බුත්තල කරවිල කොටුවේ නිදන් හාරමින් සිටි බව කියන දෙදෙනෙක් නිදන් හෑරීමට යොදා ගන්නා උපකරණ හා පූජා භාණ්ඩ ද සමග බුත්තල පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අඩි 30ක් පමන ගැඹුරට හාරා ඇති අතර එහි දෝනාවක්ද ඇත.
නිදන් ගැනීම සදහා වළ හාරද්දී හමුවූ විශාල ගල් දම්වැල් වලින් බැඳ ඇතුළට දෝනාවක් සේ වළ හාරා ඇත.
අත්අඩංගුවට ගත් භාණ්ඩ අතර පහන් මුහුදුවැලි, සුවද කුඩු, සුවද කූරු, දෙහි හා වල කැපීම සදහා උපයෝගී කරගන්නා ඉල්ලං කූරු උදළු ආදිය වේ.
සැකකරුවන් අතර අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික නිලධාරියෙක් ද සිටියි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශ්‍රාමික නිලධාරියෙක් උනාම කරන වැඩ මේවා නම් රැකියාව කරන කාලේ මොන විදියට වැඩ කලාද කියල හිතා ගන්න පුළුවන්. (දී)
ලොක්කන්ට අයිති දේවල් පොඩ්ඩෝ ගන්න ගියහම පොලිසියෙන් අල්ලනවා.(නදී_)
විජේ ,නියම කතාව (නි)
අනේ මේ ලුම්බිණි කට පියාගෙන ඉන්න සමහර අය ආරක්ෂාව ඇතුව ලංකාවේම නිදන් හාරනවා ඔයා ඇයි ඒවාට කතා නැත්තේ ඒවාට ඔයා බයද?(නදී)