IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


නාවල කට්ටියත් වීදි බසී

පාඨමාලා ගාස්තු 40% කින් ඉහළ දැමීම, සිසු මර්දනය ඇතුළු කාරණා කිහිපයකට විරෝධය දක්වමින් නාවල විවෘත විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය එකමුතුව කොළඹ වෝර්ඩ් පෙදෙසේ පිහිටි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිටදී අද උද්ඝෝෂණය කළහ.

නාවල සිට ඔවුහු එහි ආහ. පෙත්සමක්ද බලධාරින්ට බාර දුන්හ. පොලිස් කැරළි මර්දන ඒකකයද කැඳවා තිබිණි. වෝර්ඩ් පෙදෙස පුරහල, කිංසි පාර අවට දැඩි රථවාහන තදබදයක්ද පැවතිණි.

RDS_1843 RDS_1869 RDS_1870 RDS_1890 RDS_1899 RDS_1929 RDS_1943 RDS_1954 RDS_1956



අදහස් (0)

නාවල කට්ටියත් වීදි බසී

ප්‍රභාත් Wednesday, 03 December 2014 10:01 PM

මමත් මේ විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ කෙනෙක්. මේක ඇත්තම හොඳම තැනක් ඉගෙන ගන්න දුප්පතුන්ට. මම මුලින් ගෙවූ ගාන වගේ තුන් ගුණයක් විතර දැන් වැඩියි. කරුණාකරලා මේකට බලධාරින් මැදිහත්වෙලා සාධාරණයක් ඉටුකරනවා නම් වටිනවා. දැන් තිබෙන ගණන් ළමයින්ට දරාගන්න බැරිතරම් වැඩියි. (නි)

:       0       0

දයා අලහකෝන් Wednesday, 03 December 2014 12:04 PM

පාලනයේ වෙනසක් අවශ්‍ය කාලය ඇවිත්. (ර)

:       0       0

ලසිත් Wednesday, 03 December 2014 12:10 PM

මේ ළමයින් දැනටත් යම් මුදලක් පුද්ගලිකව උසස් අධ්‍යාපනයට ගෙවන නිසා යම්කිසි සහනයක් ගැන සළකා බලන්න ඕනෑ කියන එකයි මගේ අදහස (නි)

:       0       0

නදුන් Wednesday, 03 December 2014 12:23 PM

සිසුන්ට සාධාරණයක් වියයුතුය (නි)

:       0       0

ලලිත් Wednesday, 03 December 2014 11:56 PM

නියමයි, මාස දෙක තුනක්වත් ඉගෙනගන්නේ නැතුව ඉන්න වෙනවා මේ ප්‍රශ්නයට. එල්ලාගෙන ඉන්න පටි, බැනර් එහෙම සියල්ලම රතුපාටයිනේ. (නි)

:       0       0

සිසිර රත්නපුර Wednesday, 03 December 2014 12:40 PM

විවෘත විශ්ව විද්‍යාලයේ ඉන්නේ දුප්පත් දෙමාපියන්ගේ දරුවෝ. මේ විදියට ගාස්තු වැඩිකළාම ඒ ළමයි අනාථ වෙනවා. වගකිවයුත්තනි, මේකට මැදිහත් වෙලා ළමයින්ට සාධාරණයක් ඉෂ්ට කරන්න (නි)

:       0       0

නලින් Wednesday, 03 December 2014 12:46 PM

මේ ළමයින් ඇත්තටම ඉගෙන ගැනීමට උවමනාව තිබෙන කට්ටිය නේද ? නැති නම් තමන්ගේ අතින් ගෙවා ගෙන ඉගෙන ගන්නේ නැහැනේ. මේ ගැන සලකා බලන්න ඕන. (ර)

:       0       0

ඉන්දික ගාලේවත්ත Wednesday, 03 December 2014 12:52 PM

ඇත්තටම මේ විශ්ව විද්‍යාලය දැම්මේ අඩු ගාස්තු යටතේ පාඨමාලා හැදෑරීමට. සැරසෙමු අපි නව යුගයකට (නි)

:       0       0

විජයබාහු Wednesday, 03 December 2014 01:27 PM

මේ කාලයේ තම ප්‍රේමදාස මහත්තයා ඉන්න තිබුණේ කියලා මට හිතුණා. කිසි වර්ජනයක් නැහැ. හොඳට ඉගෙනගනීවි කට්ටිය (නි)

