හිටපු ජනපති පුත් යෝෂිත රාජපක්ෂ පවත්වාගෙන ගිය කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක් (සීඑස්එන්) නාලිකාවේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂ නිශාන්ත රණතුංගගෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය අද (15) පැය පහ හමාරක් ප්‍රශ්න කළේය.
රූපවාහිනී සංස්ථාවෙන් කරගෙන ආ ක්‍රිකට් තරඟ විකාශනය සඳහා මෙම නාලිකාව ඇරඹූ අතර ඒ සඳහා වැඩිපුරම යොදාගෙන ඇත්තේ ජාතික රූපවාහිනිය සතු උපකරණ බවද කියති.
මෙම ආයතනය පිහිටුවීම නිසා අන්තර්ජාතික තරඟ විකාශනය වෙනුවෙන් රජයේ ආයතනයකට රුපියල් කෝටි ගණනක මුදල් අහිමි විය.
සීඑස්එන් ආයතනයේ මුදල් වංචා සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රශ්න කර ඇත.
‘මට හොඳට සැලකුවා. අවුරුදු කෑමත් දුන්නා‘ යනුවෙන් රණතුංග මහතා කටඋත්තර ලබාදීමෙන් පසු මාධ්‍යයට පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පසුගිය කාලයේ සමහර ආයතන වල අදිසි හස්තයන් සතුව තිබුණිද? (බ)