ශ්‍රී ලංකාවේ නැගෙනහිර මුහුදේ තෙල් හා ස්වභාවික ගෑස් ගවේෂණ ටෙන්ඩරය ප්‍රංශයේ ටූටාල් සමාගමට දීමට යයි.
නැගෙනහිර මුහුදේ තෙල් ගවේෂණය කරන පළමු අවස්ථාව මෙයයි.
ඇමැති මණ්ඩලය මෙවන් තීරණයක් ගෙන ඇතැයි විදුලි බල හා බලශක්ති ලේකම් ඩී.එම්.එස්. බටගොඩ මහතා කියයි.
මේ අතර මන්නාරමේ ගෑස් හා තෙල් නිධි සෙවීමේ කාර්යයෙන් ඉන්දියාවේ කේන් සමාගම ඉවත් වීමත් සමග ටූටාල්, ෂෙල් හා එක්සන් මොබිල් සමාගම් ඉදිරිපත් වී සිටී. කෙරවළපිටිය හා කැලණිතිස්ස තාප බලාගාර වලින් විදුලිය නිපදවීම සඳහා ස්වභාවික ගෑස් යොදා ගැනීම රජයේ උත්සාහයයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් නයිජීරියාවක් නොවේවා මගෙ මව් බිම..(නදී)
මේ වැඩෙන් ඉන්දියාව ඉවත් වීම මා දකින්නේ හොඳ ප්‍රවනතාවයක් විදිහට. (නදී)
බොරු (නදී)
මේ මහා සම්පත ඉක්මනින් අරගෙන එහි ප්‍රතිලාබ ජනතාවට ලබාදිය යුතුයි , ඒවගේම මුළුරටම මහා මුදල් කාපු උන්ගෙන් ඇරගෙන ඉක්මනින් ගෙවා දැමිය යුතුයි (බ)
හැම ඡන්දෙ කාලෙකම ලංකාවේ තෙල් මතුවෙනවා. ඒත් ඡන්දෙ ඉවර වුනාම ඒ තෙල් නැතිවෙනවා. ආපහු තෙල මතුවෙන්නෙ ඊලඟ ඡන්දෙදි. (බ)
මොවුන් මේ අපේ රටට ඇති ආදරයටද කියා මෙහි සිටින අප හොඳින් දනිමු. නැවත අපේ ධනය සහ ශ්‍රමය සූර කන්නට දෙනවාද කියා බුද්ධිමත් ඔබ තීරණය කළ යුතුය. (බ)
කාලයක් මන්නාරම් බොක්කේ තෙල් තියෙනවා කියා කියා සද්ද දානවා, දැන් නැගෙනහිර තෙල් හොයන්න හදනවා, ලංකාවේ පොල් තෙල් ඇරෙන්ඩ වෙන තෙලක් නැහැයි කියල මෙයාලට තේරෙන්නේ නැද්ද? (නදී)
ලෝකයේ තෙල් නිධි පිළිබඳව මනා දැනුමක් , ප්‍රායෝගික දැනුමක් තිබෙන රටක් ප්‍රන්සය , ටෝටල් සහ එල්ෆ් වැනි සමාගම් මගින් අපේ රටෙත් තෙල් නිධි සොයා ගැනීම් සහ කැනීම් මොවුන්ගේ මාර්ගයෙන් කිරීම වාසි සහගත ක්‍රියාවක්. (ස)