වදුරඹ දී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රචාකර රැස්වීමක වේදිකාවට ගිනි තබන ලද සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටි තිදෙනා රුපියල් ලක්ෂ හතරක් බැගින් වූ ශරිර ඇප මත මුදා හැරීමට බද්දේගම මහේස්ත්‍රාත් චන්දිම එදිරිමාන්න අද නියෝග කළේය. ලක්ෂ හතරක ශරීර ඇප තැබීම ලක්ෂ දෙක බැගින් දෙදෙනකු විසින් කළ යුතුයැයි ද මහේස්ත්‍රාත්වරයාගේ නියෝගය විය. ඔවුන් පොලිස් අත්අඩංගුවේ සිටිය දී පැහැරගෙන යන ලදැයි සැකපිට අත්අඩංගුවට ගත් නිශාන්ත මුතුහෙට්ටිගම අමාත්‍යවරයා සම්බන්ධ නඩුව මේ වනවිට බද්දේගම උසාවියේ විභාග වෙමින් පවතී. ඇප මත මුදාහරින ලද තිදෙනාට වදුරඹ පොලිස් බල ප්‍රදේශයට ඇතුළු වීම මහේස්ත්‍රාත්වරයා තහනම් කළේය. නඩුව ජනවාරි 26 දිනට කල් තැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්නම් යහ පාලනයක් , අධිකරණයක්, නීතියක් නිකම් මිරිඟුව අස්සෙන් පෙනෙනවා නොපෙනෙනවා වාගෙයි. මගේ ඇස් දෙකේ වරදක් ද දන්නේ නැහැ. එහෙම වුනොත් කොච්චර හොඳ ද?(හේ)
නිශාන්තට තව ටිකක් පිස්සු නටන්න ලයිසන් එක දුන්නා එ්කයි ක්‍රමය.(නදී)
මෙම විනිසුරු තුමාට පළමුව ස්තුතිවන්ත වෙනවා , සාධාරණ තීන්දු ගැනීම ගැන පාට පක්ෂ නොබලා , ඔබ වැනි විනිසුරුවරුන් අද ලංකාවට අවශ්‍යයි.(හේ)