නුවරඑළිය උෂ්ණත්වය සෙල්සියස් අංශක 30 මට්ටම ඊයේ දහවල් කාලයේ දී සටහන්ව තිබුණි. මාසයක වැඩි කාලයක් නුවරඑළිය හා අවට ප‍්‍රදේශවලට වැසි නොලැබීම නිසා නුවරඑළියේ වගා බිම් විනාශ වෙමින් පවතී. ඒ සමඟම බොහෝ ස්ථානවල අඩි 15 ක් උසැති ගස් මැරී යාමේ තර්ජනයකට ලක්ව ඇත. නුවරඑළිය නගරය මැදින් ගලා යන නානු ඔය සිදී යෑමේ තර්ජනයකට ලක්වීම නිසා වික්ටෝරියා උද්‍යානය මැදින් කුඩාවට ගලා බසින දිය පාර දැඩි දුර්ගන්ධයක් මතුවීම නිසා උද්‍යානයට එන සංචාරක පිරිස් දැඩි අපහසුතාවයකට ලක්ව සිටිති.
වික්ටෝරියා උද්‍යානයේ මල් පාත්තිවලට ජල සම්පාදනය කොතෙක් කලත් උද්‍යානය පුරාම දැකගත හැක්කේ වියළි ස්වභාවයකි.
නගරයේ ඉහළ ගම්මානවලට ජලය සැපයීමේ දැඩි දුෂ්කරතාවයට මහ නගර සභාව ලක් වී ඇති බවක් පෙනෙන්නට තිබේ. ඇතැම් උස් ස්ථානවලට දින ගණනාවකින් ජලය ලැබී නැති බව පාරිභෝගිකයින් සඳහන් කරයි. එහෙත් දියඇලි සිඳී යාමේ තර්ජනයට ලක්වීම, ජල පෝෂක ප‍්‍රදේශවල ඇති වියලි භාවයක් පැවතීම පානීය ජලය බෙදාහැරීමේ දුෂ්කරතාවයක් ද ඇති බව පෙනෙන්නට තිබේ.
දැඩි වියළි ගතිය හේතුකොටගෙන කඳුකරයේ බොහෝ ස්ථාන ගිනිගැනීමට ලක් වු අතර, ඒවා වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව, පොලීසිය හා යුධ හමුදාව, සිවිල් ආරක්‍ෂක කමිටුවල සහයෝගය මත පාලනය කර ගත හැකිව ඇත. ශාන්තිපුර, කලාපුර ගම්මානයට ආසන්න නැවත වන වගාවක් තුළ ගිනිගැනීමක් පාලනය කිරීමෙන් පසු සිල්පර කොටන් කැපීම සඳහා වසර ගණනාවකට පෙර පරිසරයට එකතු වු යතු කුඩු පස් යට තිබී විටින් විට ගිනි ගැනීම වැලැක්වීම සඳහා වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් දැඩි වෙහෙසක් ගන්නා අයුරු දකින්නට ලැබුණි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකටත් ඉතින් මහින්දට තමයි බැනුම් අහන්න වෙන්නේ.(අ)
අපේ රටට මොකක්ද මේ වෙන්න යන්නේ... ඒ අස්සේ බලහල්ලකෝ අපේ පොලිසියේ ලොකු මහත්තයා ඉන්න සෝමාරි ලීලාව.(අ)
එක්තරා විදියකට මිනිසා සොබාදහමට කරපු විනාශයට සොබාදහමින් මිනිසාට පාඩමක් උගන්වල වගෙයි.(අ)
එකෙක් වැඩකරනකම් දෙන්නෙක් බලන් ඉන්න රටක් මේක (ම)
වනාන්තර ගිනි තියන කැලෑපාළුවන්ගෙත් තම ලෙයින් උපන් දරු පැටවු දූෂණය කරන තිරිසන් මිනිසුන් ඉන්න අපේ රටට දේව ශාපයක් වැදිලා (බ)
අපේ රටට නියග දුර්භික්ෂ කාලයක් ඇවිත්. (බ)
සොබාදහමට කරපු විනාශය (බ)
අපේ රටට විතරක් නෙමෙයි මේක හැමතැනම වෙන වෙනසක්. කොහොම වුනත් දැන් හැමෝම ගස් වවන එක, පරිසර විනාශය ගැන කතා කර කර ඉඳල වැස්ස ආපුවම ඔක්කොම අමතක කරලා පුරුදු විදියට වැඩ පටන් ගනීවි. ඕක තමයි ප්‍රශ්නේ. (බ)
නුවරඑළියට ඔහොම නම් අපේ පළාත් ගැන කුමන කතාද..(බ)
පාලනයට දෙවියොත් , සොබාදහමත් කම්පාවෙලා, තව ටික දවසකින් එළවලු කාළත් හමාරයි (බ)
විල්පත්තුවේ කරන වන විනාශයට ලැබෙන ප්‍රතිපල තමයි මේවා. ලංකාවත් කාන්තාර අරාබියක් වෙච්ච දට තමයි නින්ද යන්නේ. රජයක් වශයෙන් මේවා පාලනය කරන්න බැරිනම් ඇති වැඩක් නැහැ. (බ)
මහින්ද ජනපති,පැන්නූ නිසා මේ දේව සාපය,,රටට අද වනතෙක් කරපු සංවර්ධනයක්වත් නෑ,,රජයෙ භාන්ඩාගාරයෙත් සල්ලිත් නැලු,,,,අන්තිමට රටට හුලනුත් නෑ (බ)
මැලේසියාවේ ඉස්කෝලත් වහල (බ)