ජනාධිපතිවරයාගේ දෙවැනි ධුර කාලය අවසන්වීමට පෙර ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කිරීමට ව්‍යවස්ථාවෙන් ඉඩක් නැති නිසා ඉක්මන් ජනාධිපතිවරණයක් නොපවත්වන්නැයි ඉල්ලමින් ජනතා විමුක්ති පෙරමුණ අද මැතිවරණ කොමසාරිස්ට ලිපියක් බාර දුන්නේය.
18 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් වත්මන් ජනපතිගේ නුසුදුසුකම ඉවත් කර නැතැයි ද ජවිපෙ ලේකම් ටිල්වින් සිල්වා මහතාගේ අත්සනින් යොමු කර ඇති එම ලිපියේ සඳහන්ය.
මෙම අවස්ථාවට ටිල්වින් සිල්වා, විජිත හේරත්, සුනිල් හඳුන්නෙත්ති, නීතිඥ සුනිල් වටගල, නීතිඥ ජානක අධිකාරී මහත්වරු ද පැමිණ සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විධායක ජනාධිපති ක්‍රමයත් , මනාප ක්‍රමයත් , නැති කළොත් මේ අයට යන එන මන් නැහැ.(හේ)
ඡන්දයට පුදුම බයක් කියන අයට තේරනේනේ නැද්ද අවුරුද 2 කින් අවශ්‍ය ඡන්දය දැන් තියන්න යන්නේත් බයට කියලා.(හේ)
මෙච්චර ආණ්ඩුව හොද නැත්නම්, රට අගාදයට යනවා නම් මොකටද තව අවු 2 ක් දෙන්නේ. බලය ගන්න පුළුවන්නේ. මේ අයගේ බොරුව තියෙන්නේ (නදී)
කවුරු කළත් වැරදි නම් වැරදියි තමයි (නි)
අපිනම් ඡන්දෙට බය නෑ. ඡන්දේ කලින් තියන්නේ බයේ වගේ මට පේන්නේ. (නදී)
"එයාලම තමා කියන්නේ ජනාධිපති හොඳ නැහැ කියලා.දැන් කියනවා තව අවුරුදු දෙකක් ඉන්න කියලා. " ඒවා ඔබට තේරුම් ගන්න අමරුයි. ඕවා ගැන හිතලා මොළය අවුල්කර ගන්නේ නැතුව ගිහිල්ලා ඡන්දේ දලා එන්න (නි)
මුතූ, තාම එයාට හොරකම් කරන්න චාන්ස් එකක් හම්බ උනේ නැහැනේ. මොකද අවුරුදු 20ක් විතරම විපක්ෂේනේ (නදී)
අපේ මිනිස්සු ඇත්ත දැනගන්නෙත් නැත. ඇත්තෙන් ඒ අයට වැඩකුත් නැත. ඔවුන් පුරුදුවී සිටින්නේ බොරුවටය. (නි)
වැරදි නම් කවුරු කළත් වැරදියි තමයි (නි)
මිනිසුන් ඇත්ත දැනගන්නා දිනට නිදහස් ලංකාවක් දකින්න ලැබේවි (නි)
ඔලිම්පික් එක වේලාසනින් තිබ්බොත් මොකද වෙන්නේ අනෙක් රටවල් ලෑස්ති වෙලාද (බ)
අවුරුදු දෙකකට පසු එන්න තිබෙන ජනාධිපතිවරණයක් කලින් තියන්නේ ඇයි කියලා හැමෝම දන්නවා... (නි)
සුනිල් මහත්තයෝ, රට ඔය කියන විදියට අාගාදයට ගිහින් නම් දුෂණ වංචා රජ වෙලා නම් ප්‍රජාතන්ත්‍රවාදය නැත්නම් මානව හිමිකම් නැත්නම් මිනිස්සු මේ රජය ප්‍රතික්ෂේප කරනවා නම් තව අවරුදු දෙකක් ඉදල මේක ඉතියෝපියාවක් සෝමාලියාවක් කරන්නේ නැතුව මේ ලැබෙන අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නකෝ. මොකටද තව අවුරුදු දෙකක් මේ රජය එපා කියද්දී දෙන්න හදන්නේ. දැන් ඉදිරිපත් වෙලා ජනතාව ගලව ගන්නකෝ. පව් කියල හිතෙනවා කට්ටිය ගැන. ජනතා විමුක්ති පෙරමුණේ එදා හිටපු නායකයෝ මේවා දන්නවා නම් මිනීවළවල් වලින් නැගිටලා ඇවිත් කට්ටියගේ කන් රත් කරනවා මේ කරන වැඩේට. බැරිනම් බැරිකම කියනවා මිසක් මේ මොන ලජ්ජා නැති වැඩක්ද මේ. (නදී)