:       0       0

බන්දුල පෙරේරා Wednesday, 03 December 2014 01:52 PM

ඉල්ලන දෙයක් දැන්මම ඉල්ලා ගන්න ළමයිනේ (නි)

:       0       0

සුසන්ත ‍ Thursday, 04 December 2014 02:33 AM

ජය වේවා! (නි)

:       0       0

ජනක Wednesday, 03 December 2014 02:23 PM

නලින්, එතකොට නිදහස් අධ්‍යාපනයෙන් නොමිලේ ඉගෙනගන්න අනෙකුත් රාජ්‍ය විශ්ව විද්‍යාල වල ළමයින්ට ඉගෙනගන්න උවමනාවක් නැද්ද? (නි)

:       0       0

කසුන් Thursday, 04 December 2014 04:00 AM

මේ විශ්ව විද්‍යාලයේ ළමයින්ට උද්දච්ච කමක් නැහැ. සමාජයේ අනෙක් අයව නුගත් ආදී වශයෙන් උපහාසයට ලක් කරන්නේ නැහැ . මුළු ලංකාවම තමන්ට ඉරිසියාවයි ආදී වශයෙන් පුහු ආකල්පත් නැහැ. ඒ නිසා මම මේ ළමයින්ට ජය පතනවා. (දිල්)

:       0       0

දිනේෂ් Thursday, 04 December 2014 04:04 AM

මාලඹේ අයට සහන දෙන්න නාවල අයගේ පාඨමලා ගාස්තු වැඩිකළා එපමණයි (දිල්)

:       0       0

කමල් Wednesday, 03 December 2014 03:05 PM

ජනක, අපේ රටේ උසස් අධ්‍යාපනය ලබන්න වරම හිමිවෙන්නේ සීමිත පිරිසකට. ඒ වරම නොලැබෙන උසස් අධ්‍යාපනය ලබන්න කැමති දුප්පත් අම්මා තාත්තාගේ දරුවන්ට ඒ හීනය සැබෑ කරගෙන රටට වැඩ ඇති උගත් පුද්ගලයෙක් වීමට තිබෙන තෝතැන්නක් තමයි විවෘත විශ්ව විද්‍යාලය කියන්නේ. ඒ ළමයින්ට සාධාරනයක් වියයුතුයි (නි)

:       0       0

ටිකිරි බණ්ඩාර Wednesday, 03 December 2014 06:22 PM

දැන්වත් ඉදිරිය ගැන හිතලා වැඩකළොත් හොඳයි. (නි)

:       0       0

තිලක් ඩුබායි Wednesday, 03 December 2014 06:24 PM

අවරුදු 2 කට කලින් රුපියල් 320 ට තිබුන යතුරුපැදි බලපත්‍ර ගාස්තු දැන් රුපියල් 750 ක් වෙලා.තවත් අපි ඉවසාගෙන ඉන්නේ කරන්න දෙයක් නැති නිසාමයි. (නි)

:       0       0

ටිකිරි බණ්ඩාර Wednesday, 03 December 2014 06:25 PM

මෙහෙම කාලයක් නම් මම මගේ අම්මා අප්පා කාලෙදිවත් දැකලා නැහැ. (නි)

:       0       0

ආටිගල Wednesday, 03 December 2014 06:26 PM

සිසුන්ට සාධාරණයක් ඉටුවිය යුතුයි (නි)

:       0       0

නලින් Wednesday, 03 December 2014 08:38 PM

ජනක , ඉගෙනගන්න කියල ඇවිල්ලා එතන සමහරු කරන වැඩ වල හැටියට එහෙම ඕනෑකමක් තියනවා කියලා අපිට නම් පෙනෙන්නේ නැහැ. දෙමාපියන්ගේ මහන්සියයි, මිනිසුන්ගේ බදු මුදලුයි ආණ්ඩුවේ කාලයයි ඔක්කොම නාස්තියි. මේ ළමයින් බහුතරයක් රැකියා කරන ගමන් තමන්ගේ උසස් අධ්‍යාපනයට වියදම් කරමින් කාටවත් බරක් නොවී ජීවත්වෙන්න වෑයම් දරනවා.මම නම් එහෙම දරුවන්ට සහයෝගය දෙනවා. (නි)

:       0       0

යසිරු Wednesday, 03 December 2014 11:32 AM

බයවෙන්න එපා නංගිලා මල්ලිලාට ඉල්ලන ඕන දෙයක් මේ කාලයේ ලැබෙන ග්‍රහ චාරයක් තියෙන්නේ. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 687 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 448 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site