(ඉන්දිකා රාමනායක)

නැගෙනහිර කොළඹ රෝහලේ (මුල්ලේරියාව රෝහල)  සිදු කළ හදිසි සෝදිසියකදි එහි සේවය කරන සුළු සේවිකාවකගේ ලොකරයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය පැකට් පහක් සහ ඒවා පැකට් කිරීම සදහා භාවිතා කරන උපකරණ කිහිපයක් සොයාගෙන ඇති බව මුල්ලේරියාව පොලිසිය පවසයි.

සොයා ගත් මත්ද්‍රවය හා එම භාණ්ඩ සිය බාරයට ගෙන මුද්‍රා තබා රෝහල් අධ්‍යක්ෂවරයා  ඊයේ (28) මුල්ලේරියාව පොලිසියට බාර දී ඇත.

රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රියන්ත කරුණාරත්න මහතා ඇතුලු වෛද්‍ය කාර්ය මණ්ඩලයේ කිහිප දෙනකු  මුල්ලේරියාව පොලිසිය වෙත පැමිණි මෙම භාණ්ඩ බාර දී පොලිසිය වෙත ප්‍රකාශයක් ද ලබා දුන් බව පොලිසිය පවසයි.

මෙම සේවිකාව අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම කරන බවට රෝහල් අධ්‍යක්ෂවරයාට ලද තොරතුරකට අනුව රෝහල් අධ්‍යක්ෂවරයා  වෛද්‍ය හා හෙද කාර්ය මණ්ඩලයේ පිරිසක් සමඟ අදාල සේවිකාවගේ ලොකරය විවෘත කර පරික්ෂා කිරීමේ දී ඒ තුළ තිබී අයිස් මත්ද්‍රව්‍ය හා උපකරණ සොයාගෙන ඇත.