත්විය යුතුයි.(ම)
ලසන්ත, මේ අන්තවාදය මුළු ලෝකෙටම ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ මේක තමා. දැන් අපේ රටෙත් පටන් අරන් මේවට කතා කලොත් ජාති වාදී කියල ලේබල් අලවන්නෙත් ඔයා වගේ අය. (ර)
අන්තවාදීන්ට ජාති ආගම් භේද නැහැ පුදුම කරදරයක්, ඉස්සර මෙහෙම නැහැ. (ර)
කෝ වෙනදට මෙතන අදහස් දක්වන කඩේ යන කට්ටිය? මේවා අර ඩුබායි මහත්තයට හෙම පෙන්නේ නෑ වගේ නේද? (ර)
දැන්වත් තේරුනොත් හොදයි. (ර)
හා හා ආගම්වාදය අවුස්සන්න එපා. කට කට! අපි ඕවා දන්නවා ඉස්සර ඉඳලම. කොහොමහරි රටත් ඉස්සරහට ගෙනියන්ට එපායැ. (නි)
හා හා ඕව වැඩිය කතා කරන්න එපා. සන්හිදියාවද මොකක්ද එක නැති වෙනවලු. පුදුම නිවට පාලකයෝ. මුස්ලිම් දෙමල ඕන කෙනෙක්ට ලංකාවේ ඕන තැනක ජීවත් වෙන්න පුළුවන්. එ්ත් සිංහලයට බැරිද ? ඇයි උතුරු නැගෙනහිර තියෙන්නේ වෙනම නීතියක්ද? පොලිසියටත් ගැහුවනෙ. තව මොන කතාද? අපේ පොලිස් පති තුමාගේ වැඩ බලාගන්න තිබුන දකුණේ මිනිහෙක් පොලිසියට ගැහුවනම්. නීතිය නවලම දෙයි නේද? (බ)
මේ රට දුර්වල කරන වැඩ පිළිවෙලක් දැන් ක්‍රියාත්මක වෙනවා. (හේ)
ඒවාට ඉඩ දෙන්නේ නෑ අපි ඉන්න කල්.(හේ)
සිංහලයන් යළි නැගී සිටිනු.(හේ)
ඇත්තටම කියනවනම් මෛත්‍රී ජනාධිපති තුමාට දන්නේ නැහැ මොකක්ද වෙන්නේ කියලා. (හේ)
කුමක්ද මේ වෙන්නේ.(හේ)
මේ දේට වගකිව යුත්තේ බලධාරින්.(හේ)
මේවාට වගකිව යුත්තේ කවුද?(හේ)
ප්‍රථමයෙන් අපරටේ බුදුදහාමත්,බෞද්ධ සිද්ධස්ථානත් ආරක්ෂා කරගන්න පියවර නොගන්නේ මන්දයි බෞද්ධයින්ට ලොකු පෙහෙළිකාවක්.ලංකාවේ සියළුම බෞද්ධ සිද්ධස්ථාන ආරක්ෂාකිරීම වගකීමක්.(හේ)
ආයේ සෙල්ලමක් කට්ටිය පටන්ගෙන වගේ.(හේ)
සංහිදියාවේ තරම තමි ඔය පෙන්න තියෙන්නේ......(හේ)
ඊළම දැන් ක්‍රියාත්මක වීගෙන යන බව සිංහලයින් අවබෝධ කරගත යුතුයි. ඇත්ත දැන්වත් ලක් ජනතාව හඳුනාගත යුතුයි (නි)
අනේ මන්දා රට යන අත මොකක්ද කියලා (නි)
රට වැනසෙන්නේ මෙවැනි දේවල් නිසයි (නි)
තව හොඳ හොඳ සෙල්ලම් තව ඉස්සරහට බලාගන්න පුලුවන් වෙයි (නි)