තව අවුරුදු දෙකක් තියෙනවා ඡන්දෙකට.(හේ)
තව අවුරුදු දෙකක් හිටියොත් කන වේලත් නැතිවෙනවා.(හේ)
බයවෙන්න එපා. කලින් දේශනා කළ පොදු අපේක්ෂක මන්තර ජීවං කළාට වැඩේ හරියන්නේ නැහැ නේද? (නි)
නිසි කලට ජනාධිපතිවරණය පැවැත්වීම සිදුවුණොත් රජයට අවාසියි කියලයි මට නම් හිතෙන්නේ. ඒ වගේම නිසිකලට පෙර පැවැත්වීම විරුද්ධ පක්ෂවලට අවාසිදායක වෙයි. බලය අත ඇති අය හැමවිටම එය තමන්ගේ පැවැත්ම සදහා යොදාගැනීම කවදත් දකින්න ලැබුනා. නමුත් මෑතකාලීනව එය නුසුදුසු මට්ටමක පවතී යනු මගේ හැඟීමයි (නි)
මේ යන ක්‍රමයට කට්ටිය දන්නවා තව අවරුදු 2 කින් ලංකාව තනිකරම ඉතියෝපියාවක්,සොමලියාවක්,බන්ගලිදෙසයක් ,කෙන්නියාවක්,වෙනවා.(හේ)
එයාලම තමා කියන්නේ ජනාධිපති හොඳ නැහැ කියලා.දැන් කියනවා තව අවුරුදු දෙකක් ඉන්න කියලා. මොකටද හොඳ නැති කෙනා තව අවුරුදු දෙකක් තියාගන්නේ. මේවට තමා කියන්නේ හතර බිහිරි කතන්දර කියලා. මහත්වරුනි, එකක් මතක තියාගන්න. අද හෙට හෝ තව අවුරුදු දෙකකින් හෝ පහකින් හෝ ජනාධිපතිවරණය තිබ්බොත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා දිනනවා. එයට හේතුව තමා එතුමා කළ සේවය අපේ රටේ මිනිසුන්ට මතක තිබීම. (නි)
ඡන්දෙට පුදුම බයක්නේ තියෙන්නේ.(හේ)
ඉස්සර දරුවන් සමග වෙල් තුනම හොදට කාපු අපිට අද දවසට එක වේලක් කන්න දෙන්නත් හරිම අමාරුයි .මේ යන ක්‍රමයට තව අවරුදු 2 කින් කියන්න ඕනේ නැහැනේ.(හේ)
තව අවුරුදු දෙකෙන් ළග ඉන්න සේරම හැලෙනවා. (දිල්)
ඡන්දෙට බය නැද්ද? ඉන්දික, විශාල මහා නුවර තුන් බිය වගේනේ. (දිල්)
හොරකම් නොකිරීම අතින් රනිල් ඉදිරියෙන්, රනිල්ට ජය (නදී)
1971 ඉදන්ම මෙයලා ගොන් වැඩ තමයි කළේ. තාමත් ඒ වගේ (නදී)
රටක නීතිය නිසි පරිදි ක්‍රියාත්මක වීම අත්‍යවශ්‍ය දෙයක්. (නදී)
එරංග, ඉස්සර අපිට එක වේලක්වත් උයාගෙන කන්න නිදහසක් තිබුනෙ නැහැනේ. ඔයා ලංකාවෙ නෙවේද ඒ කාලේ හිටියේ. (නදී)
කොහොම හරි ආණ්ඩුවට බල කරලා බඩු මිල ටිකක් අඩුකරගෙන, අදිකරණ තීන්දුවකින් ඡන්දය කල් දමා ගන්න. එතන තමා ජනතාවට තාවකාලික හෝ ජයග්‍රහණයක් තියෙන්නේ. (නදී)