පාඨමාලා ගාස්තු 40% කින් ඉහළ දැමීම, සිසු මර්දනය ඇතුළු කාරණා කිහිපයකට විරෝධය දක්වමින් නාවල විවෘත විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය එකමුතුව කොළඹ වෝර්ඩ් පෙදෙසේ පිහිටි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිටදී අද උද්ඝෝෂණය කළහ.
නාවල සිට ඔවුහු එහි ආහ. පෙත්සමක්ද බලධාරින්ට බාර දුන්හ. පොලිස් කැරළි මර්දන ඒකකයද කැඳවා තිබිණි. වෝර්ඩ් පෙදෙස පුරහල, කිංසි පාර අවට දැඩි රථවාහන තදබදයක්ද පැවතිණි.









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මමත් මේ විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ කෙනෙක්. මේක ඇත්තම හොඳම තැනක් ඉගෙන ගන්න දුප්පතුන්ට. මම මුලින් ගෙවූ ගාන වගේ තුන් ගුණයක් විතර දැන් වැඩියි. කරුණාකරලා මේකට බලධාරින් මැදිහත්වෙලා සාධාරණයක් ඉටුකරනවා නම් වටිනවා. දැන් තිබෙන ගණන් ළමයින්ට දරාගන්න බැරිතරම් වැඩියි. (නි)
පාලනයේ වෙනසක් අවශ්‍ය කාලය ඇවිත්. (ර)
මේ ළමයින් දැනටත් යම් මුදලක් පුද්ගලිකව උසස් අධ්‍යාපනයට ගෙවන නිසා යම්කිසි සහනයක් ගැන සළකා බලන්න ඕනෑ කියන එකයි මගේ අදහස (නි)
සිසුන්ට සාධාරණයක් වියයුතුය (නි)
නියමයි, මාස දෙක තුනක්වත් ඉගෙනගන්නේ නැතුව ඉන්න වෙනවා මේ ප්‍රශ්නයට. එල්ලාගෙන ඉන්න පටි, බැනර් එහෙම සියල්ලම රතුපාටයිනේ. (නි)
විවෘත විශ්ව විද්‍යාලයේ ඉන්නේ දුප්පත් දෙමාපියන්ගේ දරුවෝ. මේ විදියට ගාස්තු වැඩිකළාම ඒ ළමයි අනාථ වෙනවා. වගකිවයුත්තනි, මේකට මැදිහත් වෙලා ළමයින්ට සාධාරණයක් ඉෂ්ට කරන්න (නි)
මේ ළමයින් ඇත්තටම ඉගෙන ගැනීමට උවමනාව තිබෙන කට්ටිය නේද ? නැති නම් තමන්ගේ අතින් ගෙවා ගෙන ඉගෙන ගන්නේ නැහැනේ. මේ ගැන සලකා බලන්න ඕන. (ර)
ඇත්තටම මේ විශ්ව විද්‍යාලය දැම්මේ අඩු ගාස්තු යටතේ පාඨමාලා හැදෑරීමට. සැරසෙමු අපි නව යුගයකට (නි)
මේ කාලයේ තම ප්‍රේමදාස මහත්තයා ඉන්න තිබුණේ කියලා මට හිතුණා. කිසි වර්ජනයක් නැහැ. හොඳට ඉගෙනගනීවි කට්ටිය (නි)
ඉල්ලන දෙයක් දැන්මම ඉල්ලා ගන්න ළමයිනේ (නි)
ජය වේවා! (නි)
නලින්, එතකොට නිදහස් අධ්‍යාපනයෙන් නොමිලේ ඉගෙනගන්න අනෙකුත් රාජ්‍ය විශ්ව විද්‍යාල වල ළමයින්ට ඉගෙනගන්න උවමනාවක් නැද්ද? (නි)
මේ විශ්ව විද්‍යාලයේ ළමයින්ට උද්දච්ච කමක් නැහැ. සමාජයේ අනෙක් අයව නුගත් ආදී වශයෙන් උපහාසයට ලක් කරන්නේ නැහැ . මුළු ලංකාවම තමන්ට ඉරිසියාවයි ආදී වශයෙන් පුහු ආකල්පත් නැහැ. ඒ නිසා මම මේ ළමයින්ට ජය පතනවා. (දිල්)
මාලඹේ අයට සහන දෙන්න නාවල අයගේ පාඨමලා ගාස්තු වැඩිකළා එපමණයි (දිල්)
ජනක, අපේ රටේ උසස් අධ්‍යාපනය ලබන්න වරම හිමිවෙන්නේ සීමිත පිරිසකට. ඒ වරම නොලැබෙන උසස් අධ්‍යාපනය ලබන්න කැමති දුප්පත් අම්මා තාත්තාගේ දරුවන්ට ඒ හීනය සැබෑ කරගෙන රටට වැඩ ඇති උගත් පුද්ගලයෙක් වීමට තිබෙන තෝතැන්නක් තමයි විවෘත විශ්ව විද්‍යාලය කියන්නේ. ඒ ළමයින්ට සාධාරනයක් වියයුතුයි (නි)
දැන්වත් ඉදිරිය ගැන හිතලා වැඩකළොත් හොඳයි. (නි)
අවරුදු 2 කට කලින් රුපියල් 320 ට තිබුන යතුරුපැදි බලපත්‍ර ගාස්තු දැන් රුපියල් 750 ක් වෙලා.තවත් අපි ඉවසාගෙන ඉන්නේ කරන්න දෙයක් නැති නිසාමයි. (නි)
මෙහෙම කාලයක් නම් මම මගේ අම්මා අප්පා කාලෙදිවත් දැකලා නැහැ. (නි)
සිසුන්ට සාධාරණයක් ඉටුවිය යුතුයි (නි)
ජනක , ඉගෙනගන්න කියල ඇවිල්ලා එතන සමහරු කරන වැඩ වල හැටියට එහෙම ඕනෑකමක් තියනවා කියලා අපිට නම් පෙනෙන්නේ නැහැ. දෙමාපියන්ගේ මහන්සියයි, මිනිසුන්ගේ බදු මුදලුයි ආණ්ඩුවේ කාලයයි ඔක්කොම නාස්තියි. මේ ළමයින් බහුතරයක් රැකියා කරන ගමන් තමන්ගේ උසස් අධ්‍යාපනයට වියදම් කරමින් කාටවත් බරක් නොවී ජීවත්වෙන්න වෑයම් දරනවා.මම නම් එහෙම දරුවන්ට සහයෝගය දෙනවා. (නි)
බයවෙන්න එපා නංගිලා මල්ලිලාට ඉල්ලන ඕන දෙයක් මේ කාලයේ ලැබෙන ග්‍රහ චාරයක් තියෙන්නේ. (ර)