දේශීය පරීක්ෂණ යාන්ත‍්‍රණයක් තුළින් ශ්‍රී ලංකවේ වගවීමේ ක‍්‍රියාවලිය ශක්තිමත් කළ හැකි බව ඇමෙරිකාවේ විශ්වාසය යැයි දකුණු හා මධ්‍යම ආසියා කටයුතු පිළිබඳ ඇමෙරිකා සහකාර රාජ්‍ය ලේකම් නීශා බිස්වාල් ප‍්‍රකාශ කර ඇතැයි ඉන්දීයාවේ ප්‍රෙස් ට‍්‍රස්ට් ඔෆ් ඉන්දියා පුවත් සේවය වාර්තා කරයි.
ශ්‍රී ලංකාවේ සියලූ පුරවැසියන්ට සාමකාමී, සශ්‍රීක රටක් ගොඩනැගීම උදෙසා ඇමෙරිකාව කැපවී සිටින බවත්, සියලූ පුරවැසියන්ට සමාන අවස්ථා හිමිවන එවැනි ජන සමාජයක් බිහි කිරීම සඳහා සංහිඳියා ක‍්‍රියාවලිය අතිශයින් වැදගත් වන බවද ඇමෙරිකා සහකාර රාජ්‍ය ලේකම්වරිය සඳහන් කර ඇත.
ජනතා විශ්වාසය ගොඩනැගීම උදෙසා නව රජය වැදගත් කාර්ය භාර්යක් ඉටු කරමින් සිටින බව පෙන්වා දෙන ඇය වැඩිදුරටත් අදහස් දක්වමින් ප‍්‍රකාශ කොට ඇත්තේ පසුගිය වසර 9 තිස්සේ මෙරට සංහිඳියාව උදෙසා ගෙන ඇති ක‍්‍රියාමාර්ග වලට වැඩි යමක් වත්මන් රජය පසුගිය මාස 9 තුළ ඉටු කර ඇති බවය.
එසේම ශ්‍රී ලංකාවේ නව රජය , මෙරට පරිපූර්ණ ජන සමාජයක් ඇති කිරීමට සහ සංහිඳියාව ගොඩනැගීම උදෙසා නිවැරදි මාර්ගයේ ගමන් කරන බවද ඇමෙරිකා සහකාර රාජ්‍ය ලේකම්වරිය කියා සිටියාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුද්ධය තිබුනා නම් සංහිඳියාවක් කොයින්ද? (නි)
කාගේවත් පැසසුම් අපිට අවශ්‍ය නැහැ. එයාලා ඇමරිකාව ඇතුළේ වෙන දෙයක් හොයලා බැලුවා නම් තමයි හොඳ (නි)
ගිය නුවණ ඇතුන් ලවාවත් ආපසු අදින්නට නොහැක (නි)
ඇමරිකාව ඇතුලේ මොකුත් වෙන්නෑ... මානව හිමිකම් කැඩුනේ ලංකාවෙනේ (ම)
රටට සහයෝගය ලබාගන්න ඕනේ නම් ජ්‍යත්‍යන්තරය සමඟ හොද සම්බධතාවක් ඇති කරගත යුතුයි. නැතුව පස්ස පෙන්න පෙන්න ප්‍රතික්ෂේප කරන එක නෙමෙයි. (ම)
කියන කියන දේ කරනවා නම් ඔය ඔක්කොම ඉතින් පසසයි. ඒත් ඉතින් අපිට එහෙම කරන්න බැහැනේ (නි)
වැදගත් පුවතක් (නි)