කීර්තිලා වගේ අය ඉන්නාතුරු අපේ රටට දෙවියන්ගේම පිහිටයි! (නි)
වසර ගණනක් සිට මෙම තර්ජන ගැන අපි කිවුවහම අපිව ජාතිවාදීන් විදියට හිතුවා. ලංකාවට වෙන්න යන දේ ලංකාවේ ඉන්න අයට වඩා අරාබියේ ඉන්න අපිට පේනවා (නි)
ගෝඨාභය මැතිඳු ආරක්ෂක ලේකම් වෙලා ඉන්න කාලේ මේවා ආරක්ෂා කළා. ඔන්න දැන් පේනවනේ යහපාලනයේ සංහිඳියාව රෙද්ද පල්ලෙන් බේරෙනවා කියලා. වගකිවයුත්තන්ට මීටවඩා වැඩ තියනවනේ. (නි)
සංහිඳියාව දෝරේ ගලනවා. මේ ඇරඹුමක් පමණි. මේවට කවුද වගකියන්න ඕනෑ? (නි)
සංහිඳියාව මුවාවෙන් අපේ රටේ ජාතිය ආගම නැතිවෙලා කවදාහරි බෞද්ධයන්ට රට දාලා යන්න වෙයි. සිංහල රටේ බුද්ධාගම නැතිවෙන එක දේශපාලුවන්ට පෙනෙන්නේ නැහැනේ (නි)
මේව කියන එකත් සංහිඳියාවට හොඳ මදි නේද? මේවා හිමිහිට විසඳාගන්න තියන ප්‍රශ්න. නැත්නම් සමහර දේශපාලකයෝ මේවායෙන් ප්‍රයෝජන අරගෙන ප්‍රශ්න ඇතිකරන්න බලනවා (නි)
ගෝඨාභය මැතිඳු ආරක්ෂක ලේකම් වෙලා ඉන්න කාලේ මේවා හෑරුවා මේවා කව්රුත් දන්නා දේවල්. හිනත් යනවා සමහර අයගේ අදහස් බැලුවහම (බ)
මේවට මුලින්ම වගකියන්න ඕනෑ අපිම තමයි. දැන් මේ රජයට බැනලා වැඩක් නැහැ (නි)
අපි නැවතත් අපේ උරුමය රැකගැනීමට වහාම පියවර ගතයුතුයි (නි)
අන්තවාදය කොහේ බැලුවත් රටට විනයකි. හැබැයි අපිට ඒවා මතක්වෙන්නේ මේවගේ ප්‍රශ්න වලදී පමණි. අපේ ඉඩම් එයාලා වැඩි මිලට ගන්නකොට ආසාවෙන් විකුණලා "අනේ ජාතිය ඉවරෝ" කියනවා. (නි)
ඇයි මේවට පියවර ගන්නේ නැත්තේ? තවත් ත්‍රස්තවාදයක් ඇතිවෙන්න ඉඩදීලා බලාගෙන ඉන්නේ ඇයි? (නි)
නිකන් නැති ප්‍රශ්න ඇතිකර ගන්න නම් එපා (නි)
ඔව්, අද බලන්න හම්බන්තොට දිස්ත්‍රික්කයේත් යාපනයේ දෙමළ අය 4000 කට වැඩිය ජීවත්වෙනවා. හැම සිංහල කියන ප්‍රදේශයකම දෙමළ මුස්ලිම් අය ඉන්නවා. පන්සල් ළඟ කෝවිල්, මුස්ලිම් පල්ලි කොච්චර හැදුනද? සිංහල අය ඒවාට විරුද්ධ වුණේ නැහැ. අද කොළඹ නගරයේ දෙමළ මුස්ලිම් ජනගහණය 73%යි. මේක තමා සත්‍යය. ඒගොල්ලන්ට අපේ ප්‍රදේශත් ඕනෑ. උතුර, නැගෙනහිරත් වෙනම අයිති කරගන්න ඕනෑ. (නි)
