නාවල විවෘත විශ්ව විද්‍යාලයයේ නීති පීඨාධිපතිනියට පිහියෙන් ඇන බරපතල තුවාල සිදු කළැයි කියන නීති ශිෂ්‍යයා ලේ සාම්පලයක් කොළඹ විශ්ව විද්‍යාලයයේ වෛද්‍ය පීඨයේ විෂ විද්‍යා පර්යේෂණායතනයට යොමු කළ බව කළුබෝවිල රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ දොස්තර ලයනල් මොහන්දිරම් මහතා කියයි.
වෛද්‍යවරයකු ද වන සැකකරු බොන්නට ඇතැයි කියන විෂ ද්‍රව්‍ය කුමක්දැයි හඳුනාගැනීමට එම පියවර ගෙන ඇත.
කළුබෝවිල රෝහලේ දැඩිසත්කාර ඒකකයේ සිටින ඔහුගේ තත්ත්වය අවධානම් බවත්, මෙතෙක් සිහිය නොලැබුණු බවත් ඔහු වෙන්ටිලේටර යන්ත්‍රයකට සම්බන්ධ කර ඇති බවත් රෝහල කියයි.
රිමාන්ඩ් භාරයේ සිටින ඔහු යාපන පලාලියේ පදිංචිකරුවෙකි. ඔහු කොළඹ කොටහේනේ තාවකාලිකව පදිංචිව සිටියේය.
නීති අංශාධිපතිනි යශෝධරා කදිරගාමර්තම්බි මහත්මියට පිහියෙන් අනිනු දුටු තිදෙනකුගේ සාක්කි පොලිසියෙන් සටහන් කරගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වරුණ ඔයා හරියටම හරි. ඒ තැන සිංහල කෙනක් හිටියා නම් මෙලහකටත් ජීනීවා ගිහින්. (නි)
මටත් ඔය වගේ අත් දැකීම් තියෙනවා ඕනෑතරම් . ( ඒවා මෙහි සටහන් කිරීම සමාජ ගැටළු ඇතිවීමට හේතුවන බැවින් නොලියමි ) හැබැයි මගේ මෝඩකමටද මන්දා , මම ගත්ත තීරණය වුනේ ඒ තැන් වලින් ඉවත්වන එක. අද මම ඉන්නේ ඇමෙරිකාවේ.ලංකාවේ නොවෙයි ලෝකයේ ඕනෑම රටක ඉගෙනීමට පමණක් නොවෙයි ජීවිතේ ඕනෑම ගැටලුවකදී ඒ සඳහා අපිට හොඳ සමබර පෞරුෂයක් තියෙන්න ඕනෑ. මිනිසුන් සමඟ කටයුතු කිරීම ජීවිතයේ එක කලාවක්. විෂය කරුණු නිපුනවීම හා මේ කලාව දෙකක්. ඒ තත්වයම තමයි ගුරුවරයාගේ පැත්තත්. හීනමානයෙන් හෝ මාන්නයෙන් පෙලෙන ගුරුවරුන් ඕනෑ තරම්. නැගිටින්න දෙන්නෙම නැහැ. ඒ නිසා විෂය සමගාමීව ජිවිත කලාව අපි ළමයින්ට කියලා දෙන්න ඕනෑ. දෙමව්පින් සහ ගුරුවරුන් දෙගොල්ලගෙම වගකීමක් මේක .මේ ජීවිත කලාව අවබෝධ නොකරගත් කෙනා සීමාවන් ඉක්මවා ගියවිට එක්කෝ තමාගේ එහෙම නැත්නම් අන් අයගේ ජීවිතයට හානියක් කරන්නන්ට යොමුවෙනවා. (නි)
දැන් නම් පෙන්නේ වෛද්‍යවරුනට හොදටම අභිමානේ දැනිල වගේ.(ස)
අනේ මන්දා.ඔතන මොකක්හරි ලොකු දෙයක් වෙන්න ඇති.ඔය කියන නීති අංශාධිපතිනි සමහරවිට සැර කෙනෙක් වෙන්න ඇති..කරන්නම දෙයක් නැති තැන අර තරුණයා පිහියෙක් කොටන්න ඇති..හදිසි කෝපය නිසා උන දෙයක්..(ස)
