මෙවර මහ මැතිවරණයේ දී ඡන්දය අවලංගුවීමේ වැඩිම ප්‍රතිශතයක් වාර්තා වන්නේ වන්නි දිස්ත්‍රික්කයෙනි. ඡන්දය අවලංගුවීමේ අඩුම ප්‍රතිශතය වාර්තා වී ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයෙනි.
වන්නි දිස්ත්‍රික්කයේ ඡන්දය භාවිතා කළ 181,930 දෙනකු අතරින් 17,155 දෙනකුගේ ඡන්දය අවලංගු වී ඇත. එය ප්‍රතිශතයක් ලෙස සියයට 9 . 43 කි. යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රකාශිත ඡන්ද 325,805ක් අතරින් ඡන්ද 25,496ක් අවලංගු වී ඇති අතර එහි ප්‍රතිශතය සියයට 7 . 83කි. නුවරඑළිය දිස්ත්‍රික්කයේ ද ප්‍රකාශිත ඡන්ද 420,734ක් අතරින් ඡන්ද 32,788ක් අවලංගු ඡන්ද බවට පත්ව ඇත්තේ සියයට 7 . 79ක් අවලංගු ඡන්ද බවට පත්කරමිනි.
ප්‍රකාශ කළ ඡන්ද අතරින් අඩුම ඡන්ද සංඛ්‍යාවක් අවලංගු වූ දිස්ත්‍රික්කය බවට පත්ව ඇති ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව 639,318කි. ඉන් ඡන්ද 37,778 ක් හෙවත් සියයට 2 . 36ක් අවලංගු ඡන්ද බවට පත්ව ඇත්තේ වැඩිම වලංගු ඡන්ද ප්‍රතිශතය හිමි දිස්ත්‍රික්කය බවට ගාල්ල පත්කරමිනි.
මාතර දිස්ත්‍රික්කය එහි දෙවැනි තැනට පත්ව ඇත්තේ අවලංගු ඡන්ද සංඛයාව 2 . 59ක ප්‍රතිශතයක් බවට පත්කැර ගනිමිනි. මාතර ඡන්ද දායකයන් 623,818ක් ඡන්දය භාවිතා කරද්දී අවලංගු වී ඇත්තේ ඉන් ඡන්ද 12,692ක් පමණි.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන් 375,885ක් මෙවර මැතිවරණයේ දී සිය ඡන්දය භාවිතා කර ඇති අතර ඉන් ඡන්ද 10,056ක් අවලංගු වී ඇත. ඒ අනුව අවලංගු ඡන්ද ප්‍රතිශතය හම්බන්තොට දිස්ත්‍රික්කයේ 2 . 68කි.
මැතිවරණ කාර්යාලය පවසන්නේ සිය ඡන්දය සලකුණු නොකිරීම, ඡන්දය කුරුටුගෑම. පක්ෂ කිහිපයකට ඡන්දය ප්‍රකාශ කර තිබීම, ලකුණු කිරීම පැහැදිලි නොවීම ආදී විවිද හේතූන් මත ඡන්දය ප්‍රතික්ෂේප වන බවයි. මේ අතර හිතා මතා ඡන්දය අවලංගු කිරීම හා නොදැනුවත් බාවය මත ඡන්දය වැරදි ලෙස සලකුණු කිරීම ද මෙලෙස ඡන්දය අවලංගු වීමට බලපාන බව මැතිවරණ කාර්යාලය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩ බැරි වුණත් ගම ගාල්ලේ කිව්වලු. (ම)
අර කවුද කිව්වා වගේ, ශාක්ෂරතාවය හොඳයි, බුද්ධිමත්බාවය මදි. (නි)
දකුණු පළාතේ සාක්ෂරතාව වැඩිබව හිතන්න පුළුවන්. (ම)
එහෙනං කට්ටිය දැන දැනමයි දීලා තියෙන්නේ. මෝඩකමට බෙහෙත් නෑ කියලා කතාවක් තියෙනවානේ! (බ)
මේකෙන් පෙනෙන්නේ සාක්ෂරතාව ගාල්ලේ ජනතාවගේ වැඩි අතර බුද්ධිමත් මදි කමයි (ම)
ගාල්ලේ මිනිස්සු ඡන්දෙ දුන්නේ තමන්ගේ ගමට නගරයට වැඩක් කළ අයට (නි)
මගෙත් ගම ගාල්ලේ (නි)
