මාතලේ නාවුල දෙමද ඔය ප්‍රාථමික පාසලේ පන්ති තුනකි. පළමුවැනි ශ්‍රේණියේ එක් සිසුවෙක් ද තුන්වැනි ශ්‍රේණියේ එක් සිසුවෙක් ද පස්වැනි ශ්‍රේණියේ සිසුහු හතර දෙනෙක් ද උගනිති.
පාසලේ විදුහල්පතිනිය කල්‍යාණි මැණිකේ දිසානායක මහත්මියයි. තවත් ගුරුවරු තිදෙනෙක් උගන්වති. පාසලට ගුරු හිඟයක් නැත. එහෙත් බලවත් සිසු හිඟයකි. ගලේවෙල අධ්‍යාපන කලාප මායිමේ පාසල පිහිටියේය.
පාසල සිසු හිඟයකට මුහුණපා ඇත්තේ මවුපියන් වැඩි දෙනා යාබද නාවුල කලාපයේ පාසල්වලට දරුවන් යැවීමට වැඩි කැමැත්තක් දැක්වීම නිසා යැයි කියති. පහේ ශිෂ්‍යත්වයෙන් පහේ ළමයින් සිව්දෙනා එතෙර කිරීමට මේ ගුරුවරු සිව්දෙනා දැඩි වෙහෙසක් ගනිති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දොස්තරලා කී දෙනෙක් ඔය පාසල වටේ පදිංචිවෙලා ඉන්න ගමන් සුපිරි පාසල් ඉල්ලනවද දන්නේ නැහැ නේද? (නි)
මෙතරම් බාධා මැද්දේ වුණත් සිතේ ශක්තිය රැකගෙන මෙම දරුවන්ට අකුරු කරන ගුරු මාතාවන්ට අපේ ආචාරය! (නි)
වාසනාවන්ත දරුවෝ ටිකක්. කාටද එක්කෙනාට එක ගුරුවරයා ගානේ ඉගෙනගන්න අවස්ථාවක් ලැබෙන්නේ. (නි)
පුතාලා දුවලා කොහොමහරි හොඳට ඉගෙනගෙන ඉදිරියට ඇවිත් පෙන්වන්න. එතකොට ඔබලාට අකුරු කියා දුන්න ගුරුවරුන්ට ගොඩාක් සතුටු හිතෙයි.(හේ)
ඉතින් හොඳයිනේ. ළමයින්ට ගුරුවරුන්ගේ අවධානය හොඳින් ලැබෙනවනේ. (නි)
නගරයේ සුපිරි පාසල්වලට ගොස් අකුරු කරන්නට දුප්පත්කම හරස් වන්නට ඇතැයි සිතමි. මේ දරුවන්ට අත්වැලක් වන්නට කැමැත්තෙමි.ඔවුන් හා සම්බන්ධ විය හැකි මාර්ගයක් දක්වන්නේ නම් අගය කොට සලකමි. (හේ)