මෙය එක විශේශිෂිත සිදුවීමක් ලෙස සලකන්න. මුළු විශ්ව විද්‍යාල පද්ධතියටම ගරහන අයට අවස්ථාවක් නොදෙන්න. බොහෝ දෙනා ඉතාමත් වැදගත් ලෙස අධ්‍යාපනය හදාරා උසස් සේවයන් කරනවා වගේම පිස්සෝ ටිකකුත් ඉන්නවා.. (ස)
මේ මනුස්සය දොස්තර කෙනෙක් නේද අපරාදෙ රටට ලොකු වෑඩක් ගන්න තිබුන මනුස්සය ඉක්මන් කෝපය නිසා ඔක්කොම අවුල් කරගත්තා.(ස)
මේ මනුස්සයට දොස්තර කෙනෙක් වෙන්න පුලුවන් වෙන්න ඇත්තෙ විශ්වවිද්‍යාල වලට බදවා ගැනීමේ දී ලබා දෙන කෝටා ක්‍රමය නිසා. උතුරෙන් විශ්වවිව්‍යාල වලට තේරෙන්නෙ අවශ්‍ය වන්නෙ ඉතා අඩු ලකුණු ප්‍රමාණයක්. දකුනෙ දක්ෂයන් ගෙදර ඉන්න කොට උතුරට වැඩි අවස්තාවන් දීල බදවා ගත් අයගෙ බුද්දියේ තරම තමයි මේ. උතුරෙ ඉන්න මේ වගේ මිනිස්සුන්ටත් දොස්තරකම ලැබෙන කොට දකුනෙ සබෑ දක්ෂයො ගෙදර. ඒත් හැම තිස්සෙම කියන්නෙ උතුරට අසාධාරණයක් වෙනව කියල. (අ)
අපෝ මමත් කැම්පස් ඉන්න කාලේ අනින්න හිතුන අය ඕනෑ තරම් හිටියා. එයින් පළවෙනියා තමයි බෝඩිමේ ඇන්ටි. ලයිට් දාගෙන පාඩම් කරනකොට මේන් සුවිච් එක ඕෆ් කරනවා. කාමරේ වතුර උණු කරනවද බලන්න ජනේලෙන් එබිලා බලනවා. යාලුවෙක් කාමරේට ආවොත් මූණ උඩ අඹ පුපුරන්න පුළුවන්. අනෙකා තමයි කැන්ටිමේ අයිතිකාරයා. රට වටේ මුහුද තිබුනත් ලුණු ටිකක් දාලා කරියක් හදන්න බැහැ. පොඩි මාලුවෙක් බත් එකට දෙනවා. මාළුවාගේ බඩ කවදාවත් අයින් කරන්නේ නැහැ. මාළුවා කාපු හැමදෙයක්ම අපිත් කන්න ඕනෑ. (නි)
දොස්තර කෙනෙක් නිසා නිර්වින්දනය නොකර ශෛල්‍යකර්මයක් කරන්න හිතුනද දන්නේ නෑ.(ස)
මෙය ඉක්මන් කෝපයක් නොවේ. සැලසුම් සහගතව කළ පහර දීමක්. සමහර වෛද්‍යවරුන් බොරු සුවිශේෂත්වයක් ගෙන පම්පෝරි ගැහුවට ඔවුනුත් මේ සමාජයේම මුදලට රැකියාවක් කරන සාමාන්‍යය මිනිසුන්. සමස්ත සමාජයේම සිදුව ඇති පරිහානිය ඔවුන් තුලිනුත් පිලිඹිබු වේ. (නි)
හොද වෙලාවට දෙන්නම දෙමල උනේ. නැත්නම් මානව හිමිකම් ප්‍රශ්නයක්! (ස)
සහතික ඇත්ත සිඩිනි.(නදී)
මොකද දන්නේ නැහැ දොස්තරට ලෝයර් කෙනෙක් වෙන්න හිතුනේ (නි)
මේක ඉක්මන් කෝපය නෙවේ සැලසුම් සහගතවම සිදු කරපු ඝාතනයක්. පිහියක් අරන් කැම්පස් යන්නේ නැහැනේ. සුදානමකින්ම තමයි ඇවිල්ලා තියෙන්නේ අනින්න. පිහියක අවශ්‍ය තාවයක් නැනේ මෙයා කොහොමත් දොස්තර කෙනෙක් නේ. මාළු විකුණන මනුස්සයෙක් හරි රා මදින්නෙක් හරි උනා නම් කියන්න තිබ්බා ක්ෂණික කෝපෙට ඇන්නා කියලා. පිහියක් කොයි වෙලෙත් ලගමනේ.(නදී)