ගම ගාල්ලේ කියන්නේ නිකන් නෙමෙයිනේ! (නි)
ඒත් ඔය පාර්ලිමේන්තුව පැත්ත පළාතෙවත් යවන්න බැරි අය ගාල්ලෙන් යවලා තියෙන්නේ. මමත් ගාල්ලේ තමයි. ඒ වුණාට හැමදේටම හරියි කියන්න අමාරුයි. (නි)
ඡන්ද අවලංගුවීමට ප්‍රධාන හේතුව ස්වාධීන කණ්ඩායම් ගණනාවක් ඉදිරිපත්වීම. ප්‍රධාන පක්ෂ තමන්ට දිනන්න බැරී දිස්ත්‍රික්කවලට විරුද්ද පක්ෂයේ ඡන්දටික කඩන්න තමන්ගේ පාර්ශව අතරින් තමා ස්වාධීන කණ්ඩායම් 1, 2, 3, 4, 5, වශයෙන් ඉදිරිපත්කරනවා. නුවර එලිය දිස්තික්කයේ ස්වාධීන කණ්ඩායම් දහයක් තිබුණා. වැඩි පිරිසක් අලියට ලකුණු කරලා මනාපය කියා හිතල ස්වාධීන කණ්ඩායම් අංකවලට ලකුණු කර තිබුණා (අ)
ගාල්ලේ ජන්ද දායකයෝ බුද්ධිමත් බව ප්‍රතිපල වලින් පේනවා .(ම)
"ගම ගාල්ල " කියන්නේ එකනේ (අ)
මමත් ගාල්ලේ. කියල වැඩක් නැහැ. ලංකාවෙන්ම මොඩම ඡන්ද දායකොයෝ ඉන්නේ ගාල්ලේ කියල බය නෙතුව ලියන්න පුළුවන්. (අ)
ගීතා කියන්නේ නිළියක්. එයා නිවැරදි නම් ලාංකිකයින් ඇයට වැරැද්දක් කියන්නේ නැහැ (නි)
ගාල්ලේ නුසුදුසු අයට ඡන්දය දුන් කට්ටියගේ ඡායාරූප මම දැක්කා මුහුණුපොතේ පළවෙලා තිබෙනවා (නි)
ගාල්ලේ අය නිවැරදිව ජන්දේ දුන්නාට නිවැරදි අයව පාර්ලිමේන්තු යැව්වෙ නැති බව පෙනෙනවා. ගම්පහ තිබුණ අම්බරු කප් එක මෙපාර ගාල්ලට ගෙනාවා. (ම)
ගීතා පත් වෙච්ච එකට බනින අයට දැන ගන්න කියන්නේ. ගීතා බැඳලා ඉන්නේ ගාමන්ට් ෆැක්ටරි තියෙන විදේශිකයෙක්. ගීතා ගම් වල පොඩි පොඩි වැඩ පුළු පුළුවන් හැටියට ඔලුව දාලා මොනවා හරි කරා. පහුගිය සතියේ අම්බලන්ගොඩ පන්සලකට මල් දාන්න එන්න හදපු සජින් වාස්ගේ හෙලිකොප්ටරෙට නගරසභා පිට්ටනිටයට ගොඩ බාන්න අවසර ලැබුනේ නෑ නගර සභාවෙන්. ගීතා මැදිහත් වෙලා තමයි කුඩා ප්‍රමාණයේ සැහැල්ලු ගුවන්යානයක් ගෙන්නලා චෛත්‍යට අහසින් මල් දැන්මේ. (අ)
පේනවා පේනවා ගාල්ලේ අය නිවැරදිව ඡන්දය පාවිච්චි කළ බව. (නි)
ගාල්ලේ වැඩ පුළුවන් අයත් දැන් ඉන්නවා නේද? (ම)
නිවැරදිව, වැරදි කෙනාට ජන්දේ දෙන්නත් එයාල දක්ෂයි !!!(ම)
එකනේ මොලේ තියෙන ගාල්ලේ ජනතාව මුතු, ගීතා පත්කළේ.(ම)
මැගි අක්කෙ ඔබ නොදන්නවට..ගීතා අක්කා ඇල්පිටියට හොදට වැඩ කරා..ස්වයං රැකියා විශාල ප්‍රමාණයක් තම පුද්ගලික ධනයෙන් දුන්න නිසා දිනුවා...(ම)
රමිත පන්සල් වලට ගුවන් යානාවලින් මල් දැමීම වැනි සෝබන වැඩ අත්‍යවශ්‍යද? පන්සල් වල අලි ඇතිකිරීම, ගුවනින් මල් දැමීම වැනි බොරු බහුබූත වැඩ අම්බලන්ගොඩට පුරුදු කලේ සජින් වාස් (නදී)
කතිරය නම් ගහන්න දන්නවා. හැබැයි ගහන්න ඕනෑ කාටද කියලා දන්නේ නැහැ (නි)
බෙන්තර පාලමෙන් එහා එහෙම තමයි (නි)
ගාල්ලේ අපිට ජයවේවා! (නි)