අද (6) පස්වරුවේ අල්ලස් හෝ දූෂණ කොමිසම මගින් අත්අඩංගුවට ගත් ඇවන්ගාඩ් මෙරිටයිම් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති සහ හිටපු මේජර් ජනරාල් පාලිත ප්රනාන්දු කොළඹ ප්රධාන මහේස්ත්රාත් ගිහාන් පිලපිටිය මහතා විසින් ඇප පිට මුදා හරිනු ලැබූහ.
එක් අයකුට මුදලින් රුපියල් දෙලක්ෂ පනස් දහස බැගින් ද, රුපියල් කෝටියක ශරීර ඇප හතරක් බැගින් ද නියම කැරිණි.
ලක්ෂ 355ක මුදලක් අයුතු ලාභයකට යොදා ගත්තැයි සැකපිට අත්අඩංගුවට ගත් ඔවුහු කොළඹ ප්රධාන මහේස්ත්රාත්වරයාගේ නිල නිවසට ඉදිරිපත් කරනු ලැබූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවන් රටක අපිත් ඉපදුනානේ. හරිම දුකයි. (නි)
බඩගින්නට පාරේ බතල අල ගළවපු අසරණයත් මාස 6 ක් හිරේට ගිය රටේ ලක්ෂ 355ක මුදලක් වංචා කරපු අයට ඇප ලැබෙනවා. ඉතින් හොරකම් කරන්න බය වෙන්නේ මොකටද? (නි)
රටේ ආර්ථිකය නංවන්න කියලා දුප්පත් මිනිස්සු කන පාන් කෑල්ලට, පරිප්පු ටිකට, හාල් ටිකට ගහන බදු ගැහිල්ල දැන්වත් නතර කරලා එම පාඩු සිද්ධකළ අයට දැඩි දඩුවම් දීලා ඒ මුදල් රාජසන්තක කරන්න. (නි)
ආටක නාටක බැලුවත් හිනා යන්නැති මට.. මේවා බැලුවාම නේ හිනා යන්නේ.. මේවා හොඳයි කොමඩි කැටගරියට (බ)
රටක් වටිනා මනුස්සයෙක්. මෙහෙම කෙනෙකුට අපහාස කරන්නේ ඇයි? (නි)
මේ ආණ්ඩුව නම් තනිකරම විනෝද සමයක්. (හැබැයි හිනා නොයන). රටට, ජනතාවට වැඩක් කරන්නේ කවදද?? (නි)
දැන් රටේ තිබෙන ලොකුම ප්රශ්නය මේකද?
මෙයාල හිරේ ගියත් ඉන්නේ ගෙවන වාට්ටු වල නිසා ඔය විදියට නඩු අසන එක හොදයි. (බ)
රටට විශාල විනිමයක් උපයාදුන් මොහු ගැන තතු හරිහැටි නොදත් අය මොනවා කිවුවත් අපි මොනවා කරන්නද? (නි)
උසාවියේ කිවිසුමක් ඇරිය කියලත් හිරේට දැම්ම නේද පහුගිය කාලේ ? මම ඉතින් නිකන් ඇහුවේ (බ)