අන්තවාදී ක්‍රියාකාරකම් වලට එරෙහිව ලංකාවේ මොනවද කළේ? ඔය අන්තවාදීගේ ක්‍රියාකාරකම් නවත්වන්න ඕනෑ. (නි)
මෙවැනි පුවත් පළකිරීම ගැන ලංකාදීපයට ස්තුතියි! මොකද රටේ පාලකයෝ දැනගන්නෙත් පත්තරෙන්නේ (නි)
වගකිවයුත්තන්ට අපේ බෞද්ධ සිද්ධස්ථාන රැකගැනීමට උවමනාවක් නැද්ද? අපේ මුතුන් මිත්තෝ දිවිහිමියෙන් මේ දේවල් රැකගත් නිසා තමා අපි අදටත් මේ සිද්ධස්ථාන වන්දනාමාන කරන්නේ. මේ සංහිඳියාවෙන් බෞද්ධ අපිට සිදුවෙන්නේ කෙනෙහිලිකම් විතරමයි (නි)
අපේ සංහිඳියාව ගැන මහා ආඩම්බරෙන් උදේ හවා කතාකරන අය මේ පුවත පත්තරෙන් හරි දැකලා ඒ පැත්ත එයාලටම ලියාදෙයිද කියලයි මට සැක. (නි)
හොඳ හොඳ සෙල්ලම් තව ඉස්සරහට (නි)
සැබෑ සංහිඳියාවක් අවශ්‍ය නම් කළයුත්තේ ඒ ඒ ජාතීන්ට වෙන වෙනම පළාත් ඇති කරගන්න ඉඩනොදී හැම ජාතියක්ම කලවමේ පදිංචි කිරීමයි. සිංහල මිනිස්සු ඉන්නා දෙසක ඕනෑ ජාතියක කෙනෙක්ට විත් පදිංචි වෙන්න පුළුවන්. එ්ත් වෙන ජාතීන් ඉන්න පැත්තක එක සිංහලයෙක්ටවත් ඉන්න දෙනවද? සංහිඳියාව කියලා දෙන්න ඕනෑ සිංහල මිනිසුන්ට නොවෙයි. සංහිඳියාව කිය කියා මොනවද මේගොල්ලෝ මේ කරන්නේ. (නි)
මෙහෙම දේවල් වෙයි කියලා අපි කලින්ම කිවුවනේ (නි)
මේ සම්බන්ධයෙන් බලධාරින් අවධානය යොමු කළ යුතුයි.(හේ)
මේ සිංහල බෞද්ධ අයිතිය වෙනුවෙන් අදහස් දක්වන මහත්ම මහත්මීනි, මේ රටේ සිටින සිංහල කියන සමහර දේශපාලකයෝ බලය වෙනුවෙන් ඕනෑම සිංහල බෞද්ධවිරෝධී වැඩකට අසිංහල ජාතිවාදීන්ට ඉඩදෙන දේශපාලන බලපෙරේතයන්. ගමේ පන්සලේ හාමුදුරුවරුන්ගෙන් වැඩිම දෙනෙක් මේ සිංහල බෞද්ධවිරෝධී වැඩ ගැන සිතන්නේ නැහැ. ඇහැරෙන්නේ තමන්ගේ පන්සලට වැරදෙනකොට. බෞද්ධ සංගම් ලොක්කන් ගැනත් කියලා වැඩක් නැහැ. මට අහන්න තියෙන්නේ මෙපමණයි. මේ රටේ කෙරුමන් මර නින්දේද යන්න පමණකි. (නි)
ඒවාට කමක් නැහැ. (හේ)
ඉක්මනින් විසදුම් ඕනේ.(හේ)
මේ අපේ උරුමයන් රැක ගැනීමට රජය කටයුතු නොකරන්නේනම් වහාම ජනතාව මේ සදහා පෙළ ගැසිය යුතුය. (ර)
බලාගන සංහින්දියව බිඳෙයි ඕවට මුකුත් කියනවා එහෙම නෙවෙයි. (ර)
අනේ මන්දා මොනවා වෙන්න යනවද කියලා (නි)